කබ්රාල් හිරේ යයිද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    1000085339.jpg

    ග්‍රීක් බැදුම්කර ගනුදෙනුවට අදාලව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා. විදෙස් ගමන් තහනම් පනවා, ඔහුට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගත හැකි නීතිමය පියවර ගණනාවක් අතින් මින් එකක්. මතක තබාගන්න, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ බැදුම්කර ගනුදෙනු ගණනාවකට සම්බන්ධ වී ඇති බව. අජිත් නිවාඩ් කබ්රාල් ගැන කියද්දී, අජිත් නිවාඩ් කබ්රාල්ගේ කබ්රාල් පවුල් ගහත් අමතක කරන්න බැහැ. ඒ ගැනත් අප කෙටියෙන් මෙහි සදහන් කරන්නම්.

    කෙසේ වෙතත් ග්‍රීක බැදුම්කර ගනුදෙනුව ඔහුට එරෙහිව පියවර ගැනීමට හොද ආරම්භයක්.

    මොකක්ද මේ ග්‍රීක බැදුම්කර ගනුදෙනුව? එතැනින් එහාට අජිත් නිවාඩ් කබ්රාල් බැදුම්කර වංචාවන්ට දායක වෙලා තියෙනවාද? ඒ මොනවාද? ඒවාට අදාලව කබ්රාල්ට පියවර ගන්න පුළුවන්ද?

    අපි මේ මොහොතේ විමසා බැලිය යුතුයි.

    අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා විදියට 2006 ඉදන් 2015 දක්වා දීර්ඝ කාලයක් කටයුතු කළා. එයින් පසු 2021 දී නැවත වතාවක් ඔහු මහ බැංකුවට ආවා. ග්‍රීක බැදුම්කර ගනුදෙනුව සිද්ධ වුණේ 2011 දි විතර. ඩොලර් මිලියන 30ක් විතර වටිනා මුදල්, ග්‍රීක රජයේ බැදුම්කරවල ආයෝජනය කළා. මෙය සිද්ධවුණේ ග්‍රීසියේ ආර්ථික අර්බුදයේ උච්චම අවධියකදී. ග්‍රීසිය බංකොළොත් වෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී, විශාල ණය අර්බුදයකට ග්‍රීසිය මුහුණදෙමින් සිටියදී.
    මෙම ආයෝජනය සිදු කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත, 2012 දී ග්‍රීසිය සිය බැදුම්කර ගෙවීම නවත්වලා බංකොළොත්භාවය ප්‍රකාශ කළා. එයින් පසු ග්‍රීසිය දැවැන්ත ණය කප්පාදුවකට ගියා. ඒ අනුව ශ්‍රී ලංකාවට දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිද්ධ වුණා. එහි වටිනාකම රුපියල් බිලියන 1.8ක් පමණ බව චෝදනා කෙරුණා. ඩොලර්වලින් ගතහොත් මිලියන ගණනක්. ඇත්තටම හරියටම සිදු වූ පාඩුව කෙතරම්ද කියා හරිහැටි ගණනය කර නැති තරම්.

    බොහෝ මහබැංකු මෙම බැදුම්කරවල ආයෝජනය නොකර සිටියදී, කබ්රාල්ලා ආයෝජනය කළේ වංචා සහගත අරමුණු ඇතිවයි. කබ්රාල්ගේ මෙවැනි ගනුදෙනු ගොඩක තවත් එක් කොටසක් විදියට මේක හදුන්වන්න පුළුවන්. මීට කලින් කොළඹ මහාධිකරණයේම මෙම සිදුවීමට අදාල නඩු ගොනු කළත්, එහි චෝදනා හරිහැටි ගොනු කරලා නැති නිසා ඔහුට බේරෙන්න හැකි වුණා. මෙවර අල්ලස් කොමිසම නඩුව හරියට කරගෙන යාවි කියා අපි බලාපොරොත්තු තැබිය යුතුයි.

