කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,941
    71,181
    113
    පහුගිය ටිකේ එක එක මලගෙවල් සෙට් උනා, බෞද්ද නොවන එකකටත් යන්න උනා. එක එක වයසේ කට්ටිය මැරිලා තිබ්බෙ. සමහර වයසක අය උනත් පවුලේ කට්ටියත් එක්ක සාහෙන්න කිට්ටුවෙන් හිටපු උදවිය.

    ඔය ටිකට ගිහින් මට ඔලුවට ආපු ප්‍රශ්නයක් තමා කවුරුහරි මැරුනොත් අපි එයාලට එතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා මොකක්ද හිතාගන්නෙ කියන එක, මට තේරුන එක දෙයක් තමා එක එක ආගම් අනුව ඉතින් ඒවා වෙනස් වෙනවා කියන එක.

    උඹලගෙ අදහස මොකක්ද? තමන්ට කිට්ටු කෙනෙක් නැති උනොත් උඹලට හිතෙන්නෙ එයාට ඊටපස්සෙ මොකක්ද වෙන්නෙ කියලා?
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    615
    914
    93
    දිරල, කුනු වෙලා යනව යකො
    වෙන මොනා වෙන්නද

    සැක නන්, මිනියක් සාලෙ මැද්දෙ තියන් ඉදහන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,756
    13,296
    113
    Mata hitha sanasa ganna ona nam mama kalpana karanne a kena hoda thenakata gihin athi kiyala.
    Ehema nathnam, logically hithuwoth aththatama api danne naha mokada wenne kiyala.

    A athin baluwama a marunu kenata thiyena proximity eka anuwa mama hitha hadenna ona de hithanawa.
     
    • Like
    Reactions: tharakaf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,651
    14,786
    113
    ඒ ක්ශනයෙම වෙන භවයක් හටගන්නවා.
    ඇගෙන් එලියට මුකුත් යන්නෙ නෑ.
    ආත්මයක් නෑ.
    මනෝකායක් නෑ.
    අන්තරා භවයක් නෑ.
    සත්ව භූමි 31න් එකක පත්තු වෙනවා.
    චුති සිත -> ප්‍රතිසන්ධි සිත
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    නොදනී . ඒවුනාට හිතෙන්නේ නම් නිකන්ම ඔක්කොම එතනින් ඉවරයි, නැවත ඉපදීම් ආත්ම දිව්‍ය ලෝක එනම් මනම් නෑ කියල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,941
    71,181
    113
    ආයෙ ඉපදෙනවා.
    කොහෙද? ඇයි අපිට ඒ කෙනාව (දවසට මිනිස්සු බර ගානක් මැරෙනවානේ) ආයි හම්බෙන්නෙ නැත්තෙ?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    ආයෙ වේකන්සියක් තියෙන තැනට තමා යන්නෙ.
    ඇඩ්වර්ටිස්මන්ට් දාල, ඉන්ටර්විස් තියල සෝර්ට්ලිස්ට් උනාම තමා මැරෙන්නෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,382
    2,058
    113
    43
    Wakanda
    උබවගේ මනස විකුර්ති කාලකන්නි incest වේසිගෙ පුතෙක් මැරුනම ආයෙ උපදින්නේ උබෙ අම්මගෙ කිම්බෙ උකුනෙක් වෙලා
     
    • Haha
    Reactions: ewijesekara

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,651
    14,786
    113
    කොහෙද? ඇයි අපිට ඒ කෙනාව (දවසට මිනිස්සු බර ගානක් මැරෙනවානේ) ආයි හම්බෙන්නෙ නැත්තෙ?

