දැන්නම් අනුර කුමාරගේ අමුඩෙත් නැහැ!

monson

Well-known member
  • May 7, 2007
    25,109
    27,370
    113
    දේශපාලන වේදිකාවල "හොරු ඇල්ලීම" ගැන උදම් ඇනූ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන රජයට දැන් තමන්ගේම විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ වාර්තාව හමුවේ සැඟවී සිටීමට නොහැකිය. හොරු ඇල්ලීම සම්බන්ධයෙන් වන කැඩපතක් විගණකාධිපති වාර්තාව මඟින් අනුර කුමාර ජනාධිපතිපතිවරයා ප්‍රමුඛ රජයට එල්ල වී ඇත.
    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ මහා පරිමාණ දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව (Special Audit Report 2025/2026) මගින් හෙළි කරන්නේ හුදෙක් පරිපාලනමය අතපසුවීමක් නොව, ඉතා සූක්ෂමව සැලසුම් කරන ලද මූල්‍ය අපරාධයකි. සිවිල් සමාජය, විවිධ සංවිධාන සහ මහජන නියෝජිතයන් දිගින් දිගටම පෙන්වා දුන් කරුණු, සාක්ශි සහිතව මෙම වාර්තාව තුළින් ඔප්පු කර ඇත.
    මෙම වංචාවේ බරපතළකම තේරුම් ගැනීමට මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කෙහෙළිය රඹුක්වැල්ලගේ ඖෂධ මගඩිය සමඟ මෙය සසඳා බැලිය යුතුය. කෙහෙළියට එරෙහිව ඇති චෝදනාව රුපියල් ලක්ෂ 1,000 කි. නමුත්, මෙම ගල් අඟුරු ටෙන්ඩරයේ නිල අලාභය පමණක් රුපියල් ලක්ෂ 90,000 කි. එනම් කෙහෙළියගේ වංචාව මෙන් 90 ගුණයක විනාශයකි.
    විගණකාධිපති වාර්තාව මගින් තහවුරු කර ඇති ප්‍රධාන කරුණු 06 ක් පහත දක්වා ඇත.

    🔴
    1. නීතිය හෑල්ලු කළ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගේ ක්‍රියාන්විතය

    රජයේ ප්‍රසම්පාදන නීතියට අනුව ඕනෑම ටෙන්ඩරයකට ඉදිරිපත් වීමට සැපයුම්කරුවෙකු ලෙස පූර්ණ ලියාපදිංචියක් තිබිය යුතුය. නමුත් විගණනය හෙළි කරන්නේ ටෙන්ඩරය හිමි වූ සමාගම(Trident Chemphar ) එම ක්‍රියාවලිය ආරම්භ වන විටත් ලියාපදිංචි ගාස්තු පවා ගෙවා නොතිබූ බවයි. මෙවැනි නුසුදුසු සමාගම් තුනකටම ලංසු ඉදිරිපත් කිරීමට ඉඩ දීමෙන් පෙනී යන්නේ නීතිය රකින්නට සිටින නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය හිතාමතාම මෙයට මග පෑදූ බවයි.


    🔴
    2. දින 40ක සැලසුම් සහගත නිහඬතාවය සහ කෘතිම හිඟයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම

    ගල් අඟුරු ගොඩබෑමට හැකි වන්නේ වාරකන් තත්වය නිසා වසරේ නිශ්චිත කාලසීමාවක පමණි. විගණන වාර්තාවට අනුව, 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා වූ තීරණාත්මක දින 40ක කාලය තුළ එකදු ගල් අඟුරු නැවක්වත් ගෙන්වා ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම (LCC) අසමත් වී ඇත. මෙය හිතාමතා කළ ප්‍රමාදයකි. එමගින් කෘතිම හිඟයක් මවා පා, පසුව "හදිසි මිලදී ගැනීම්" (Spot Purchasing) යටතේ තමන්ට රුචි සමාගම්වලින් අධික මිලට බාල ගල් අඟුරු මිලදී ගැනීමට ඉඩ සලසා දී ඇත.

