අඩු කුලේ පරයෝ මෙහෙ වරෙල්ලා! ⭕ වලව්ව සහ බංගලාව අතර වෙනස ⭕

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,438
    16,636
    113
    ⭕ වලව්ව සහ බංගලාව අතර වෙනස ⭕

    මේ දෙකම ඉතා විශාල ගෘහ නිර්මාණ වේ..සාමාන්‍ය නිවසකට වඩා විශාලය , වලව්ව සහ බංගලාව අතර වෙනස අති මහත් ය, ඒ ගෘහ නිර්මාණ ශිල්පීය වෙනසක් ද පවුල් පරම්පරා සංස්කෘතික වෙනසක් ද වේ....අද වන විට සියලු පැරණි විශාල නිවාස හැදින් වීමට වලව්ව සහ බංගලාව යන වදන් දෙකම සමානව භාවිත කරන්නේ මෙහි වෙනස නොදන්නා නිසාය.
    මෙය ඔබට වඩාත් පැහැදිලි කිරීම පිනිස මහ නුවර ඇති වලව් වලින් උදාහරණ දක්වන්නම්,

    📜 1815 දී මහනුවර නගරයේ තිබූ වලව්වන් කීපයකි මේ..වලව්ව

    මහනුවර නගරය තුළ වලව් 18 ක් පමණ 1815 වන විට තිබුණි.ඒවායේ නම් හා තිබූ තැන් මෙසේය👇

    1️⃣ පිළිමතලාවේ වලව්ව – (වර්තමාන ජනපති මැදුර ලෙස භාවිත කරයි)
    2️⃣ ඇහැලේපොළ වලව්ව – (රිමාන් බන්ධනාගාරය ලෙස භාවිත කරයි)
    3️⃣ දුනුවිල වලව්ව – (මහනුවර නගර සභාව ලෙස භාවිත කරයි)
    4️⃣ දූල්ලෑව වලව්ව – (රැජිණ හෝටලය ලෙස භාවිතා කරයි)
    5️⃣ මොල්ලිගොඩ වලව්ව – (රැජිණ හෝටලයටම සම්වන්ධ කර ඇත)
    6️⃣ රත්වත්තේ වලව්ව – (පීසා හට් එක ඇත්තේ එහිය)
    7️⃣ දෙහිගම වලව්ව – (සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක ඇත්තේ එහිය)
    8️⃣ මොලදන්ඩ වලව්ව – (ශාන්ත අන්තෝනි පල්ලිය ඉදිරිපිට පිහිටා ඇත)
    9️⃣ මුල්ලේගම වලව්ව – (ශාන්ත සිල්වෙස්තර විදුහල ලෙස )
    🔟 කපුවත්ත වලව්ව – (නිවාස ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටා ඇත)
    1️⃣1️⃣ ඇරැව්වල වලව්ව – (ෆයිව්ස් හොටෙල්)
    1️⃣2️⃣ එරමුදු ලියද්ද වලව්ව – (බෙන්තොට බේක් හවුස්, කුමාර වීදියේ ඇත )
    1️⃣3️⃣ මීගස් තැන්න වලව්ව – (ගාමිණි සිගරට් සමාගම )
    1️⃣4️⃣ වෑගොඩපොල වලව්ව – (ටයර් සාප්පුව, හරස් වීදියේ ඇත)
    1️⃣5️⃣ නුගවෙල වලව්ව – (ටයර් සාප්පුව, හරස් වීදියේ ඇත)
    1️⃣6️⃣ ඇරැව්පොල වලව්ව – (ෆැරැන්සි හවුස් ගොඩනැගිල්ල)
    1️⃣7️⃣ මාම්පිටිය වලව්ව
    1️⃣8️⃣ ගිරිහාගම වලව්ව – (පස්ගෝරස)

    දැන් ඔබට යමක් පැහැදිලි වන්නට ඇති.

