රතු රෝස මලක් (සමුගැනීමේ නවාතැන ටෙලිවෘතාන්තය, 1986)
මෙහි කතාතේමාව හදවත් රෝගයකට ගොදුරු වූ ගිටාර් වාදකයකු හා ඔහු මුහුණ දෙන සිදුවීම් වටා ගොඩනැගී තිබෙන අතර ජීවිතය තණ පතක් අග රැඳි පිනි බින්දුවක් මෙන් අස්ථාවර බවත්, අප කවදා හෝ සියල්ල හැරදා සමුගෙන යා යුතු බවත්, අපට පසක් කරනවා.
මෙය මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව රූගත කර ඇති අතර වරක් නුවර වැව ආශ්‍රිත දර්ශනයක් යෙදී තිබෙනවා. බෝට්ටුවකින් ගොස් එම දර්ශනය රූගත කරමින් සිටින අතරතුර හදිසියේම වැස්සක් කඩාපාත්වී තිබෙනවා. එවිට වැස්සෙන් බේරීමට නලුනිලි කණ්ඩායම වැව මැද තිබෙන දූපතට ගොඩබැස තිබෙනවා. පසුව එම දර්ශනය අවසන් කර editing room එකට ගිය පසු දුටු දේ නම් සේයාපටයේ පෙර දර්ශනයේ බෝට්ටුවේ ඉදිරිපස කුඩයක් නැති නමුත් පසු දර්ශනයේ කුඩයක් අඩංගු බවයි. එවිට ඔවුන් කර තිබෙන්නේ එම දර්ශනය random පුද්ගලයින් දහපහළොස් දෙනෙකුට නැරබීමට සැලැස්වීමයි. නමුත් ඔවුන් කිසිවෙකු එම කුඩය නිරීක්ෂණය කොට නැති නිසා එම දර්ශනය එලෙසින්ම විකාශනය කොට තිබෙනවා.
Last edited:
