excavator ගැන

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ ලිපිය මෝටර් රථ ගැනනම් නොවෙයි.එත් අද ලෝකයේ බහුලව බාවිතා වන excavator ගැනයි.බොහොමයක් දෙනා මේ යන්ත්‍රය දැකල තිබුනට ඒ ගැන දන්නේ නැ ඉතින් මම හිතුවා මේ යන්ත්‍රය ගැන නොදන්නා අයට පොඩ්ඩක් ඒ ගැන විස්තර කරන්න .
    මුලින්න මේ වගේ යන්ත්‍රයක් නිර්මාණය කලේ William Otis මහතා විසින් ඒ 1835 දී .හැබැයි මේක අද කාලේ ඒවා වගේ නෙමෙයි .වැඩකලේ ජලවාෂ්ප එන්ජිමකින් ඒවගේම එකේ තියන උපාංග වැඩකලේ කේබල් මගින් .ඒ වගේම මේ යන්ත්‍රය ගමන් කලේ රේල් පිලි උඩයි .මේ යන්ත්‍රයට හැරෙන්න පුලුවුනේ වට බාගයයි ඒ කියන්නේ අංශක 180 .
    එයින් පස්සේ නොයෙක් අය මේ යන්ත්‍රය දියුණු කරා කේබල් වෙනුවට ජලවාෂ්ප වලින් වැඩ කරන සිලින්ඩර් ඒ කියන්නේ ජැක් බාවිතා කලා වටේටම කැරකෙන්න පලුවන් විදියට හැදුව.
    Blaise Pascal මහතා විසින් සොයාගත් පැස්කල් නියමයට අනුව ක්‍රියාකරන ලොව මුල්ම hydraulic වලින් ක්‍රියාකරන excavator එකක් සදහා 1948 දී ඉතාලි ජාතික Carlo සහ Mario Bruneri යන සහෝදරයන් දෙදෙනා විසින් ආකෘතියක් ඉදිරිපත් කර ඒ සදහා පේටන් බලපත්‍රය ලබාගත්ත . අවුරුදු 6 කට පසුව එම පේටන් බලපත්‍රය ඔවුන් විසින් ප්‍රංශ සමාගමක් වන SICAM (Society de Industrial Construction of Mechanical Hydraulic Appliances) වෙත පැවරුවා . ඒ අනුව SICAM සමාගම විසින් 1954 දී Yumbo. S 25 යන්ත්‍රය නිපදව්වා .හැබැයි Blaise Pascal මහතා මේ pascal නියමය හොයාගත්තේ
    1647–48 දී.
    මොකක්ද මේ pascal low කියන්නේ ?
    තරලයක බර නොසලකා හැරියහොත් එම තරලය අඩංගු පරිමාව පුරා පීඩනය සමාන වේ
    තරලයක ස්ථිති පීඩනය සෑම දිශාවකට ම සමානව ක්රියා කරයි
    ස්ථිතික පීඩනය, තරලයට සම්බන්ධ වන ඕනෑම මතුපිටකට ලම්බක කෝණවලින් ක්රියා කරයි
    මෙම කරුණු තවත් සරල ලෙස කිවහොත්
    ' සංවුර්ත තරලයක් තුල ඇති කරනු ලබන පීඩනය පදතියේ සැම දිශාවකටම එකාරි ලෙස බලපානු ලබයි "
    එනම් 'සංවුර්ත පද්ධතියක් තුල ඕනෑම ස්ථානයක පවතින පීඩනය එම පද්ධතියේ තවත් ඕනෑම ස්ථානයක පවතින පිඩනයට සමානවේ
    තේරෙන බාසාවෙන් කියනවනම් ඔයා පොඩි සිරින්ජරයකුයි ලොකු සිරින්ජරයකුයි අරගෙන ඒවාට වතුර පුරවන්න දැන් මේ දෙකේම පිටවන තැන බටෙකින් එකට සම්බන්ද කරන්න දැන් ඔයා පොඩි සිරින්ජරය අතින් තදකරන කොට ලොකු සිරින්ජරය එලියට යනවා ඒවගේම පොඩි සිරින්ජරය තදකරන්න පොඩි බරක් එක උඩ තිබ්බොත් ඒ තියන බරට වඩා ලොකු බරක් ලොකු සිරින්ජරය උඩට උස්සනවා . pascal නියමයෙන් කියන්නේ මේක තමයි .hydraulic excavator වැඩ කරන්නේ මේ pascal low එක අනුව .

