Link https://www.lankadeepa.lk/politics/අමම-මම-කහමද-ආය-ඉසකල-යනන/54-693209
පස්සේ වෛද්‍යවරු කිව්වා දවස් දෙකෙන් දෙකට ප්‍රතිකාරවලට ගේන්න. මට දරුවා අරන් යන්න කොළඹ තැනක් නැතුව ගොඩාක් අසරණ වුණා. පස්සේ මහරගම මගේ අක්කා කෙනෙකු ළඟ ඉඳලා ජාතික රෝහලට දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාන්න එක්ක ගෙන ගියා. දුව කොළඹට ගෙනාවට පස්සෙවත් ඒ මේ අනතුරට වග කියන්න ඕන බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාව ගුරුවරිය එක දවසක්වත් මගේ දරුවා ඇවිල්ල බැලුවෙත් නැහැ. කතා කරලා කොහොමද කියලා ඇහුවෙත් නෑ. අද වෙනකොට මගේ දුරකතන ඇමතුමටවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. “
මව පවසන ආකාරයට තමන්ගේ අත්වැරදීමෙන් සිදු වූ අනතරින් අසල සිටි දියණියක පිලිස්සෙද්දී 'මනුෂ්‍යත්වය' සහ 'වගකීම' යන විෂය ඉදිරියේ මෙම පාසලේ විද්‍යා ගුරුවරිය වන පද්මා දිසානායක ගුරුවරිය වගේම ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට විදුහල්පතිවරයා අසමත් වී ඇත.
පාසලෙන් අප මේ බව විමසූ විය තවමත් ඒම ගුරුවරිය එම විෂය ධාරාව යටතේ රාජකාරි කරන බවත්, ඇයට නීතිය පැත්තෙන් කිසිදු දඬුවමක් මේ වන ලැබී නොමැති බවත් පවසා සිටියේය.
අද
අනෙක් පැත්තෙන්, මේ මහා අපරාධයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නීතිය, අසරණ මවකගේ සහ ගැහැනු දරුවකුගේ විලාපය හමුවේ බිහිරිව, ඉබි ගමනින් යමින් පැවතීම, වගකීම් විරහිතභාවයේ සහ මන්දගාමී නීතියේ කුරිරු ප්‍රතික්‍රියාවෙන් නුවන්ජලා දියණියගේ මුළු ජීවිතයම පණපිටින් වළ දමා ඇත.
බණ්ඩාරවෙල පොලිසිය මේ ප්‍රශ්නයට සහනයක් නොදුන් නිසාත් මට ඇහුම්කන් දුන්නේ නැති නිසාත් අප්‍රේල් 5 වැනිදා මම ගියා කොළඹ ළමා ළමාරක්ෂණ අධිකාරියට. ළමාරක්ෂණ අධිකාරියෙන් එයි කියලා හරි මම බලාපොරොත්තුවෙන් හිටියා එයාලාත් නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනුණේ නැහැ. හැමෝම කරේ එක එක්කෙනාට බෝලේ පාස් කළ එක. ඊට පස්සේ මම යනවා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට. අප්‍රේල් 22 .ඒ වෙන තුරුවත් මගෙන්වත් දරුවාගෙන්වත් කිසිම පොලිසියක් කටඋත්තරයක් අරන් මොකද වුණේ කියලාවත් අහලා තිබුණේ නැහැ.
ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට ගියාම මාව දැම්මා ඩී අයි ජී මැඩම් ළඟට. නීතිය පැත්තෙන් පොඩි හරි දෙයක් මගේ දරුවාට වුණා නම් වුණේ ඒ මැඩම් ළඟට ගියාට පස්සේ. ඒත් තාම නීතිය පැත්තෙන් මගේ දරුවාට කිසිම සාධාරණයක් වෙලා නැහැ. මම ඒ අදාල අංශවලට ඇමතුම් ගත්තාත් ඒ නිලධාරින් මගේ දුරකථයට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අවනඩුව කාටද කියන්න ඕක කියලා මට තේරෙන්නේ නැහැ.