    ඇත්තටම මෙතැන ප්‍රශ්නය මොකක්ද? ශ්‍රී ලංකා මහබැංකුව ආයෝජනයක් කළා. ඒ ආයෝජනය පදනම් විරහිත ආයෝජනයක්. ඒ ආයෝජනය නිසා, විශාල පාඩුවක් රටට සිද්ධ වුණා. අවුලක්. ඒත්, වැරදි ආයෝජනයක් කිරීම අපරාධ වරදක් වෙන්නේ කොහොමද? දූෂණයක් වෙන්නේ කොහොමද? මේ ග්‍රීක බැදුම්කර ආයෝජනය විතරක් නෙවෙයි, කොටස් වෙළ‍දපළේ ආයෝජන දක්වා බොහොමයක් වංචා කබ්රාල් කළේ ඔය වගේ තමයි. බැලූ බැල්මට පාඩු ලබන ව්‍යාපාර තීන්දුවක් විතරයි. පාඩුයි, හැබැයි අපරාධයක් නෙවෙයි. ඒත්, ඇත්තටම ඒ ආයෝජන කරලා තියෙන්නේ පාඩු ලබන බව දැන දැනම, පාඩු ලැබීමේ අරමුණින්මයි.

    ශ්‍රී ලංකා මහබැංකුවට ආයෝජනයක් කිරීමේදී ගයිඩ්ලයින් හෙවත් මූලික නීති රාමුවක් තිබුණා. ඒ අනුව, දීර්ඝකාලීන බැදුම්කරවල ආයෝජනය කිරීම සදහා අවම සුදුසුකම් තිබුණා. මූඩීස් රේටින් ආයතනයේ ඒ3 ශ්‍රේණිගත කිරීම හෝ ඊට ඉහළ අයගේ පමණයි ආයෝජනය කළ හැකි වුණේ. එහෙත්, මූඩීස්, ෆිච් සහ එස්ඇන්ඩ්පී කියන තුනම ග්‍රීසියේ ආර්ථිකය අවදානම් සහගත බව රේට් කරලා තිබුණා. මූඩීස් රේටින් එක තිබුණේ බී1 කියන මට්ටමේ. ඒ වෙද්දී ග්‍රීසිය 2008 ඉදන් එකදිගට ආර්ථික අර්බුදයට මුහුණදෙමින් හිටියේ. යුරෝපයම විතරක් නෙවෙයි, ලෝකයම ඒ බව දැනගෙන හිටියා.

    ඒත් ශ්‍රී ලංකා රජය ඒ සීමාවලට පිටින් ගිහිල්ලා බැදුම්කරවල ආයෝජනය කළා. ඒ පිළිබද 2011 වර්ෂයට අදාල, 2012 දී නිකුත් වූ විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ මෙහෙම සදහන් වෙනවා

    රටෙහි ආර්ථික අවපාතයක් පැතිරී පවතින සහ මිල නියම නියෝජිතායතන විසින් මිල නියමහන් පහළ හෙළන තත්වයකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අප්‍රේල් 05 දින මුහුණත අගය යුරෝ 30,000,000ක් සහ වෙළදපළ අගය යුරෝ 22,163,500ක ග්‍රීක රජයේ බැදුම්කරවල ආයෝජනය කර තිබුණි. පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 ජුලි 18 දින සහ 2011 නොවැම්බර් 23 දින පිළිවෙලින් යුරෝ මිලියන 5ක සහ යුරෝ මිලියන 10ක බැදුම්කර විකුණා තිබුණු අතර ඉන් යුරෝ 4,911,000ක අලාභයක් දැරීමට සිදු වි තිබුණි. ඉතිරි යුරෝ මිලියන 15ක ශේෂය සම්බන්ධයෙන් 2012 මාර්තු 12 දින ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලකට එළැඹී තිබුණි. එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2012 සැප්තැම්බර් 11 දක්වා ප්‍රතිව්‍යුහගතකරණ උපකරණ සියල්ල විකුණා තිබුණු අතර සමස්ත ගනුදෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 15.6ක පාඩුවක් සිදු ව තිබුණි. එසේ වුවත් 2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 430ක මුළු ලාභයක් ඉපයීමට හෝ සංචිත කළඹ මත 6.6ක ප්‍රතිලාභ අනුපාතයක් ලබාගැනීමට සැලසුම් කර තිබුණු බවද නිරීක්ෂණය විය.‘

    මෙතැනදී ලංකාවේ ආණ්ඩුවේ මුදල් වියදම් කරලා, මහජනතාවගේ මුදල් වියදම් කරලා බැදුම්කර මිලදී ගැනීමත්, වහාම ඒ බැදුම්කර විකුණා දැමීමත් කියන දෙකම වංචාවක කොටසක්. මාස කිහිපයක් යද්දී බැදුම්කරවලින් කොටසක් විකුණලා හමාරයි.