    ආපහු මිනිස්සුම වෙන්න ඕන කියලා නෑ
    සත්ව භූමි 31යි
    වැඩිය ඕන නෑ Tardigrade ලා ඉන්න ගාන කීයද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,783
    66,316
    113
    Marenna ipadila inna epaye.self is a illusion bra.Talking about a human itself is pointless let alone death
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    භෞතිකය - e;p;n එවැනි භෞතික අංශුවලින් සැදුණු දෑ
    අබෞතිකය - භෞතිකයින් පැහැදිලි කරන්න බැරි දේ - ගුරුත්වය වැනි

    කොහොමද @tharakaf දකින විදියට භෞතික යෙ න් අභෞතිකය හටගන්නේ
    භෞතික අංශු වලින් සැදුණු මනුස්සය ශරීරයක ට විඤ්ඤාණයක් එන්නේ ?

    විඤ්ඤාණය භෞතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නම් ඇයි අපිට විඤ්ඤාණය ක් හදන්න බැරි
    ( ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වලින් සෑදුන සංයුතිය දන්න ක්‍රියාවලියක් දන්නවනම් එය නැවත ප්‍රතිනිර්මාණය කර හැකි විය යුතුමයි )

    ඇයි ගැහැණු පිරිමි එක්වීමක් නොමැතිව ( යුක්තානුව නොමැතිව ) අපට රසායනික ද්‍රව්‍ය වලින් පරීක්ෂණාගාර නාලයක සවිඥානික ජීවියෙක් ප්‍රතිනිර්මාණය කරන්න බැරි ? )

    ඇයි අපිට මැරුණ මනුස්සයෙක් ට පණ දෙන්න බැරි ?

    මේවා ගැන හිතද්දී අපි තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණය භෞතිකයෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක.

    ඉතින් එහෙනම් භෞතිකයට බැසගත් මෙම අබෞතික විඤ්ඤාණය භෞතිකයේ නිරුද්ධ වීමෙන් ( මියයාමෙන් ) එය ත් විනාශ වේ යැයි තහවුරු කරන්නේ කොහොමද ?

    Thread '☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎' https://elakiri.com/threads/☸︎-භෞතිකවාදීන්ට-නැවත-ඉපදීම-සරල-තර්කනයෙන්-තහවුරු-කිරීම-☸︎.2239555/
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,783
    66,316
    113
    **වච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුහිමියන්ගෙන් මෙසේ අසයි:**
    > 1. "භවත් ගෞතමයන් වහන්ස, 'තථාගතයන් වහන්සේ (සත්වයා) මරණින් මතු **ඇත** (නැවත උපදියි)' යන මතයෙහි ඔබ වහන්සේ සිටිනවාද?"
    > * **බුදුරජාණන් වහන්සේ:** "වච්ඡය, මම එසේ නොකියමි."
    > 2. "එසේ නම් භවත් ගෞතමයන් වහන්ස, 'තථාගතයන් වහන්සේ මරණින් මතු **නැත** (නැවත නොඋපදියි/විනාශ වෙයි)' යන මතයෙහි ඔබ වහන්සේ සිටිනවාද?"
    > * **බුදුරජාණන් වහන්සේ:** "වච්ඡය, මම එසේද නොකියමි."
    > 3. "භවත් ගෞතමයන් වහන්ස, 'තථාගතයන් වහන්සේ මරණින් මතු **ඇතෙත් වෙයි, නැතෙත් වෙයි**' යන මතයෙහි ඔබ වහන්සේ සිටිනවාද?"
    > * **බුදුරජාණන් වහන්සේ:** "වච්ඡය, මම එසේද නොකියමි."
    > 4. "එසේ නම් භවත් ගෞතමයන් වහන්ස, 'තථාගතයන් වහන්සේ මරණින් මතු **ඇත්තේත් නොවේ, නැත්තේත් නොවේ**' යන මතයෙහි ඔබ වහන්සේ සිටිනවාද?"
    > * **බුදුරජාණන් වහන්සේ:** "වච්ඡය, මම එසේද නොකියමි."
    >
    ### වච්ඡගොත්තගේ මුලාව සහ බුදුහිමියන්ගේ පිළිතුර
    මෙම පිළිතුරු හතරම බුදුහිමියන් ප්‍රතික්ෂේප කළ විට වච්ඡගොත්ත අන්දමන්ද වී මෙසේ කීවේය:
    > "භවත් ගෞතමයන් වහන්ස, 'ඇත' කීවෙත් නැත, 'නැත' කීවෙත් නැත. මේ නිසා මම දැඩි මුලාවකට පත්වුණෙමි. මට තිබුණු ස්වල්ප වැටහීමත් නැති විය."
    >
    **බුදුරජාණන් වහන්සේ වච්ඡගොත්තට කරුණු පැහැදිලි කරන්නේ මෙසේය:**
    > "වච්ඡය, ඔබ මුලාවට පත්වීම පුදුමයක් නොවේ. මන්දයත් 'සත්වයා' කියා නිත්‍ය, ස්ථිර කෙනෙක් (ආත්මයක්) සැබවින්ම නැත.
    > ලෝකයා 'සත්වයා' කියා හඳුන්වන්නේ **රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ** කියන පංච උපාදානස්කන්ධයේ එකතුවටයි. රහතන් වහන්සේ නමක් කියන්නේ මේ පංචස්කන්ධය කෙරෙහි ඇති තණ්හාව, උපාදානය සහ සියලු කෙලෙස් මුලින්ම නැති කළ කෙනෙකුටයි.
    > මුල් ඉදිරූ තල් ගසක් නැවත හට නොගන්නා සේ, උන්වහන්සේගේ පංචස්කන්ධය නැවත හටගන්නේ නැත. එබැවින් 'මරණින් පසු උපදියි' කියා කීමට ස්කන්ධයන් නැත. එමෙන්ම 'විනාශ වෙයි (නැත)' කීමට මුලින් තිබුණු ස්ථිර සත්වයෙක් හෝ ආත්මයක්ද නැත.
    > වච්ඡය, කෙලෙස් නැසූ රහතන් වහන්සේ මහා සාගරය වැනිය. සාගරයේ ගැඹුර මෙපමණ යැයි මැනිය නොහැකි සේම, උන්වහන්සේවද 'ඇත' හෝ 'නැත' යන ලෝක සම්මත වචනවලින් මැනිය නොහැක."