අද වන විට නුවන්ජලා ශාරීරික වේදනාවටත් වඩා ඇය දවා අළු කරන්නේ මානසික වේදනාවය. කන්නාඩියක් දෙස බලා තමන්ගේම මුහුණ දෙස බැලීමට තරම් අද ඇයට ශක්තියක් නැත. නමුත් ඛේදවාචකය එය පමණක් නොවේ. මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, බෙහෙත් ටිකක් ගන්නට අතහිත දෙන්නට අද කවුරුත් නැත. දරුවන් හතර දෙනෙක් පපුවට තුරුලු කරගත් ඒ අසරණ මව අද මෙලොව තනි වී ඇත.
“දරුවා මේ පාර සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමිනුයි හිටියේ. දුවගේ ප්‍රතිකාර කටයුතුත් එක්ක වෛද්‍යවරු කියනවා තව මාස හතර පහකටවත් එළියට බහින්න බැරි වෙයි කියලා. ඒ නිසා දුවට පාසල් යන්න බැහැ. ඒත් දරුවාගේ ජීවිතය තව වසරක් ආපස්සට යන නිසා මම උත්සාහ කරන්නේ online පන්ති කරවල හරි දරුවා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න. ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්.
වෛද්‍යවරු කියන්නේ දරුවාගේ කැළලි සම්පූර්ණයෙන්ම මකන ක්‍රමයක් තාම දන්නේ නැහැ. දැනට ප්‍රතිකාර කරගෙන යනවා. වසර තුන හතරක් යයි කියනවා මේ කැළැල් මැකෙන්න. ඉතින් මගේ එක ඉල්ලීමයි කරන්නේ මගේ දරුවාගේ මූණ හදාන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරන්න. දරුවා සමාජයට යන්න ඕනේ. එයා ලොකු මහත් වෙන්න ඕන. විවාහ වෙන්න ඕන. කැළැල් ටික මකා ගන්න තමයි මට ඕන.”
පිලිස්සී රෝහල්ගතවූ අවස්ථාව
එදා හිනා වී දුව පැන ඇවිද්ද නුවන්ජනා ආලෝකය නොමැති බිත්ති හතරකට මැදිව පිලිස්සෙන්නේ හදවතින්ය. මේ නුවන්ජලා දියණියගේ හඬය.
“වෙච්ච අනතුර නිසා මගේ මුහුණේ තියෙන්නේ ගැඹුරු තුවාල කියලා වෛද්‍යවරු කියනවා. මට හිරු එළියට නිරාවරණය වෙන්න හොඳ නැහැ. මූණේ කැළැල් නිසා සමාජයට මුහුණ දෙන්න අමාරුයි. මම දැන් සමාජයට මුහුණ දෙන්න බයයි. මට මගේ මුහුණ දැක්කම ම බයක් දැනෙනවා. පාසල් යන්න බැරි වුණත් විභාගයට මුහුණ දෙන්න උපරිම උත්සාහ කරනවා.”
දින, සති, මාස ගෙවී යයි. නඩු විභාග සහ පරීක්ෂණ ඉබි ගමනින් යද්දී, නුවන්ජලාගේ ජීවිතය දිනෙන් දින ගෙවෙන්නේ බලාපොරොත්තු විරහිතවය. නීතිය ප්‍රමුඛ විය යුත්තේ මෙවැනි අසරණ වුණු දරුවන් වෙනුවෙන් නොවේ ද?
ඛේදවාචකය එතැනින් නතර වන්නේ නැත. මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, බෙහෙත් ටිකක් ගන්නට අතහිත දෙන්නට අද කවුරුත් නැත. පවුලේ පියාගේ සෙවණැල්ලක් ද නොමැති වටපිටාවක, දරුවන් හතර දෙනෙකුත් පපුවට තුරුලු කරගත් ඒ මව අද මෙලොව තනි වී ඇත. එක පැත්තකින් පිලිස්සුම් තුවාලවලින් පීඩා විඳින දියණියගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍යය. අනෙක් පැත්තෙන් අනෙක් දරුවන් තිදෙනාගේ බඩගින්න නිවිය යුතුය. ජීවත් වන්නට ක්‍රමයක් නැතිව, දරුවාගේ ඖෂධ වේල පිරිමසා ගන්නට විදියක් නැතිව ඒ මව වචනයේ පරිසමාප්තියෙන්ම අන්ත අසරණ වී ඇත.
