G Grade 2023, 7.5mil උනා.
මේකෙ X, G, G Turbo සහ G Chrome Venture කියලා තමයි වර්ෂන්ස් එන්නෙ. 2WD, 4WD දෙකම එනවා. මම ගත්ත එක නම් 2WD නන් ටර්බෝ
වාහනේ ඇතුලෙ ඉදගත්තාම වාහනේ ලොකුයි වගේ දැනෙන්නෙ. මං හිතන්නෙ උන් ඩිසයින් කරලා තියෙන්නෙ ඒ ෆීලින්ග් එක එන්න. Crossover mini SUV එකක් හැටියට තමා ගැනෙන්නෙ.
Ground Clearance එක හොදයි. වැගන් ආර් එකට වඩා වැඩියි සෑහෙන්න. 190mm. තියනවා. ටයරුත් ලොකුයි. සයිස් 15 එන්නෙ.
G Grade නිසා ෆැක්ට්රි එකෙන්ම ඇලෝයි වීල් ඇවිත් තියනවා. X Grade එකේනං නෝමල් වීල්ස් එන්නෙ.
6 Airbags, ,ලයිඩාර්, හීටින් සීට්ස්, ක්ලයිමේට් කන්ට්රෝල්, මල්ටි ෆන්ක්ෂන් ස්ටීයරින්, කීලස් එන්ට්රි ඇතුලු ඔය දැන් එන වාහන වල එන කොමන් ෆීචර්ස් සේරම තියනවා. පිටිපස්සෙ සීට් කම්ෆර්ටබල් මදි. සහ ඇලකරන්න බැහැ
660 කෙයි මොඩල් එකක්
ඩයිහට්සු මීරා එකේ එන්ජින් එකම තමයි එන්ෙන.
අන්ඩ පවර් ගතියක් නම් දැනුනෙ නැහැ. පවර් බට්න් එකක් තියනවා ස්ටියරින් එකේ. ඒක ඔබපුවාම පිකප් එක ක්ෂණිකව වැඩිවෙනවා.
ඩිකියෙ ඉතිං වැඩි ඉඩක් නෑ. ස්පෙයා වීල් එකකුත් නෑ. පෙට්රල් එන්ජින් එකක්. ලග 20ක් විතර කරනවා කියලා පෙන්වනවා. දුර වැඩි ගානක් නෑ.
JDM නිසා ඉතිං ගූගල් ට්රාන්ස්ලේටර් එකේ පිහිටෙන් ඉන්ෆොටෙයින්මන්ට් සිස්ටටම් එකයි ඩෑෂ් බෝඩ් එකයි කියවගන සෙටින්ග්ස් ටික හදාගත්තා. ඉන්ග්ලිෂ් වලට කන්වර්ට් කරන්න බැහැ දෙකම.
ආහ් මූන් රූෆ් එකක් තියනවා. මම හිතන්නෙ ලංකාවෙ තියන කෙයි කාර් වල මේකෙ විතරයි මූන් රූෆ් එන්නෙ.
හාරදාස් ගානක් දුවලා තිබුනෙ.මම ඔක්ෂන් ෂීට් එක අරගන බැලුවා ඔන්ලයින්. සෙලර් ගාව තිබුන එකයි ඔන්ලයින් ගත්ත එකයි දෙකම සමානයි.
Auction Grade 5
ලොකු රිවීව් එකක් කරන්න තරං දුවල මදි. අඩුම 30000ක් වත් දුවන්න එපැයි හොද රිවීව් එකක් දෙන්න.
මගෙ අනිත් කාර් එක ලාන්සර් වැගන් එකත් එක්ක බලපුවාම ඉතිං ඩ්රයිව් කරන්න ලේසියි. ඉඩ අඩුයි. කම්ෆර්ටබිලිටි එකත් ෂේප්.
ඕව තමා ඉතිං විස්තර.