ලක්ෂ එක හමාරක් හම්බ වෙනව කියමු. ඒකෙන් 50,000 ක් වත් ඉතුරු කලා කියමු. ඒ ඉතිරිය ගන්න හිතන් ඉන්න හොඳ මට්ටමේ වාහනයක මිල එක්ක බලල තව කොච්චර 50,000 ඒවා ඕනෙද බැලුවොත් කන්න වෙන කට්ට හිතාගන්න පුලුවන්. ඒකත් හරි කියමුකො. ලක්ෂ එක හමාර කියන එක දැන් අර මොකද්ද ටින් බෙලෙක්කයක් එක්ක බදු වදින්න තියෙන අවම සීමාව. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් ටැක්ස් කපන්න ගන්නව. එතකොට වාහනයක් ගන්න එක අමතක කරල දාල තමන්ට ලද දෙයින් හැකි තරම් දේවල් කලමනාකරණය කරගන්න බලන එක තමයි කරන්න තියෙන හොඳම දේ මේ තත්වය අනුව. වාහනයකට අත ගැහුවත් එතනින් එහාට තියෙන වියදම් ගැනත් නොහිතා බෑ. එතකොට වඩාත් නුවණැති තීරණයකට යන එක තමයි හොඳම දේ. ඒ තමයි දැන්ම අත ගහන්න එපා කියන එක. මෙහෙම දෙයක් හිතන්න පුලුවන්. Brand new නැතිව second hand අඩු මුදලට හොඳට හොයල බලල වාහන දන්න කෙනෙක් එක්ක හරි ගිහිං හොඳට චෙක් කරල එකක් ගන්න බලන්න හැකි නම්. තරමකින් හෝ ගමන් බිමන් පහසුව හරි ලැබෙයි. හැබැයි ගන්න වාහනේ 100% ක් සැප පහසුව හොයන්න එපා. සැප පහසුව හොයන තැන වියදම අධිකයි කියල මතක තියාගන්න. තමන්ගේ ගමන ගැටලුවක් නැතිව වෙනව නම් පරණ එකකට යන්න හොඳට හොයල. අලුත්ම එකක් ගන්න එක තව පහු කරන්න. තමන්ගේ අවශ්‍යතා ගැන හොඳ අවබෝධයක් ඇතිව තීරණයක් ගන්න.