නුවන්ජලා දියණියට අවශ්‍ය කරන්නේ අනුකම්පාව නොව. ඇයට සිදුවූ අසාධාරණයට සාධාරණයක් සහ යුක්තියක් පමණි. ඇගේ ජීවිතය අඳුරු කළ උදවිය නීතිය හමුවට පැමිණවිය යුතුය.
ඇය තවමත් බලා සිටී. කඳුළු පිරුණු දෑසින්, වේදනාබර හදවතින් යුක්තිය ඉටු වනතුරු ඇය මඟ බලා සිටියි..
නදීශා අතුකෝරළ
දරුවා ළඟටවත් යන්න දුන්නේ නැතුව ඉඳලා ඩෙංගු හැදුණාට පස්සේ මට දරවා ළඟින් ඉන්න කියල වෛද්‍යවරු කිව්වා. ඊට පහුවැනිදා දරුවාට ඩෙංගු රක්තපාත තත්ත්වයට ඇවිල්ලා තිබුණා. ඩෙංගුවලට ඇඟේ වේදනාවයි තුවාලවල වේදනාවයි එක්ක දරුවා පුදුම දුකක් වින්දා. දරුවාගේ ප්‍රතිශක්තීකරණය හොඳටම අඩුවෙලා ගියා.එක ඉල්ලීමයි කරන්නේ මගේ දරුවාගේ මූණ හදාන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරන්න.
පස්සේ වෛද්‍යවරු කිව්වා දවස් දෙකෙන් දෙකට ප්‍රතිකාරවලට ගේන්න. මට දරුවා අරන් යන්න කොළඹ තැනක් නැතුව ගොඩාක් අසරණ වුණා. පස්සේ මහරගම මගේ අක්කා කෙනෙකු ළඟ ඉඳලා ජාතික රෝහලට දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාන්න එක්ක ගෙන ගියා. දුව කොළඹට ගෙනාවට පස්සෙවත් ඒ මේ අනතුරට වග කියන්න ඕන බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාව ගුරුවරිය එක දවසක්වත් මගේ දරුවා ඇවිල්ල බැලුවෙත් නැහැ. කතා කරලා කොහොමද කියලා ඇහුවෙත් නෑ. අද වෙනකොට මගේ දුරකතන ඇමතුමටවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. “
මව පවසන ආකාරයට තමන්ගේ අත්වැරදීමෙන් සිදු වූ අනතරින් අසල සිටි දියණියක පිලිස්සෙද්දී 'මනුෂ්‍යත්වය' සහ 'වගකීම' යන විෂය ඉදිරියේ මෙම පාසලේ විද්‍යා ගුරුවරිය වන පද්මා දිසානායක ගුරුවරිය වගේම ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට විදුහල්පතිවරයා අසමත් වී ඇත.
පාසලෙන් අප මේ බව විමසූ විය තවමත් ඒම ගුරුවරිය එම විෂය ධාරාව යටතේ රාජකාරි කරන බවත්, ඇයට නීතිය පැත්තෙන් කිසිදු දඬුවමක් මේ වන ලැබී නොමැති බවත් පවසා සිටියේය.
අද
අනෙක් පැත්තෙන්, මේ මහා අපරාධයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නීතිය, අසරණ මවකගේ සහ ගැහැනු දරුවකුගේ විලාපය හමුවේ බිහිරිව, ඉබි ගමනින් යමින් පැවතීම, වගකීම් විරහිතභාවයේ සහ මන්දගාමී නීතියේ කුරිරු ප්‍රතික්‍රියාවෙන් නුවන්ජලා දියණියගේ මුළු ජීවිතයම පණපිටින් වළ දමා ඇත.