    ඉතිරි කොටස ණය ප්‍රතිව්‍යුහගතකරණයට හසු වුණා. ලංකාවේ දැන් ආණ්ඩුව වගේ නෙවෙයි, ග්‍රීසිය දැවැන්ත ණය කප්පාදුවකට ගියා. ඒ අනුව, ලංකාව ගත්ත ණයවලින් සෑහෙන කොටසක් හෙවත් සීයට 53ක් කපා හැරියා. එතැනදී තමයි රුපියල් බිලියන
    1.2573ක පාඩුවක් සිද්ධ වුණේ. මෙය දූෂණයක් වගේම සාපරාධී නොසලකා හැරීමක්.

    අජිත් නිවාඩ් කබ්රාල් මේ බැදුම්කර මිලට අරගෙන තිබුණේ බ්‍රෝකර්ස්ලා හරහා. මෝගන් ස්ටැන්ලි, ජේෆ්රීස් ඇන්ඩ් කොම්, රෝයල් බෑන්ක් ඔෆ් ස්කොට්ලන්ඩ් සහ කොමර්ස්බෑන්ක් ඒජී කියන ආයතනවලින් තමයි මේ බැදුම්කර මිලට අරන් තිබුණේ.

    එතකොට මේ ගනුදෙනුවේදී වාසි ලැබුණේ, ජාත්‍යන්තර බැදුම්කර අලෙවි කරන මූල්‍ය සමාගම්වලට. බ්‍රෝකර්ලාට. ඇත්තටම මේ රටේ පොදුජනතාවගේ සල්ලි වියදම් කරලා, ජාත්‍යන්තර මූල්‍ය බ්‍රෝකර්ලා එක්ක ඩිල් එකක් දාලා ‘ආයෝජනය කරනවා‘ කියලා අපේ රටේ මහජන මුදල් පාඩු ලබන සෙල්ලමකට දැමීමයි මේ කරලා තියෙන්නේ. ඒක පැහැදිලිවම අපරාධයක්. හැබැයි, තනි අතින් අප්පුඩි ගහන්න බෑ. කබ්රාල් කියන දූෂිත නිලධාරියා වගේම ගෝලීය මට්ටමෙන් රටවල්වල ණය අර්බුද මැද්දේ පිනුම් ගහන විනාසකාරී මූල්‍ය වෙළදපොළකුත් මේකට සම්බන්ධයි. පහුගිය කාලයක් තිස්සේ අපි මෙයාලාට කීවේ මිනී කාක්කන් කියලා. මිනී කාක්කන්ගේ වාසියට පොදුමහජනයාගේ මුදල් විනාස කර දැමීමයි කබ්රාල් කරලා තියෙන්නේ.

    මෙතැනදී සිද්ධවෙලා තියෙන්නේ ලංකාවට පාඩු ලැබෙන විදියට ග්‍රීසියේ බැදුම්කර මිලට අරගෙන ණය මුදලක් ලබා දීමයි.

    මීට අමතරව ලංකාවේ බැදුම්කර නිකුත් කරලා ණය මුදල් ලබා ගනිද්දීත්, මේ රටේ දේශීය බැදුම්කර වෙළදපළේ විශාල වංචා අජිත් නිවාඩ් කබ්රාල් සමයේ කරලා තියෙනවා. කබ්රාල්ලා වංචා කළේ ගෝලීය මූල්‍ය මිනී කාක්කන් එක්ක විතරක් නෙවෙයි. ඒ වගේම දේශීය මිනී කාක්කන් පවා ඉන්නවා.

    මේ රටේ කිසිම ආයෝජනයක් නොකර ධනවතුන් බවට පත් වූ මූල්‍යමය ක්ෂේත්‍රයේ ධනවතුන් කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය එක්ක කබ්රාල් ලගින් ගනුදෙනු කරපු බව බැදුම්කර ගනුදෙනු පිළිබද වෝහාරික විගණන වාර්තාවල සදහන් වුණා.