    ### සාරාංශය:
    බුදුදහමට අනුව **"මරණින් පසු සත්වයා ඇත"** කීම ශාස්වත දෘෂ්ටියකි (ආත්මය සදාකාලිකයි කීම). **"මරණින් පසු සත්වයා නැත"** කීම උච්ඡේද දෘෂ්ටියකි (මරණයෙන් සියල්ල ඉවරයි කීම). බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කර, මැද පිළිවෙත වූ **පටිච්චසමුප්පාදය** (හේතු ප්‍රත්‍ය නිසා හටගැනීම සහ හේතු නැතිවීමෙන් නිරුද්ධ වීම) පෙන්වා දුන් සේක.
     
    • Like
    Reactions: ewijesekara

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    ekama loop eka tama bn. consciousness eka aye wena body ekakata gihin aye ipadenawa aye marenawa. ohoma digatam ayanawa,. psychedelic trip eke owa okkoma penawa therenawa. lokey universe eka ekata ekak connect wela tyne. everything is an energy. ohe galagena yanawa. oka tama basic aththa. ekai mama kiyane minihek wunama marenna kalin eka paarak hari psychedelic trip ekak yanna ona. out of body experince eka ego death wunama tama hariyata chuttak hari budu haamuduruwo kiwa katha tika therenne. nathnam itin ohe api inwa mea sansaare attach wewi. universe ekata adaaala na api kawuru wunath kochara salli tibbath.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    There is no permanent "consciousness" according to buddhism
    අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට🕯️

    ඉටිපන්දම 1 න්
    ඉටිපන්දම 2 පත්තු කරාම

    ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
    නෑ
    ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
    බෑ

    ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,663
    113
    එකමත් එක රටක
    මැරුණට පස්සේ ඉතින් එච්චරයි .
    වෙන මොනව වෙන්නද බන් .