    🔴
    3. නැව් 18ක ගිවිසුමෙන් නැව් 12ක් පමණක් ගෙන්වීම

    අදාළ ටෙන්ඩර් කාලසීමාව තුළ නැව් වාර 18ක් සැපයීමට සැපයුම්කරු බැඳී සිටියද, ඔවුන් ලබා දී ඇත්තේ නැව් වාර 12ක් පමණි. සැපයුම 33% කින් අඩාල කළ මෙම සමාගම අසාදු ලේඛනගත කරනු වෙනුවට, යළිත් ඔවුන්ගෙන්ම හදිසි මිලදී ගැනීම් කිරීමට ලංසු තැබීමට ඉඩ දීම පිටුපස ඇති දූෂිත එකඟතාවය කුමක්ද? මෙලෙස සැපයුම අඩාල වීම නිසා ඇති වූ ජනන ඌනතාවය පියවීමට කිලෝ වොට් 114,531,131 ක විදුලියක් අධික පිරිවැයක් දරා විකල්ප බලශක්ති (ඩීසල්) හරහා නිපදවීමට සිදු වී ඇත.

    🔴
    4. Blacklist කළ යුතු සමාගමකට හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩර් පිරිනැමීම

    2026 මාර්තු 18 වන දින සිදුකළ හදිසි මිලදී ගැනීමකදී තෝරාගත් Taranjot Resources සමාගම, මීට පෙර මාස 36ක් පුරා බලාගාරයට අවශ්‍ය අවම තාප ජනන අගය (5,900 kcal) සැපයීමට අඛණ්ඩව අපොහොසත් වූ සමාගමකි. එවැනි අපොහොසත් සමාගමකට යළිත් බිලියන ගණනක ටෙන්ඩරයක් ලබා දීම පිටුපස ඇති දූෂණය පැහැදිලිය. මෙම සමාගමේ දේශීය ඒජන්තයා ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ව්‍යවසායකයෙකුගේ සමාගමකි.

    🔴
    5. කල් ඉකුත් වූ රසායනාගාර වාර්තා සහ තත්ත්ව පරීක්ෂණ වංචාව

    ගල් අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කළ PT Mitra SK Analisa Testama Samarinda ආයතනයේ බලපත්‍රය 2025 දෙසැම්බර් මස කල් ඉකුත් වී තිබුණද, 2026 මාර්තු දක්වාම එම අවලංගු වාර්තා මත පදනම්ව ගනුදෙනු කර ඇත. පැටවුම් සහ බෑමේ වරායන්හි වාර්තා අතර බරපතළ පරස්පරතා තිබියදීත්, කිසිදු විමර්ශනයක් (Background Check) සිදු නොකිරීමට බලධාරීන් වගබලාගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බාල ගල් අඟුරු නිසා සිදුවූ සෘජු ජනන අලාභය පමණක් රුපියල් මිලියන 2,237.7 කි.

    🔴
    6. පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයට කළ ගණනය කළ නොහැකි හානිය

    මෙම බාල ගල් අඟුරු දහනයෙන් පරිසරයට රසදිය එකතු වීම දිගුකාලීන පාරිසරික ව්‍යසනයකි. මිනිසුන්ට සහ සාගර ජීවීන්ට මෙයින් සිදුවන සෞඛ්‍යමය හානිය තවමත් ගණනය කර නොමැති අතර, මෙය හුදෙක් මූල්‍ය වංචාවකට එහා ගිය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි.

    කෙහෙළියට අපරාධ පරීක්ෂණ නඩු, අල්ලස් නඩු සහ මානව හිමිකම් නඩු පවරනු ලැබුවේ ඔහු නියෝජනය කරන ලද ආණ්ඩුවක් යටතේය. නමුත් රුපියල් බිලියන 90ක දැවැන්ත මූල්‍ය විනාශයකට සහ පාරිසරික අපරාධයකට වගකිවයුතු ජයකොඩිලා සහ LCC නිලධාරීන් අදටත් සුදෝ සුදු පුණ්‍යවන්තයන් ලෙස නිදැල්ලේ පසුවෙති. ඔවුන්ට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් නැත.

