නීති ප්‍රශ්නයක් (property)

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    ඒකට කියන්නේ රිට් ආඥාව ක්‍රියාත්මක කරනවා කියලා. පැමිණිල්ල අධ්කරණයට විත්තිකරුගේ වත්කම් ලැයිස්තුවක් ලබා දුන්නහම ඒවා අධිකරණයේ භාරයට අරන් අධිකරණය මගින් විකුණනවා. ඊට පස්සේ ඒ මුදල පැමිණිල්ලට දෙනවා.
    අවුරුදු 35 ක කාලයක් නිසා දැන් සමහරවිට මේ දේපල බලෙන් පවරා ගන්ඩ හදපු මුල් කෙනා මිය ගිහින් වෙන්ඩත් පුලුවන්. දැන් එයාගෙ දරුවෙක් දැන් මේකේ ඉන්නවා නම් එයාට පියාගේ කාලේ ඉදලම තිබ්බ ගෙවීම් කරන්ඩ වෙනවද
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,169
    113
    Tokyo, Japan
    මචංලා, මේක උබලගෙන් අහන්නේ lawyers ල හරහා මේ ප්‍රශ්නෙ විසඳගන්න සෑහෙන උත්සාහ කරන ගමන් වෙන පැත්තකින් අදහසක් ගන්න.

    අපේ පවුලෙන් අයිතිය එන ඉඩමක් තියෙනවා කොළඹ කොටුව ආසන්නයේ. හැබයි එක කුලියට දීපු මනුස්සය එක්ක නඩුවක් තියෙනවා දැන් අවුරුදු 35 ක විතර ඉඳන්. නඩුව පවරලා තියෙන්නේ අපේ තාත්තා, දැන් තාත්තා නැහැ, මට නඩුව කරගෙන යන්න වෙලා තියෙන්නේ.

    1. දිසා අධිකරණයෙන් අපි නඩුව දින්න. ඊට පස්සේ අනිත් පාර්ශවෙන් අභියාචනා කලා.

    2. අභියාචනා අඩිකරනෙන් අපි දින්නා. ඊට පස්සේ අනිත් පාර්ශාවෙන් ශ්‍රේෂ්ඨාධිරණයට අභියාචනා කලා.

    3. ශ්‍රේෂ්ඨාධකරණයේනුත් අපේ අයිතිය පිළිගත්තා, හැබැයි මුල ඉඳන් පහළ උසාවි වලින් නඩුව අහලා තියෙන විදියේ තාක්ෂනික වරදක් තියෙන බව කියලා, එක නැවත දිසා අධිකණයේදී විභාග කරන්න කිව්වා. ඒකියන්නේ retrial කරන්න කිව්වා. දැන් නඩුව තියෙන්නේ දිසා අධිකරණයේ නැවතත්.

    4. මන් අනිත් පාර්ශවයට මේක මුදල් දීලා ගන්න කිව්වත් එයාලගේ එහෙම අවශ්‍ය බවක් පෙන්නනේ නෑ මොකද මේ ඇරුදු 35 ට ම එයාලා අදාළ දෙපලෙන් ආදායම උපයනවා අපිට සතයක්වත් නැහැ.

    මේ වගේ තත්ත්වයකදී මන් මොකද්ද කරන්න ඕනි ? මේ වෙද්දි මේකට අව්රුඩු 35 ක්. මේ දෙපළ වටිනාකම කෝටි ගාණක් වෙනවා🥺. මාත් හොඳ රස්සාවක් කරනවා, ඒ උනාට රස්සාවක් කරලා කවදාවත් මේ වගේ දෙප්ලක් ගන්නත් බැහැ
    නඩුව දිගටම ගෙනියන්න. මේ වගේ නඩු ලංකාවේ සැහෙන්න යනවා. කල් ගියාට නීතියෙන් සාදාරණයක් වෙනෙවා.

    මෙන්න මේකත් ඔයාගේ case එක වගේ. (verdict)
     
    • Love
    Reactions: Kamal1996

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,412
    7,870
    113
    bump

    idame oppu tyenawada? path iru harida?
    ewath hari nam case yanne kohomada
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    නඩුව දිගටම ගෙනියන්න. මේ වගේ නඩු ලංකාවේ සැහෙන්න යනවා. කල් ගියාට නීතියෙන් සාදාරණයක් වෙනෙවා.

    මෙන්න මේකත් ඔයාගේ case එක වගේ. (verdict)
    Mn meka kiyawannamm ♥️

    bump

    idame oppu tyenawada? path iru harida?
    ewath hari nam case yanne kohomada
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේ අයිතිය පිළිගත්තා. පහළ උසාවි වලින් නඩුව අහපු විදියේ තාක්ෂනික ප්‍රශ්නයක් කියලා කියන්නේ. කුලී හිමියා මේක බාර දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ
    ------ Post added on May 9, 2026 at 7:50 AM
     
    • Like
    Reactions: SK29

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    අවුරුදු 35 ක කාලයක් නිසා දැන් සමහරවිට මේ දේපල බලෙන් පවරා ගන්ඩ හදපු මුල් කෙනා මිය ගිහින් වෙන්ඩත් පුලුවන්. දැන් එයාගෙ දරුවෙක් දැන් මේකේ ඉන්නවා නම් එයාට පියාගේ කාලේ ඉදලම තිබ්බ ගෙවීම් කරන්ඩ වෙනවද
    මුල් විත්තිකරු මැරුනොත් එයාගේ බිරිද හෝ දරුවෝ ආදේශ කරන්න පුළුවන්. එතකොට රිට් ක්‍රියාත්මක වෙනකොට ඒ කට්ටියට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා.
     
    • Love
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ඉතින් උබත් ඇදුම් ටිකක් අරන් ගිහින් පදිංචි වෙයන් . ඔප්පු උබ ගාවනම් තියෙන්නේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    Aye aluthin daddi. Awrudu 35 wandi illa la dapan....rent ekata denawa kiyanne saapayak..habai aluth rent neethiya patta strong..issara wage awrudu ganan adenne nah. Honda lawyer kenek set karan piliwelata dapan..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    මුල් විත්තිකරු මැරුනොත් එයාගේ බිරිද හෝ දරුවෝ ආදේශ කරන්න පුළුවන්. එතකොට රිට් ක්‍රියාත්මක වෙනකොට ඒ කට්ටියට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා.
    Thnks bro
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,412
    7,870
    113
    Mn meka kiyawannamm ♥️


    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේ අයිතිය පිළිගත්තා. පහළ උසාවි වලින් නඩුව අහපු විදියේ තාක්ෂනික ප්‍රශ්නයක් කියලා කියන්නේ.
    ------ Post added on May 9, 2026 at 7:50 AM
    ehenam itin aye pahala usavi wala nadu ahapu vdya wedak ne neda
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,391
    1
    5,333
    113
    මේ නඩුව කොහොමත් ඔයාට වාසියි.... නඩුව ඉක්මනින් ඉවර කරගන්න හොද ලෝයර් කෙනෙක්ගෙන් advice එකක් ගන්න එක තමා හොදම. ඒකට ගානක් යයි.