    කබ්රාල්ගේ සහෝදරියක් වන ශිරෝමි නොඑල් වික්‍රමසිංහ කබ්රාල්ගේ කාලයේ පටන් ප්‍රාථමික ගැනුම්කරුවෙක්ව සිටි, පසුකාලීනව මහා බැදුම්කර වංචා දෙකට සම්බන්ධ වූ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්ෂවරියක් විදියට වැඩ කළා. ඇගේ සම්බන්ධතාවෙන් තමයි පර්පෙචුවල් කියන මිනී කාක්කා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුවෙක් විදියට රිංගලා ලංකාවේ ආර්ථික දේහයේ මස් කන්න පටන් ගත්තේ. බැදුම්කර වංචාව සිද්ධ වෙද්දීත් කබ්රාල්ගේ සහෝදරිය ශිරෝමි පර්පෙචුවල් එකේ අධ්‍යක්ෂවරියක් විදියට හිටියා.

    මීට අමතරව අමල් කබ්රාල්, ශිබානි රේණුකා තම්බයියා, ධාරා විජේතිලක, රනෙල් ටී විජේසිංහ, ගජන් දේවේන්ද්‍රන් ඇතුළු අය ඔය කාලයේ මූල්‍ය සමාගම්වල වැඩ කළා. එවැනි මූල්‍ය සමාගම්වල අය වගේම කබ්රාල්ගේ පවුල් ගහට සම්බන්ධයක් නැති සමාගම් පවා ඔය කාලයේ වංචනික බැදුම්කර ගනුදෙනුවල නිරත වෙමින් රුපියල් කෝටි 1047ක පාඩුවක් කරලා තියෙන බව බැදුම්කර පිළිබද වෝහාරික ගනුදෙනුවලින් හෙළි කළා

    ඔය අපි කීවේ ආණ්ඩුව ණය ගනිද්දී හෙවත් බැදුම්කර නිකුත් කරද්දී වෙච්ච පාඩුව. ඒ විතරක් නෙවෙයි, ඔහු කොටස් වෙළදපොළේ සමාගම්වල සේවක අර්ථසාධක අරමුදලේ සල්ලිත්, ඔය වගේම පාඩු ලබන බව දැන දැන ‘ආයෝජනය‘ කළා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගණනාවකට වාසි අත්වෙන විදියට රස්සාවක් කරපු මිනිස්සුන්ගෙ සේවක අර්ථසාධක මුදල් ‘ආයෝජනය‘ කරපු ඔහු ඒ සල්ලි රජයට පාඩුවකුත්, දූෂිත ව්‍යාපාරිකයන්ට ලාභයකුත් ඇති වෙන විදියට ගනුදෙනු කළා.

    මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් වෝහාරික විගණනයකින් සාක්ෂ්‍ය සහිතව සනාථ කරලා තියෙනවා. මේ පිටිපස්සේ ඉන්නේ හුදෙක් මහබැංකුවේ හිටපු අධිපතිවරයෙක් විතරක් නෙවෙයි, මූල්‍ය ව්‍යාපාරික ජාලයක් ඉන්නවා.

    ඇත්තටම ලංකාවේ වංචා දූෂණ කියන එක තියෙන්නේ ඔතැන. ඔය රාජ්‍ය ආයතනවල ව්‍යාපෘතිවලින් කරන කොන්ත්‍රාත්වල කොමිස් ගැහිලි මොනවාද කියලා හිතෙනවා මූල්‍ය වෙළදපොළේ විවිධ ආයෝජන, බැදුම්කර, ණය ආදී ගනුදෙනුවල කරලා තියෙන ගැහිලි දැක්කාම. වැඩේ කියන්නේ ඒ මහ හොරු තක්කඩි ඉන්නේ කෝට් ඇදගෙන. ලංකාවේ ටීවී චැනල්වලට ඇවිත් ආර්ථිකය පවත්වාගෙන යන හැටි උපදෙස් දෙන ‘විද්වතුන්‘ බොහොමයක් නඩත්තු වෙන්නේත් ඒ හොරුන්ගේ වුවමනායවට. කොටින්ම කීවොත් ඒ දූෂිත වළල්ලේ සමහරු දැන් ලැජ්ජා නැතිව එළිපිටම වත්මන් ආණ්ඩුවට රට කරගෙන යන හැටි ගැන උපදෙස් දෙනවා.