    excavator වර්ග ගණනාවක් තියනවා excavator එක ගමන් කරන්නේ රෝද වලින්නම් එකට කියන්නේ wheel excavator කියලා . ඒ වගේම එක ගමන් කරන්නේ දම්වැල් වලින්නම් එකට කියන්නේ cowler excavator. තවත් ඒවා තියනවා ලොරි වල හයි කරලා ඒවාට කියන්නේ truck-mounted excavator .මෙයිට අමතරව තව විශේෂිත ඒවා තියනවා ,රිමෝට් වලින් වැඩකරන ඒවා වගේම මුහුද යට වැඩකරන under water water excavator.
    ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ hydraulic excavator ගැන
    hydraulic tank
    excavatorඑක වැඩකරන්න ඕනි තෙල් ගබඩා කරන්නේ ටැංකිය ඇතුලේ
    hydraulic pump
    වහනයකනම් එන්ජිමට හයිකරලා තියෙන්නේ ගියර් පෙට්ටිය එත් එක්ස්ක්වෙටර් එකේ එන්ජිමට හයිකරලා තියෙන්නේ පොම්පය .මෙන්න මේ පොම්පෙන් කරන්නේ අර ටැංකියේ තියන තෙල් ටික අරගෙන ඒ තෙල් වලට චලනයක් දීමයි .නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ පොම්පෙන් තමයි තෙල් pressure කරන්නේ කියලා .නමුත් එක එහෙම නැ .එහෙනම් කොහොමද මේ hydraulic පද්දතිය ඇතුලේ පීඩනයක් හටගන්නේ?. එක වෙන්නේ මෙහෙමයි ටැංකිය ඇතුලේ තියන තෙල් පොම්පෙට අවම පොම්පෙන් ඒ තෙල් බටයක් දිගේ තවත් කොටසකට යවනවා එකොටසටකියන්නේ valve box එක කියල .මැෂිම වැඩ නොකරනවානම් එකියන්නේ neutral නම් මේ තෙල් ටික valve box එකෙන් එලියට ඇවිත් අපහු oil cooler එක හරහා ටන්කියටම ගමන්කරනවා.මැෂිම වැඩකරන කෙනා යම්කිසි උපාංගයක් ඒ කියන්නේ අර එලියට පෙන්න තියන ලොකු සිලින්ඩරයක් වෙත හෝ මෝටරයක් වේ තෙල් පර යොමු කරපුවම ඒ කොටස ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ සිලින්ඩරය හෝ මෝටරය ක්‍රියාත්මක වෙන්න තියන බාදක/ප්‍රතිරෝදය නිසා තමයි පද්දතිය තුල පීඩනය හට ගන්නේ .කොටින්න්ම කියනවනම් පොම්පය මගින් තෙල් මත චලනයට එරෙහිව ඇතිවන ප්‍රතිරෝදය හේතුවෙන් තම පීඩනයක් ඇතිවෙන්නේ
    Valve box
    පොම්පයෙන් දෙන තෙල් කෙලින්ම එන්නේ මේ කොටසට මෙතනින් තමා කොයි පැත්තටද කියල බෙදන්නේ ඒ වගේම පද්දතියේ පාලනයට අවශ්‍ය බොහොමයක් valve හයි කරලා තියෙන්නේ මේ කොටසෙයි.

    hydraulic cylinder
    අර මුලින් කියපු pascal low එක මත ක්‍රියාකරන එක කොටසක් තම මේ සිලින්ඩරය අර එලියට පෙන්න හයි කරලා තියෙන්නේ හරියට ලොකු shock ab sober එකක් වෙගේ අන්න එක .මේ සිලින්ඩර් එකත් හරියට සිරින්ජරයක් වගේ හැබැයි මේකේ දෙපැත්තටම තෙල් දෙනවා එක වරකට එකපැත්තකට බැගින් එක පැත්තකින් තෙල් දෙනකොට අර නිකල් පාට ROD එක එලියට හෝ අතුඅලට යනවා එතොකොට අනිත් පැත්තේ තෙල් අපහු valve box එකට ඇවිත් oil cooler එක හරහා අපහු ටැංකියට යනවා .

    hydraulic motor
    මැෂින් එක හරවන්නේ එකියන්නේ කරකවන එක කරන්නේ තෙල් බලයෙන් ක්‍රිය කරන මෝටරයක් මගින් .ඒ වගේම මැෂින් එක ගමන් කරවන්නත් මෝටර් තමයි යොදාගන්නේ එතොකොට කොහොමද යට තියන ගමන් කරන traveling මෝටර් වලට උඩ කොටසේ ඉදන් තෙල් දෙන්නේ?මේකට හෝස් දැම්මොත් උඩ කොටස කැරකෙනකොට ඒවා ඇබෙරෙනව .ඒ නිසා එකට ස්විවල් ජොයින්ට් කියන කොටස හරහා තමයි උඩ යට තෙල් බෙදන්නේ එක හරියට කැරකෙන කුඩුවක තියන flasher කොටේ වගේ වැඩ කරන එකක් .

    operator cabin
    මේකේ තමයි යන්ත්‍ර ක්‍රියා කරු ඉන්නේ එය සිටෙකේ ඉඩගත්තම එයාගේ අත්දෙක දෙපැත්තේ තියනවා ලිවර් දෙකක් . ඒවගේම කකුල් දෙක ලග ලිවර් දෙකකුත් මෙන්න මේ ලිවර් වලින් තමා අර මුලින් කියපු valve box එක හසුරවන්නේ .එහෙම හසුරවල තමයි valve box එක මගින් අදාල සිලින්ඩරය හෝ මෝටරය ඔහු විසින් ක්‍රියා කරවන්නේ
    අද කලේ පවතින excavator බොහොම දියුණු ඒවා .ඒවායේ එන්ජින් සහ පද්දති පාලනය කරන්න ECU තියනවා .ඒ වගේම ඒවා GPS තාක්ෂනය මෙන්ම satellite පද්දතිද උපයෝගී කර ගන්නවා මේ වැනි excavator ලංකාවේ දැන් සුලබව තියනවා .

    Artical by *Hiran chamnida
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Richard Hammond:22267825 said:
    photos ටිකත් දාපන් බන්.
    Rep+

    එලකිරි ඇප් එකෙන් දාන්නෙ බ්න්.ෆොටෝ දාන්න බෑනේ මේකෙන්