    වලව්ව ලෙස හදුන් වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි රදළ පවුල්, මුදලිවරුන්, දිසාපතිවරුන්, හෝ ප්‍රභූ පවුල් ජීවත් වූ විශාල සම්ප්‍රදායික නිවසකි.

    වලව්වක ලක්ෂණ ලෙස....

    ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ලක්ශන ඇත.
    මැද මිදුලක් පිහිටා ඇත (මැදමිදුල)
    දැව කදන් මත කැටයම් කර නිවසට යොදා ඇත ,
    පවුලේ බලය හා ගෞරවය පෙන්වන ස්ථානයක් ඇත
    බොහෝවිට පරම්පරාවෙන් පැවත එන නිවසක් විය හැකිය.


    මීලගට බංගලා යනු මොනවාදැයි හදුනා ගන්නට උත්සාහ දරමු.


    ⭕ බංගලාව යනු බ්‍රිතාන්‍ය යුගයේ පැමිණි බටහිර ආකාරයේ විශාල නිවසකි, ඒවා වලව් නොවේ. “Bungalow” කියන වචනය ඉංග්‍රීසි භාවිතයට ගියේ ඉන්දියාවේ “Bangla” ගෘහ ශෛලියෙන් බව කියැවේ.

    බංගලාවක ලක්ෂණ:
    එක් මහලක හෝ පහත් උසක නිවසකි.
    විශාල වැරැන්ඩා වක් සහිත වේ.
    බටහිර ගෘහ සැලසුම් අනුව නිර්මාණය කර ඇත.
    විශාල තේ වතු මැද,,,,,,
    විශාල රබර් වතු මැද......
    විශාල පොල් වතු මැද......
    මෙම බංගලා ඉදිකර ඇත, වතු හිමි කරු ඉඩම් හිමි වැවිලිකරු ඉඩමට පැමිනි පසු නවාතැන් ගැනීමට මෙය ඉදිකරන ලදී....එමෙන්ම එවක රජයේ නිලධාරීන් වෙනුවෙන්, විදේශිකයන්ට නවාතැන් සඳහා මෙම බංගලා ඉදිකරන ලදී.
    විවේකයට සිටීමට හෝ විනෝදය පිනිසත් හෝ නිල නිවසක් ලෙස භාවිතා කර ඇත.

    එවැනි බංගලා කීපයකින් මේ....
    උදාහරණ:
    නුවරඑළියේ පැරණි තේ වතු බංගලා
    පහතරට රබර්වතු බංගලා
    බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාස ආදියද මීට ඇතුලත් වේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ඉතිහාසමය වටිනාකමක් ඇති බංගලා කිහිපයක් මෙන්න. මේවා අතර තේ වතු බංගලා, යටත්විජිත යුගයේ නිවාස, හා සංචාරක බංගලා ඇතුළත් වෙනවා.

    The Hill Club
    Heritance Tea Factory
    Jetwing St. Andrew's
    Queen's Cottage
    Warwick Gardens
    Ceylon Tea Trails
    Living Heritage Koslanda
    98 Acres Resort & Spa
    Thotalagala
    Governor's Mansion
    Adisham Bungalow
    The Lavender House
    Clingendael Boutique Hotel
    The Kandy House
    Mount Havana
    Langdale Boutique Hotel
    Goatfell
    Nine Skies
    Rosyth Estate House
    Planters Bungalow

    මෙවැනි බංගලා බොහොමයක් බ්‍රිතාන්‍ය යුගයේ තේ වතු සංස්කෘතිය හා සම්බන්ධයි. බොහෝ දෙනා අද ඒවා heritage hotels, boutique stays, හෝ historical residences ලෙස පවත්වාගෙන යනවා.

    කෙටියෙන්ම කියනවනම්,

    වලව්ව = ශ්‍රී ලාංකීය රදළ මිනිසුන්ගේ පරම්පරා නිර්මාණය වූ හෙළ සංස්කෘතියේ විශාල නිවසකි.