බණ්ඩාරවෙල පොලිසිය මේ ප්‍රශ්නයට සහනයක් නොදුන් නිසාත් මට ඇහුම්කන් දුන්නේ නැති නිසාත් අප්‍රේල් 5 වැනිදා මම ගියා කොළඹ ළමා ළමාරක්ෂණ අධිකාරියට. ළමාරක්ෂණ අධිකාරියෙන් එයි කියලා හරි මම බලාපොරොත්තුවෙන් හිටියා එයාලාත් නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනුණේ නැහැ. හැමෝම කරේ එක එක්කෙනාට බෝලේ පාස් කළ එක. ඊට පස්සේ මම යනවා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට. අප්‍රේල් 22 .ඒ වෙන තුරුවත් මගෙන්වත් දරුවාගෙන්වත් කිසිම පොලිසියක් කටඋත්තරයක් අරන් මොකද වුණේ කියලාවත් අහලා තිබුණේ නැහැ.
ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට ගියාම මාව දැම්මා ඩී අයි ජී මැඩම් ළඟට. නීතිය පැත්තෙන් පොඩි හරි දෙයක් මගේ දරුවාට වුණා නම් වුණේ ඒ මැඩම් ළඟට ගියාට පස්සේ. ඒත් තාම නීතිය පැත්තෙන් මගේ දරුවාට කිසිම සාධාරණයක් වෙලා නැහැ. මම ඒ අදාල අංශවලට ඇමතුම් ගත්තාත් ඒ නිලධාරින් මගේ දුරකථයට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අවනඩුව කාටද කියන්න ඕක කියලා මට තේරෙන්නේ නැහැ.
අද වන විට නුවන්ජලා ශාරීරික වේදනාවටත් වඩා ඇය දවා අළු කරන්නේ මානසික වේදනාවය. කන්නාඩියක් දෙස බලා තමන්ගේම මුහුණ දෙස බැලීමට තරම් අද ඇයට ශක්තියක් නැත. නමුත් ඛේදවාචකය එය පමණක් නොවේ. මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, බෙහෙත් ටිකක් ගන්නට අතහිත දෙන්නට අද කවුරුත් නැත. දරුවන් හතර දෙනෙක් පපුවට තුරුලු කරගත් ඒ අසරණ මව අද මෙලොව තනි වී ඇත.
“දරුවා මේ පාර සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමිනුයි හිටියේ. දුවගේ ප්‍රතිකාර කටයුතුත් එක්ක වෛද්‍යවරු කියනවා තව මාස හතර පහකටවත් එළියට බහින්න බැරි වෙයි කියලා. ඒ නිසා දුවට පාසල් යන්න බැහැ. ඒත් දරුවාගේ ජීවිතය තව වසරක් ආපස්සට යන නිසා මම උත්සාහ කරන්නේ online පන්ති කරවල හරි දරුවා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න. ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්.
දරුවාව තියාගෙන මාස එකහාමාරක් විතර මට කොළඹ ඉන්න වුණා. මම මගේ කුඩා ව්‍යාපාරය කරගෙන ගියේ බැංකු ලෝන් අරන් .දරුවන් හතර දෙනා ජීවත් කරගත්තේ මගේ ව්‍යාපාරයෙන්. ව්‍යාපාරය අඩාළ වුණා. බැංකු ණය වාරික ගෙවා ගන්න බැරි වුණා. දරුවෝ හතර දෙනාත් එක්ක මම ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. දරුවාගේ පිලිස්සුම් තුවාල ඉක්මනින් හොඳ වෙන්න ප්‍රෝටීන් අධික ආහාර තමයි දෙන්න කියලා තියෙන්නේ. දරුවට කෑමට විතරක් ලොකු වියදමක් මට දරන්න සිද්ධ වෙලා තියෙනවා.තමන්ගේ අත්වැරදීමෙන් සිදු වූ අනතරින් අසල සිටි දියණියක පිලිස්සෙද්දී 'මනුෂ්‍යත්වය' සහ 'වගකීම' යන විෂය ඉදිරියේ ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම පාසලේ විද්‍යා ගුරුවරිය හා විදුහල්පතිවරයා අසමත් වී ඇත . පාසලෙන් අප මේ බව විමසූ විය තවමත් ඒම ගුරුවරිය එම විෂය ධාරාව යටතේ රාජකාරි කරන බවත්, ඇයට නීතිය පැත්තෙන් කිසිදු දඬුවමක් මේ වන ලැබී නොමැති බවත් පවසා සිටියේය.