    ඒ නිසා! ග්‍රීක බැදුම්කර වංචාවට අදාලව කබ්රාල් වගේ චරිතයක දඩුවම් කිරීම යහපත් වන නමුත් ඉන් එයාට මේ ලංකා ඉතිහාසයේ මූල්‍ය වෙළදපළේ සිද්ධවෙච්ච මහා පරිමාණ සුදු කරපටි හොරකම්වලට දඩුවම් ලැබේවිද කියන එක සැකයක්.

    ඒ වෙනුවට ලංකාවේ මිනිස්සුන්ගෙ සල්ලි, මූල්‍යමය මිනී කාක්කන්ට වාසි වෙන විදියට ග්‍රීක් බැදුම්කරවල ආයෝජනය කරන එක තරමටම ලංකාවේ මිනිස්සුන්ගෙ සල්ලි මූල්‍යමය මිනී කාක්කන්ට යට කරන විදියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් කිරීමත් අපරාධයක් විත්තිය මතක තියාගන්න වේවි.

    ඝානාව ඩොලර් බිලියන 4ක ණය
    කප්පාදුවක් ගනිද්දී, අපේ ණය කන්ද ඩොලර් බිලියන 17 සිට 19ක් දක්වා වැඩිකරන විදියටත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය මූල්‍ය මිනී කාක්කන්ට වාසියක් ඇති කරන විදියටත්, හිටපු ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ආයතනවල බලපෑමට යටවෙමින් මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියනවා. ඒක ග්‍රීක බැදුම්කරවල ආයෝජනය කිරීමට එහා ගිය මූල්‍ය පාඩුවක් රටට ඇති කරන වැඩක් බව සිහිතබාගත යුතුයි.

    Source : What News
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    View attachment 239227

    invest කරන්න කලින් මූ due diligence කරලා කලානම් කරන්න දෙයක් නෑ. ඌට ඒක ඔප්පු කරන්න විතරයි තියෙන්නෙ. ඒත් අනිත් පැත්තෙන් කට්ටියට පුලුවන්නම් මූට වෙන පැත්තකින් සල්ලි හම්බුනා කියලා පෙනන්න එතකොට මූට කෙල වෙනවා.

    ඒත් මට හිතෙනවා ලොන්තයන්ට හප හප ඉන්න මූව මඩවයි කියලා සෑහෙන කාලයක්. අවුරුදු 5ක් දුවන්නත් එපයි බන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    invest කරන්න කලින් මූ due diligence කරලා කලානම් කරන්න දෙයක් නෑ. ඌට ඒක ඔප්පු කරන්න විතරයි තියෙන්නෙ. ඒත් අනිත් පැත්තෙන් කට්ටියට පුලුවන්නම් මූට වෙන පැත්තකින් සල්ලි හම්බුනා කියලා පෙනන්න එතකොට මූට කෙල වෙනවා.

    ඒත් මට හිතෙනවා ලොන්තයන්ට හප හප ඉන්න මූව මඩවයි කියලා සෑහෙන කාලයක්. අවුරුදු 5ක් දුවන්නත් එපයි බන්.
    කොහොම කලත් වැඩේ සීරියස් වැඩි.. සෑහෙන කාලයක් අනිවාරෙන්ම ඇදෙනව් මේව ත්. පාස්කු , බැදුමකර වගේම. 5 ඉවර වෙන්න කලින් ඉවර නොවුනොත් අනුරට සොරි.කොම්

    chandeta kalin boru mediya show tikak dawi :lol:
    කොහොම ත් අවුරුදු ගානක් යන වැඩ මේව. අල්ලපු වත්තෙ පොල් කඩනව වගේ නෑ
    ------ Post added on Oct 12, 2024 at 11:27 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොහොම කලත් වැඩේ සීරියස් වැඩි.. සෑහෙන කාලයක් අනිවාරෙන්ම ඇදෙනව් මේව ත්. පාස්කු , බැදුමකර වගේම. 5 ඉවර වෙන්න කලින් ඉවර නොවුනොත් අනුරට සොරි.කොම්

