එහෙම තමයි. අර බෝලේ උඩට පහලට යන ජොයින්ට් එකට දාල තියෙන පොඩි කොක්ක දිරල ගැලවෙන්නෙ මොක පිත්තල උනත් ඒ කෑල්ල පිත්තල නෙවෙයිනම් සොරි තමයි.අපේ ටැංකි දෙකක් තියෙනවා. උඩ ටැංකිය තමයි මෙන් එක. පහල බැකප් එක. එකදවසක් අසල්වැසියෝ කෝල් කළා අපේ ටැංකියෙන් වතුර යනවා කියල. බලනකොට ගේ පිටුපස්සේ ගංගාවක් වෙලා, උඩට නැගල බැලුවම බෝල් වෑල් එකේ කෑලි වතුරේ පාවෙනවා. අලුතෙන් එකක් දැම්ම. එක අවුරුදු 10ක් විතර තිබ්බ. පහළ ටැංකිය 2016 වගේ දැම්මේ. ඒ අවුරුද්දේ ලොකු නියඟයක් ආව නේ. දැන් ඒ ටන්කියේත් උදේ පොඩි ලීක් එකක් තියෙනවා. දාපු වෑල් දෙකම පිත්තල පෙනුම තියෙන ඒවා. හැබැයි දිරුවේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මන් හිතන්නේ ඒවා ඔරිජිනල් පිත්තල නෙවේ. පිත්තල පාට ගාපු යකඩ.