JVP මාලිමා බළල් අතක් රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වී අල්ලා ගැනීමට විරුද්ධව දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් පොලිසියට පැමිණිල්ලක්!

monson

Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    :lol: 🤌

    ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

    මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති මෙම නිවස සහ ඉඩම සීමිත විශ්වවිද්‍යාල සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.

    මේ අතර, එම ක්‍රියාමාර්ගයට එරෙහිව නව ජනතා පෙරමුණද අද (16) දොම්පේ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර එහිදී එම පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

    "මේ නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්න‍ෙ ජනතා විමුකිති පෙරමුණේ බළල් අත - ශිෂ්‍ය වීරයන්ට කියන්න කැමති ශිෂ්‍ය සටන් ගැන දන්නේ නැත්තන් බංකුවක් අරන් එන්න අපි කියලා දෙන්නම්. මෙතන ඉදලා විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, කැලණිය විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 24යි. යක්කල ආර්යුවේද විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 22යි. මේ ශිෂ්‍යයෝ කොහොමද කියන්නේ මේවා විශ්වවිද්‍යාලයට පවරලා දෙන්න කියලා. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් විදියට සුරක්ෂිත කරන්න ඕනා.

    පහුගිය දිට්වා සුළි කුණාටුවේදි අඩි 50ක් මේ ගොඩනැගිල්ල යටවුණා. උඩ තට්ටුව විතරයි ඉතිරි වුණේ. ශිෂ්‍යයන්ටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ න්‍යාය පත්‍රයට රැවටෙන්න එපා. පොලීසියට කියන්න බෑ මේකට පැමිණිලි නෑ කියලා . ප්‍රාදේශීය ලේකම්තුමා පැමිණිල්ලක් දාලා තියෙනවා, දේශපාලන පක්ෂයක් විදියට අපි ඇවිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් පැමිණිල්ල විභාග කරලා තියෙනවා ,දැන් පැමිණිල්ල විභාග කරලා ඉතාම ඉක්මනින් අනීතිකව ඉන්න මේ ශිෂ්‍යයෝ අයින් කරයි කියලා හිතනවා"


    - https://sinhala.adaderana.lk/news/225664
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල

    උබල දැක්කද ඊයේ එකෙක් ගේට පැනලා බත් මුට්ටි උස්සන් ගියපු video එකක්.. :lol: :lol: දැන් අද රේල් පාරේ යකඩ ගලවලා..​

     
    • Haha
    Reactions: monson