    ගහක් මැරුණට පස්සේ පද්ධතියේ ක්‍රියාවලිය නවතිනවා ...... දිරානව ඉතිරි වෙන කොටේ .
    මනුස්සයෙක් මැරුණට පස්සේ ත් දිරන්ව ඉතිරිවෙන ශරීරෙ
     
    • Like
    Reactions: Dntec

    Choot

    Active member
  • Nov 2, 2010
    256
    168
    43
    මේ දේශනාවේ ප්‍රධාන අදහස තේරුම් ගන්න නම්, මුලින්ම බුදුදහමේ “මම” කියන දෙය ගැන ඇති දර්ශනය තේරුම් ගන්න ඕනෙ.

    බොහෝ දෙනා හිතන්නේ:

    “මම” කියලා ස්ථිර ආත්මයක් තියෙනවා.
    ඒ ආත්මය මරණින් පස්සේවත් පවතිනවා හෝ
    මරණින් පස්සේ ඒක සම්පූර්ණයෙන් විනාශ වෙනවා.

    බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දෙකම වැරදි අන්ත දෙක කියලා.

    1. “සත්වයා” කියන්නේ කවුද?

    බුදුදහම අනුව “මම”, “ඔයා”, “සත්වයා” කියන්නේ ස්ථිර ආත්මයක් නොවේ.

    එය තාවකාලිකව එකතු වෙලා තියෙන දේවල් 5ක එකතුවක්:

    රූප – ශරීරය
    වේදනා – දැනෙන සැප/දුක්
    සඤ්ඤා – හඳුනාගැනීම්
    සංස්කාර – සිතුවිලි, චේතනා
    විඤ්ඤාණ – දැනීම / සිත

    මේ 5 එකට කියන්නේ පංචස්කන්ධය.

    උදාහරණයක්:

    “රථය” කියන්නේ රෝද, ඉන්ජිම, දොරවල්, බොඩිය එකතු වුණාම දාන නමක්.

    ඒ වගේම “මම” කියන්නෙත් ස්ථිර දෙයක් නෙවෙයි — කොටස් එකතුවකට දාන නමක්.

    2. එහෙනම් “මරණින් පසු ඇත” කියන්නේ ඇයි වැරදි?

    “මරණින් පසු ඇත” කියනවා නම්:

    “කෙනෙක්” ස්ථිරව පවතිනවා කියන අදහස එනවා.

    ඒක ශාස්වත දෘෂ්ටිය (eternalism).

    නමුත් බුදුදහම කියන්නේ:

    ස්ථිර ආත්මයක් නැහැ.
    හැමදේම හේතු ප්‍රත්‍ය මත ඇතිවෙනවා.
    හේතු නැතිවෙද්දි ඒවා නැතිවෙනවා.

    ඒ නිසා “ඒම කෙනාම සදාකාලිකව යනවා” කියන එක නිවැරදි නැහැ.

    3. “මරණින් පසු නැත” කියන්නේ ඇයි වැරදි?

    එහෙම කියනවා නම්:

    කලින් සැබෑවටම තිබුණු කෙනෙක් මරණයෙන් පස්සේ විනාශ වුණා කියන අදහස එනවා.

    ඒක උච්ඡේද දෘෂ්ටිය (nihilism).

    නමුත් බුදුදහම අනුව:

    මුලින්ම ස්ථිර “ආත්මයක්” තිබුණේ නැහැ.
    ඒ නිසා “විනාශ වුණා” කියන්නත් ස්ථිර දෙයක් නැහැ.
    4. බුදුහිමියන් කියන්නේ මොකක්ද?

    බුදුහිමියන් පෙන්වන්නේ:

    “හේතු තියෙනකල් දේවල් හටගනී.
    හේතු නැතිවෙද්දි නිරුද්ධ වෙයි.”

    මේක තමයි පටිච්චසමුප්පාදය.