    කොහොම ත් අවුරුදු ගානක් යන වැඩ මේව. අල්ලපු වත්තෙ පොල් කඩනව වගේ නෑ
    ------ Post added on Oct 12, 2024 at 11:27 AM
    balamu
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    කොහොම කලත් වැඩේ සීරියස් වැඩි.. සෑහෙන කාලයක් අනිවාරෙන්ම ඇදෙනව් මේව ත්. පාස්කු , බැදුමකර වගේම. 5 ඉවර වෙන්න කලින් ඉවර නොවුනොත් අනුරට සොරි.කොම්

    කොහොම ත් අවුරුදු ගානක් යන වැඩ මේව. අල්ලපු වත්තෙ පොල් කඩනව වගේ නෑ
    ------ Post added on Oct 12, 2024 at 11:27 AM
    මන්ද ජෙප්පො නම් කිව්වෙ ෆයිල් වලනම් A to Z ඔක්කොම තියෙනවා කියලා. දාපු ගමන් අනිත් පැත්තට තීන්දුව එන ලයින් එකක් ඉස්සරනම් තිබ්බෙ 🤭 🤭
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    මන්ද ජෙප්පො නම් කිව්වෙ ෆයිල් වලනම් A to Z ඔක්කොම තියෙනවා කියලා. දාපු ගමන් අනිත් පැත්තට තීන්දුව එන ලයින් එකක් ඉස්සරනම් තිබ්බෙ 🤭 🤭
    මේව එහෙම කරන්න බෑ කියල ඔයත් දන්නව මාත් දන්නව. 3% ඉදල 42% ට වැඩි කරේ කෝමද කියන එක තේරෙනවනෙ. different audience different talks.

    අවසාන ප්‍රතිපල හොද නම් අපිට ඕනෙ එච්චරනෙ. බලන් ඉමු.

    දැන් ඉතින් ඌ ආයේ ඇප පිට එලියෙනේ.
    ඔවු ඉතිං කැකිල්ලෙ නීතිය නෙමේනෙ මෙහෙ තියෙන්නෙ රටේ නීතියනෙ.
    ------ Post added on Oct 12, 2024 at 11:41 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    invest කරන්න කලින් මූ due diligence කරලා කලානම් කරන්න දෙයක් නෑ. ඌට ඒක ඔප්පු කරන්න විතරයි තියෙන්නෙ. ඒත් අනිත් පැත්තෙන් කට්ටියට පුලුවන්නම් මූට වෙන පැත්තකින් සල්ලි හම්බුනා කියලා පෙනන්න එතකොට මූට කෙල වෙනවා.

    ඒත් මට හිතෙනවා ලොන්තයන්ට හප හප ඉන්න මූව මඩවයි කියලා සෑහෙන කාලයක්. අවුරුදු 5ක් දුවන්නත් එපයි බන්.
    වැඩිය ඔනේ නෑ මූලික criteria වල තියෙන ratings වත් සතපහකට මායිම් කරලා නෑ. due dilligance ඌ කොහේ පෙන්නන්නද?

    ‘රටෙහි ආර්ථික අවපාතයක් පැතිරී පවතින සහ මිල නියම නියෝජිතායතන විසින් මිල නියමහන් පහළ හෙළන තත්වයකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අප්‍රේල් 05 දින මුහුණත අගය යුරෝ 30,000,000ක් සහ වෙළදපළ අගය යුරෝ 22,163,500ක ග්‍රීක රජයේ බැදුම්කරවල ආයෝජනය කර තිබුණි. පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 ජුලි 18 දින සහ 2011 නොවැම්බර් 23 දින පිළිවෙලින් යුරෝ මිලියන 5ක සහ යුරෝ මිලියන 10ක බැදුම්කර විකුණා තිබුණු අතර ඉන් යුරෝ 4,911,000ක අලාභයක් දැරීමට සිදු වි තිබුණි. ඉතිරි යුරෝ මිලියන 15ක ශේෂය සම්බන්ධයෙන් 2012 මාර්තු 12 දින ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලකට එළැඹී තිබුණි. එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2012 සැප්තැම්බර් 11 දක්වා ප්‍රතිව්‍යුහගතකරණ උපකරණ සියල්ල විකුණා තිබුණු අතර සමස්ත ගනුදෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 15.6ක පාඩුවක් සිදු ව තිබුණි. එසේ වුවත් 2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 430ක මුළු ලාභයක් ඉපයීමට හෝ සංචිත කළඹ මත 6.6ක ප්‍රතිලාභ අනුපාතයක් ලබාගැනීමට සැලසුම් කර තිබුණු බවද නිරීක්ෂණය විය.‘