    බංගලාව = බ්‍රිතාන්‍ය යුගයේ යටත් විජිත යට සේවය කල මිනිසුන් සිටි බටහිර පන්නයේ විශාල නිවසකි.

    ඔබේ නිවසත් වලව්වක් හෝ බංගලාවක් විය හැකියි. නැතහොත්,
    ඔබේ ප්‍රදේශයේත් වලව්වක් හෝ බංගලාවක් තිබිය හැකියි,එහි නම සහ ප්‍රදේශය කමෙන්ට් කරන්න. පොටෝ එකක් තිබුනොත් වඩාත් හොදයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,901
    113
    මහනුවර නගරය තුළ වලව් 18 ක් පමණ 1815 වන විට තිබුණි.ඒවායේ නම් හා තිබූ තැන් මෙසේය👇

    1️⃣ පිළිමතලාවේ වලව්ව – (වර්තමාන ජනපති මැදුර ලෙස භාවිත කරයි)
    2️⃣ ඇහැලේපොළ වලව්ව – (රිමාන් බන්ධනාගාරය ලෙස භාවිත කරයි)
    3️⃣ දුනුවිල වලව්ව – (මහනුවර නගර සභාව ලෙස භාවිත කරයි)
    4️⃣ දූල්ලෑව වලව්ව – (රැජිණ හෝටලය ලෙස භාවිතා කරයි)
    5️⃣ මොල්ලිගොඩ වලව්ව – (රැජිණ හෝටලයටම සම්වන්ධ කර ඇත)
    6️⃣ රත්වත්තේ වලව්ව – (පීසා හට් එක ඇත්තේ එහිය)
    7️⃣ දෙහිගම වලව්ව – (සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක ඇත්තේ එහිය)
    8️⃣ මොලදන්ඩ වලව්ව – (ශාන්ත අන්තෝනි පල්ලිය ඉදිරිපිට පිහිටා ඇත)
    9️⃣ මුල්ලේගම වලව්ව – (ශාන්ත සිල්වෙස්තර විදුහල ලෙස )
    🔟 කපුවත්ත වලව්ව – (නිවාස ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටා ඇත)
    1️⃣1️⃣ ඇරැව්වල වලව්ව – (ෆයිව්ස් හොටෙල්)
    1️⃣2️⃣ එරමුදු ලියද්ද වලව්ව – (බෙන්තොට බේක් හවුස්, කුමාර වීදියේ ඇත )
    1️⃣3️⃣ මීගස් තැන්න වලව්ව – (ගාමිණි සිගරට් සමාගම )
    1️⃣4️⃣ වෑගොඩපොල වලව්ව – (ටයර් සාප්පුව, හරස් වීදියේ ඇත)
    1️⃣5️⃣ නුගවෙල වලව්ව – (ටයර් සාප්පුව, හරස් වීදියේ ඇත)
    1️⃣6️⃣ ඇරැව්පොල වලව්ව – (ෆැරැන්සි හවුස් ගොඩනැගිල්ල)
    1️⃣7️⃣ මාම්පිටිය වලව්ව
    1️⃣8️⃣ ගිරිහාගම වලව්ව – (පස්ගෝරස)
    මුලු සෙංකඩගල පුරයම වලව් විමානයක්නේ. අවුරුදු 200කට විතර කලින් කොහොමට තියෙන්න ඇතිද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,539
    3,217
    113
    In the UK bungalow has less demand. House is bigger while bungalow is meant for mostly old people. I think the reason why bungalows were built in tea estates is the building costs and time. Else they would've built houses there.

    Anyway the reputation of bungalow came from the superior lifestyle they had - they were the masters. 😅 So our people adopted the term bungalow to identify a house of a nobleman (a rich bugger who betrayed the common people, mostly 😅)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,212
    6,357
    113
    මට හිතෙන්නෙ දෙකම එකයි වගේ, මං දකින වෙනස වලව්ව පරම්පරාවට යනව බංගලාව එහෙම නැ වෙන කෙනෙකුට පැවරෙනව.
     
    • Like
    Reactions: NRTG