    උදාහරණයක්:

    ගින්නක් පත්තු වෙන්න:

    තෙල්
    වාතය
    වට්ටිය

    ඕනෙ.

    ඒ හේතු නැතිවෙද්දි ගින්න “කොහේ හරි ගියා” කියන්නත් බැහැ,
    “විනාශ වුණා” කියන්නත් සම්පූර්ණයෙන් හරි නැහැ.

    එය හේතු නැතිවීම නිසා නිවුණා.

    රහතන් වහන්සේගේ අවසානයත් ඒ වගේ.

    5. රහතන් වහන්සේ ගැන “ඇත / නැත” කියන්න බැරි ඇයි?

    රහතන් වහන්සේ:

    තණ්හාව නැති කරලා
    උපාදානය නැති කරලා
    කර්ම බීජ නැති කරලා

    තිබෙන නිසා නැවත උපතක් ඇතිවෙන්න හේතු නැහැ.

    ඒ නිසා:

    “උපදියි” කියන්නත් බැහැ
    “විනාශ වුණා” කියන්නත් බැහැ

    මොකද,
    විනාශ වෙන්න ස්ථිර ආත්මයක් තිබුණේ නැහැ.

    6. සාගර උදාහරණය

    බුදුහිමියන් කියන්නේ:

    රහතන් වහන්සේ මහා සාගරය වගේ.

    ඔබට සාගරයේ:

    “මේ තරම් ගැඹුරුයි”
    “මේක මෙතනින් ඉවරයි”

    කියලා සරලව මැනිය නොහැකි වගේ,

    රහතන් වහන්සේගේ පරිනිර්වාණ තත්ත්වයත්
    “ඇත”, “නැත” වගේ සාමාන්‍ය වචනවලින් විස්තර කරන්න බැහැ.

    සරලම සාරාංශය

    බුදුදහම කියන්නේ:

    ❌ “ස්ථිර ආත්මයක් සදාකාලිකව පවතිනවා” කියන එකත් වැරදි
    ❌ “මරණයෙන් පස්සේ සියල්ල සම්පූර්ණයෙන් විනාශ වෙනවා” කියන එකත් වැරදි

    ✅ ඇත්තේ:

    හේතු මත හටගැනීම
    හේතු නැතිවීමෙන් නිරුද්ධ වීම

    මෙය තමයි මධ්‍යම ප්‍රතිපදාව.
     
    • Like
    Reactions: -333-

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    නොදනී . ඒවුනාට හිතෙන්නේ නම් නිකන්ම ඔක්කොම එතනින් ඉවරයි, නැවත ඉපදීම් ආත්ම දිව්‍ය ලෝක එනම් මනම් නෑ කියල
    ඔක්කොම ඉවරයි කියල හිතන එකත් too naive බන්. හිතපන් මේ විශ්වයෙ තියෙන හැම දේම අම්බානෙක වෙන්න බැරි දේවල්නෙ. පාවෙන ගිනි බෝලයක් වටේ කැරකෙන පාවෙන පස් බෝල උඩ ජීවින් ඉන්නව වගේ ඒවා කොච්චර abnormal ද. කොටින්ම මෙහෙම විශ්වයක් කියල එකක් පවතින එකම අමුතුයි. (ඒත් ඒවා දැකල දැකල අපිට ඒවා අමුතු බව තේරෙන් නෑ).

    එහෙම තත්වයක් තියෙද්දි ජීවින් කියන උන් මැරුනම ඔක්කොම ඉවර වෙලා දිරල යනව විතරයි කියල හිතන එකෙත් අවුලක් තියෙනව. මම කියන්නෙ දිව්‍ය ලෝකෙ යනව කියල නෙමෙයි. ඒත් ඇත්තටම අපි දන් නෑ මොකද වෙන්නෙ කියල. නිකන්ම ඉවර වෙනව කියන එකටත් logically තියෙන්නෙ අනිත් ඒවා වගේම පොඩි possibility එකක්.
     
    • Like
    Reactions: Blair Solari