    මේක මුලින්ම ඇද්දේ කබ්බා පිටිපස්සෙන් හොද සෙට් එකක් ඇදෙන හින්දා කියලා මට හිතෙන්නේ. අනිත් එක කබ්බා වගේ එකෙක් තමන්ගේ බේරුමට ාවා නොදි ඉන්නේ නම් නෑ (ඌට immunity හම්බෙලා ඔක්ක‌ොම හිරේ ගියත් අවුලක් නෑ මටනම්)
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කොහොම කලත් වැඩේ සීරියස් වැඩි.. සෑහෙන කාලයක් අනිවාරෙන්ම ඇදෙනව් මේව ත්. පාස්කු , බැදුමකර වගේම. 5 ඉවර වෙන්න කලින් ඉවර නොවුනොත් අනුරට සොරි.කොම්

    කොහොම ත් අවුරුදු ගානක් යන වැඩ මේව. අල්ලපු වත්තෙ පොල් කඩනව වගේ නෑ
    ------ Post added on Oct 12, 2024 at 11:27 AM
    අවුරුදු ගානක් යන්නේ නැහැ Accounts බැලුවා නම් සති දෙකෙන් වැඩේ ඉවරයි🤦
    කොහොමත් අවුරුදු 5 ක් වගේ Media Show එක අරගෙන යයි චන්දෙන් පස්සේ බඩු ගණන් යන එක එහෙම වහගන්න පුළුවන් මේ වගේ Drama වලින්🤣🤣😛
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    අවුරුදු ගානක් යන්නේ නැහැ Accounts බැලුවා නම් සති දෙකෙන් වැඩේ ඉවරයි🤦
    කොහොමත් අවුරුදු 5 ක් වගේ Media Show එක අරගෙන යයි චන්දෙන් පස්සේ බඩු ගණන් යන එක එහෙම වහගන්න පුළුවන් මේ වගේ Drama වලින්🤣🤣😛
    Financial law expert කෙනෙක් විදිහට ද කියන්නෙ?
     
    • Haha
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Financial law expert කෙනෙක් විදිහට ද කියන්නෙ?
    ඔව් ඔය ග්‍රිසියට ගෙවපු ඒවා ගෙවීම් කරන්නේ Accounts හරහා
    හිතුනා හිතුනා විදියට Invest කරන්න බැහැ
    කබ්රාල් ගේ කාලේ රටේ නීතිය අනුව ඒ Invest කරලා තියෙනවා නම් මොනවත් කරන්න බැහැ
    නැත්නම් ඇතුලේ එච්චරයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    ඔව් ඔය ග්‍රිසියට ගෙවපු ඒවා ගෙවීම් කරන්නේ Accounts හරහා
    හිතුනා හිතුනා විදියට Invest කරන්න බැහැ
    කබ්රාල් ගේ කාලේ රටේ නීතිය අනුව ඒ Invest කරලා තියෙනවා නම් මොනවත් කරන්න බැහැ
    නැත්නම් ඇතුලේ එච්චරයි
    හා මචං එල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් ඔය ග්‍රිසියට ගෙවපු ඒවා ගෙවීම් කරන්නේ Accounts හරහා
    හිතුනා හිතුනා විදියට Invest කරන්න බැහැ
    කබ්රාල් ගේ කාලේ රටේ නීතිය අනුව ඒ Invest කරලා තියෙනවා නම් මොනවත් කරන්න බැහැ
    නැත්නම් ඇතුලේ එච්චරයි
    නීතියට වැඩ කරලා තියනවනම් නඩු දාන්නෙ මොකටද?
    අනික පොනිල් ගෙ කාලෙනෙ නඩු දැම්මෙ?🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    දැන් ග්‍රීසීය හොඳ මට්ටමක ඉන්නවා නේද, ඉතින් සල්ලි ආපහු ගන්න පුළුවන් නේද