අශෝක රංවල කතානායකධූරයෙන් ඉල්ලා අස්වෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.

    ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.

    ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්. - https://www.hirunews.lk/390669/කථානායක-අසෝක-රන්වල-සිය-ධුරයෙන්-ඉල්ලා-අස්වෙයි-නිවේදන