    විවිධ කණ්ඩායම් සහ පුද්ගලයන් දිගින් දිගටම මේ සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සහිතව චෝදනා කරද්දී පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදි "ප්‍රසම්පාදනය නීත්‍යානුකූලයි" කියා දිවුරා සපථ කළ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැන් කුමක් පවසන්නේද? "තමන්ට ලැබී ඇති කරුණු මත වංචාවක් වී නැත" යනුවෙන් නඩුකාර උන්නැහැගේ චරිතය රඟපෑ අනුර කුමාර ජනාධිපතිතුමා තවමත් සිටින්නෙ ඒ මතයේමද? තමන්ම පත් කළ විගණකාධිපතිවරයා දත්ත සහිතව හොරුන්ව හෙළි කර හමාරය. එමෙන්ම මෙතන පාඩුවක් සිදුව ඇතත් වංචාවක් සිදුව නැති බව ප්‍රකාශ කර ආණ්ඩුවේ පාර්ශවයන් සහ ආණ්ඩුව සේදීමට කටයුතු කරන පාර්ශව වලට මෙම ගල්අඟුරු ටෙන්ඩරයේ ලියාපදිංචියේ සිට හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය දක්වා සිදු කර ඇති චේතාන්විත අක්‍රමිකතා සහ ඩීල් හමුවේ සිය ගල්අඟුරු සේදීමේ ස්ථාවරය දිගටම පවත්වා ගෙන යා හැකිද?

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට දැන් ගල් අඟුරු හපා සිටීමට අවශ්‍ය නැත. හොරු ඇල්ලීමට බලය ඉල්ලූ ඔබ, දැන් තමන්ගෙ සන්තකයේ ඉන්නා හොරුන්ව රකින්නේද? නැතිනම් කූඩු කරන්නේද යන්න ඔප්පු කර පෙන්විය යුතුව ඇත. විගණන වාර්තාව මත පදනම්ව වහාම CID පරීක්ෂණ පවත්වා වගකිවයුතු ඇමතිවරුන් සහ නිලධාරීන් නීතිය හමුවට පමුණුවීමට ක්‍රියාමාර්ග ගන්නා තෙක් අප බලා සිටිමු. නැතහොත් තවත් එක් විකල්පයක් ද ඇත. කෙහෙළියට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනා මොහොතේ මෙන් කෙහෙළියව ශෝදා නිවැරදිකරු කිරීමට පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කිරීමට අවස්ථාවක්ද අනුර කුමාරගෙ ආණ්ඩුවට ඇත.
    කුමක් නමුත්, තමන්ගෙ නියම තරම, කතාව මෙන්ම ක්‍රියාවෙන්ද සුපේශල සහ අවංක බැව් පෙන්වීමේ ලිට්මස් පරීක්ශණය අනුර කුමාර ජනාධිපතිතුමා ඉදිරියේ දැන් ඇත.


     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    තමන් කෘෂිකර්ම ඇමති කාලේ තමන් යටතේ තිබු පොහොර සංස්ථාවේ වංචනික ලෙස කටයුතු කළ තම හිතවතාව ජාතික ලැයිස්තුවෙන් පාලිමන්ට් ගෙනෙල්ලා බිලියන ගණන් ගන දෙණු වෙන තැනක ඇමති කළා පමණක් නොව තව දුරටත් ඔහු ආරක්ෂා කරමින් ගල් අගරු සුදු කරන්නට උපරිම උත්සහ කිරීමම දෙන්නා හවුලේ ගේම් දෙන බවට මනාව ඔප්පු වෙයි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    ඩැම් වල තිබ්බ වතුර ඔක්කොම ඇරලා බොන්නවත් වතුර නෑ. එකල්ලා ගල් අගුරු ක්ශනික මිල දී ගැනිම් ටෙන්ඩර් දාල නේ ඔය වංචාව කරලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    මුන් පහුගිය ආන්ඩු වල මහාපරිමාන හොරා කැම් ඇල්ලුවොත් - අනාගතෙ එන කවුරු හරු මුන්ව අල්ලල පැලවත්තෙ අරමුදලම රාජසන්තක කරන්න ඉඩ තියෙනවා! එක ඔය කියනවාට වඩා දරුනු දෙයක්!

    එක නිසා හොරු ඇල්ලෙන්නෙ නැ නැ වගෙ! සරලයි!


    රාජපක්සලාට ඩෙසි ආච්චි දුන්නා! ජෙප්පන්ට යාලුවො දුන්නා!