ගෙන්නන්නේ නැතිව හාල් 400-500 වෙනකන් නේද තොපි බලන් හිටියේ ආණ්ඩු පෙරලන්න ඒ චාන්ස් එකත් නැතිව ගියා .අපරාදේ තොපි වගේ උන්ට කන්න හාල් වලට අමතරව ගු නැවකුත් ගේන්න තිබ්බේ
ජෙප්පෝ විපක්ෂේ ඉන්න කාලේ ඔහොමද කිව්වේ ??

සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවනවා.
රට තුළ ප්‍රමාණවත් වී සංචිත පවතින පසුබිමක, අවශ්‍යතාවයක් ඇති වුවහොත් නැවත සහල් ආනයනය කරන බවට ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ජාතික ගොවිජන එකමුතුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කරන්නේ මෙම අත්තනෝමතික ආනයන තීරණ හරහා පාරිභෝගිකයා සැනසීමට මුවා වී වෙනත් රටවල ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කරන බවයි.
පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී දින කිහිපයක කීරිසම්බා අවශ්‍යතාවය වෙනුවෙන් මෙට්‍ට්‍රික් ටොන් 2,700ක් හෝ 4,000ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් තිබියදී, අප්‍රේල් 02 වැනිදා සිට 28 වැනිදා දක්වා මුළු මාසයකටම සෑහෙන පරිදි අවශ්‍යතාවයට වඩා 20-30 ගුණයක සහල් තොග ආනයනය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ
------
Post added on Jun 4, 2026 at 9:54 AM