දැන් ගොඩක් ෆෝන් shop වල තියෙන්නෙ "hand carry" කරල ගෙන්නුව කියල විකුණන, සාමාන්‍යයෙන් checking warranty/ 6 months warranty එක්ක දෙන ෆෝන්.
Authorized dealer company (Softlogic, Singer, Singhagiri......) වලින් ගන්නවට වඩා warranty නැතුව හරි මේවායින් ගන්න එක ලාබයි මොකද Authorized dealer price දෙගුණයක් විතර වැඩි නිසා. (මේ මිල වෙනසට හේතුව authorized company වලට ආණ්ඩුවට ලොකු tax ගෙවන්න වෙන එක කියල හිතනවා.)
මට තියෙන ප්‍රශ්නෙ hand carry කරල උනත් කොහොමද මෙච්චර ෆෝන් ගෙන්නන්නේ කියල. එක්කෙනෙක්ට උපරිම 5 වගේ ගේන්න පුළුවන් වෙයි ඕන නම්. හැබැයි ඊට වඩා ගොඩක් ෆෝන් මාසෙකට විකිණෙනවා.
එක්කෝ කවුරුහරි එක බුවෙක් custom එකත් අල්ලගෙන ෆෝන් ගෙනල්ල ලංකාව වටේම shop වලට බෙදනවද දන්නෙ නෑ

මොකද හිතෙන්නෙ මේ ගැන.