දැන්නම් ඡන්ද ප්‍රතිපල එනවා වගේ මාලිමා JVP හොරකම් දවස ගානේ එළිවෙන්නේ

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ගනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කර මගින් මහා පරිමාණ බැඳුම්කර වංචාවක් සිදුව ඇති අතර එමගින් සිදුවන දිනක පාඩුව ලක්ෂ 500 කට වඩා වැඩි යැයි සමගි ජනබලවේගය දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මහා පරිමාණ බැදුම්කර වංචාවක් සිදුවී තිබෙනවා. 2030 ජුනි මාසයේ 01 වැනිදාට කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් වෙළඳ පොලේ පවතින පොළී අනුපාතයට වඩා අඩු පොළී අනුපාතයකට ගෙන තිබෙනවා. ඒ අනුව වෙළඳ පොළේ සියයට 10.12 පොළී අනුපාතයකට තිබියදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැදුම්කර මිලදීගෙන තිබෙන්නේ සියයට 9.75 ට. මේ මහා පරිමාණ මගඩිය පිටුපස සිටින්නේ සෝමදාස පලිහවඩන කියන රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක්. සෝමදාස පලිහවඩන රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම. මෙම පුද්ගලයාට ප්‍රසිද්ධ සමාගම් කිහිපයකට කොටස්වල හිමිකාරිත්වය තිබෙනවා. ඒ වගේම රජයේ බැඳුම්කර සහ සුරැකුම් මිලදී ගන්න ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයා සෝමදාස පලිහවඩන කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් මෙම පුද්ගලයාගේ මැදිහත්වීමෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000 ක් අඩු පොළී අනුපාතයකට මිලදී ගන්න කටයුතු කර තිබෙනවා.
මෙම ගනුදෙනුව හරහා සිදුවන දිනක පාඩුව ලක්ෂ 500 කට වඩා වැඩියි. ඒ අනුව මේ ආකාරයට අඩු පොළී අනුපාතයකට බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සිදුවන පාඩුව මිලියන 2000 කට වඩා වැඩි වෙනවා. මෙම පාඩුවට ජනාධිපති අනුර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සෘජුව වගකිව යුතුයි. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000ක් මිලදී ගැනීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව ගත් බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම රක්ෂණ සමාගම සතුව රටේ ජනතාවගේ මුදල් බිලියන 300 ක් තිබෙනවා. මෙවැනි සමාගමක් බංකොලොත් වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම මෙවැනි කටයුතු මීට පසුව සිදුවීමට ඉඩ නොදිය යුතුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරන්න කටයුතු කරනු ලබනවා.
ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මහරගම නගර සභාවට ජාතික ජනබලවේගයෙන් ඡන්දය ඉල්ලූ පුද්ගලයෙක් පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් භාණ්ඩාගාර බැඳුම්කර අඩු පොළියකට මිලට ගැනීම වැනි කූඨ
ගනුදෙනු තවත් සිදුකළ හොත් රක්ෂණ සංස්ථාව බංකොලොත් වෙනවා. මෙම සිද්ධිය සැලසුම් සහගත මූල්‍ය අපරාධයක් බව පැහැදිලියි. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මහරගම නගර සභාවට ජාතික ජනබලවේගයෙන් ඡන්දය ඉල්ලූ පුද්ගලයා පත්වුවාට පසුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සිටින අවුරුදු 15 ක් 18 ක් අද්දැකීම් තිබෙන සියලුම නිලධාරීන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වගේම අලුත් සභාපතිවරයා කිසිදු අද්දැකීමක් නැති පළපුරුද්දක් නැති නිලධාරීන් රක්ෂණ සංස්ථාවට පත් කරන්න කටයුතු කර තිබෙනවා.
- https://www.divaina.lk/main-news/74982

Last edited: