බෙවිස් බාවා, බ්‍රිෆ් ගාර්ඩන්, බෙන්තොට.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    බෙවිස් බාවා,
    බ්‍රිෆ් ගාර්ඩන්,
    බෙන්තොට.



    ඒක තමයි මේ යන්න හදන තැනට තියෙන ලිපිනය. ඉංග්‍රීසි බී අකුරුම තුනක්. දැන් එතකොට කවුද බෙවිස් බාවා කියන්නේ. එයා කවුද කියන්න කලින් මේ තැන ගැන පොඩි දෙයක් හරි කියන්න ඕන. ගාලු එද්දි අලුත්ගම පහුකරලා ගාල්ල පැත්තට පොඩි දුරක් ආවාම අලුත්ගම - මතුගම පාරෙන් ගිහින් මරික්කාර් මාර්ගය ඔස්සේ ගියාම හමුවෙනවා බ්‍රිෆ් උද්‍යාන මාවත. ඒක ඉවර වෙන්නේ මේ කියන බ්‍රිෆ් උද්‍යානයෙන්. එහෙමත් නැත්තම් දකුණු අධිවේගී මාර්ගයේ ඇවිත් වැලිපැන්න හුවමාරුවෙන් අලුත්ගම පැත්තට එද්දි ඔබට අර කිව්ව මරික්කාර් මාර්ගය හමුවෙනවා. ඒකේ ගියාම බ්‍රිෆ් උද්‍යාන පාර. ඊට පස්සේ බ්‍රිෆ් උද්‍යානය. මේ බ්‍රිෆ් උද්‍යානය ලංකාවේ තනි පුද්ගලයෙක් සතු විශාලම උද්භිද උද්‍යාන කිහිපයෙන් එකක්. අනෙක් තනි පුද්ගලයින් සතු උද්‍යාන මහජන ප්‍රදර්ශණයට විවෘත නෑනේ. හැබැයි මේක එහෙම නෑ. මේක ඔවුන්ට විවෘතයි. මේ උද්‍යානය ගෙවතු සැලැසුම්කරණයේ අග්‍ර ඵලයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම උද්‍යානය පුරාම පිහිටලා තියෙන ශාඛ හරිම අපූරුවට මනසට නිදහසක් දැනෙන අයුරින් සැලැසුම් කරලා තියෙනවා.

    කොහොමත් ගම්පහට පස්සේ දකුණට යද්දි ආයෙත් මල් වත්තක් හමුවෙන්නේ මිරිජ්ජවිල. මේ බ්‍රිෆ් උද්‍යානය තමයි දකුණු මුහුදු තීරයේ තියෙන මල්වතු හිස්තැන පුරවන්නේ.ඔන්න දැන් යමු ලස්සන කතාවට. ඒක තමයි කවුද අර උඩ ලිපිනය අයිති "බෙවිස් බාවා"..?

    බාවා කිව්ව ගමන් කවුද මතක් වෙන්නේ...? ජෙෆ්රි බාවා. ඇයි ඒ...? ඔහු මේ රටේ නිර්මාණය කල අපූරු වාස්තු විද්‍යාත්මක නිමැවුම් නිසා. ඔන්න ඔය කිව්ව ජෙෆ්රි බාවාගේ අයියා තමයි මේ කියන බෙවිස් බාවා. ජෙෆ්රි බාවා එංගලන්තේ ගිහින් වාස්තු විද්‍යාව ඉගෙන ගනිද්දි බෙවිස් බාවා ගියා රාජකීය හමුදාවට. බෙවිස් බාවා 1929 වසරේදී හමුදා නිලධාරියකු ලෙස හමුදාවට එක්වූවේය. මේ හමුදා සේවය වෙනුවෙන් ඔහු වැටුපක් ද නොගත් බව කියවෙනවා. මොකද ඔහුට ඕනෑ තරම් මුදල් තිබුනු නිසා ඔහු රැකියාවෙන් වැටුප නොගත් හමුදා නිලධාරියෙක් විදිහට ප්‍රසිද්ධයි. ජෙෆ්රි සහ බෙවිස් දෙදෙනාගේ සීයා තමයි මුල්ම කාලයේ ලංකාවට ආවේ. ඔහුගේ නම මොහොමදු බාවා. ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක්. හැබැයි මොහොමදු බාවා විවාහ වුනේ ප්‍රංශ ජාතික තරුණියක් සමඟ. ඇය හොඳ කතෝලික පවුලක තරුණියක්. ඇය ලැහැස්ති වුනේ නැහැ ඇගේ දරුවන් ඉස්ලාම් ආගම යටතට යවන්න. ඒ නිසා ඒ පරම්පරාවේ මුස්ලිම් සංකේතය එතැනින් අවසන් වුනා. එතැන් පටන් බාවා පරම්පරාව හොඳ කතෝලිකයින්. කොහොම හරි මේ බාවා පවුලට අප්‍රමාණ ධනයක් තිබුනා. මේ මුදල් හම්බ කළේ කොහොමද කියන කාරණය ගැන නම් හොයාගන්න බැරි වුනා. බෙවිස් හා ජෙෆ්රි කියන දෙන්නාට තමයි මේ ධනය අවසානයේ උරුම වුනේ. හැබැයි මේ දෙන්නාටම පොදු දුකක් තිබුනා. ඒ තමයි ඔවුන්ගේ විවාහය.

    බෙවිස්, ජෙෆ්රි දෙන්නාම අසාමාන්‍ය ලෙස උසයි. බ්‍රිෆ් උද්‍යානයේ නිර්මාපකයා වුන බෙවිස් බාවා අඩි හතකට වඩා උසයි කියනවා. ඒ නිසා කාන්තාවන් අතර මතයක් තිබුනා ඔහු සමග නිදි යහනට ගියොත් මියයන්න සිද්ධ වෙනවා කියලා. අවසානයේ බෙවිස්ට කිසිදු විවාහයක් කරගන්න කාන්තාවක් හොයාගන්න බැරි වුනා. සමස්ථ කාන්තා සංහතියත් එක්කම වෛර බැඳගන්න බෙවිස් 1928 වසරේ එක්තරා දිනෙක මිනිසුන්ගෙන් වඩාත් ගහන නොවූ මේ අලුත්ගම කැලෑබද පරිසරයක පිහිටි අක්. 150 ක රබර් ඉඩමේ තමන්ගේ නිදහස්, හුදෙකලා රාජ්‍ය ගොඩ නගන්න පටන් ගන්නවා. අක්කර ගණනාවක තිබුන රබර් ගස් උගුලා දමා ඔහු ස්වාභාවික පරිසරයේ මේ අපූරු උද්‍යානය ගොඩ නගන්න පටන් ගන්නවා. ඉඩමේ මුලින්ම සිටුවන්නේ අරලිය පැළයක්. මේ බ්‍රිෆ් ගාඩන් උද්‍යානයේ මුල්ම ගස සැලකෙන්නේ ඒ කියන අරලිය ගස. අදටත් ඒ අරලියා ගස මෙහි තිබෙනවා. එතැනින් පටන් ගෙන අක්කර ගණනාවක් පුරා අපූරු කතාවක් ගස්වලින් මවා පාන බෙවිස් තමන්ගේ කාන්තාවන්සමඟ තිබූනොහොඳ පිට කරන්න වගේ ඉඩම පුරාම පිරිමි රූප අඹනවා. හැබැයි කිසිදු කාන්තා රූපයක් හතර මායිමේ තියන්නේ නෑ. කාලය ගෙවිලා යද්දි විදෙස් අධ්‍යාපනය අවසන් කරලා ජෙෆ්රි බාවාත් එනවා අයියා ළඟට. ජෙෆ්රි කියන විධියට ජෙෆ්රිගේ වාස්තු ඉදිකිරීම පරිසරය මූලික කරගෙන ගොඩනැගෙන්න ප්‍රධානම හේතුව වුනේ මේ අයියා හදපු බ්‍රිෆ් උද්‍යානයලු. මෙහි සුන්දරත්වයෙන් වශී වුන ජෙෆ්රි එතැන් පටන් ඔහුගේ වාස්තු නිමැවුම් ජීවිතය තුල නිර්මාණය කළ බොහෝ නිර්මාණවල මේ බ්‍රිෆ් උද්‍යානයේ අනුභූතීන් සැඟවිලා තියෙනවාලු.

    කොහොම හරි, දුකම කතාව එන්නේ ඊට පස්සේ. මෙච්චර අපූරු නිර්මාණයක් කල බෙවිස් බාවාගේ දෑස් ඔහුගේ ජීවිතේ අවසන් අවුරුදු අට පුරාම අන්ධ වෙලා තිබිලා තියෙන්නේ. ඔහුට ඔහුම ගොඩ නැගූ මේ සුන්දරත්වය දෑසින් දැකගන්න වාසනාව ලැබිලා නෑ. ජීවිතේ අවසන් වසර ගණනාව පුරාම ඔහු ධම්මපදය ඔහුගේ සමීතම ශ්‍රී ලාංකික මිතුරාට කියලා ඔහුට ඇසෙන්නට කියවාගෙන තිබෙනවා. පසුගිය දවසක අපි මේ නවාතැනට ගියාම ඉර බැහැගෙන යන හැන්දෑවක බෙවිස් එදා ජීවත් වුන නිවසේ එලියේ වාඩි වෙලා මේ මිත්‍රයා අපිට අතීත කතා රැසක් කිව්වා. ඔහු නමින් ඩූලන්ඩ් සිල්වා මහත්මයා. ඔහු තමයි අද වෙද්දි මේ සියල්ල බලාකියාගනිමින් සිටින්නේ.

    අතීත කතා එහෙම දැන කියාගෙන දැන් පොඩ්ඩක් උද්‍යානයේ ඇවිදින්න යමු. මේ උද්‍යානයේ ඇවිදින අපිට දැනුන අපූරුම හැඟීම තමයි මෙහි තිබෙන නිදහස. මෙහි ශාඛ වර්ග 105ක් පමණ තිබෙනවා. හැබැයි ඒ අතරින් අඩුවෙන්ම තියෙන්නේ මල් පිපෙන ශාඛ. සමස්ථ උද්‍යානය පිහිටි භූමිය බැලුවාම ඒක තරමක් බෑවුම් සහිත එකක්. හරියට පුංචි කන්දක් වගේ. කන්දේ මුදුනේ තමයි බෙවිස් බාවා තමන්ගේ නිවෙස ඉදි කරලා තියෙන්නේ. එතැන ඉඳලා බැලුවාම පේනවා තට්ටු තට්ටු පහලට තියෙන අපූරු උද්‍යානය. ඒ තට්ටුවලින් පහලට බහින්න විශාල පඩි පේලියක්. පඩි පෙළ අවසන් වන්නේ පුරාණ රාජ සමය සිහිකරමින් ගොඩ නැගුන සඳකඩ පහනකින්. ඉන් ඒ එක්කම වම් පසට වන්නට තිබෙන්නේ අපූරු පොකුණු පෝලිමක්. නග්න පිරිමි සිරුරකින් වෑහෙන ජලයෙන් පොකුණු මාලයේ පළමු පොකුණ පිරෙනවා. ඉන් පසුව එහි වැඩි වතුරවලින් දෙවැනි පොකුණත්, ඉන් පසු තෙවැන්නත් ආදී ලෙසින් පොකුණු පෝලිම ගලාගෙන යනවා. ඒ දෙපස තිබෙන්නේ උණ වගාවක්. මේ aආදී ලෙස කියන්නට ගියොත් පිටු ගණනාවක් ලියන්නට පුලුවන්. ඒ නිසා ගිහිල්ලාම බලන්න.

    උද්‍යානය ලස්සනයි වගේම මෙතැනට ඇතුලු වීමේ ගාස්තුව නම් තරමක් ඉහලයි. එක් අයෙකුගෙන් රුපියල් 1,000ක මුදලක් අය කරනවා උද්‍යානය හා අවට නරඹන්න. ඒකත් දැනගෙනම මෙතැනට යන්න.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බාව න‌ේද පාර් ම න්ට් ඒක හදලා තියෙන්නේ ඒකා පාද මගුල් බලන්නේ නෑනේ පාද අවුල් ව‌ෙලා හැමදාම වලිලු ක‌ෙලවෙනවලු :lol:
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    බාව න‌ේද පාර් ම න්ට් ඒක හදලා තියෙන්නේ ඒකා පාද මගුල් බලන්නේ නෑනේ පාද අවුල් ව‌ෙලා හැමදාම වලිලු ක‌ෙලවෙනවලු :lol:

    ඒ ජෙෆ්රි බාවා


    මේකේ ඇඩ්රස් එක බෙන්තොට කිව්වට බෙන්තොට නෙවි මේක තියෙන්නේ
    බෙන්තොට කිට්ටුව

    තව බෙන්තොට තීනවා ජෙෆ්රි බාවගේ ගාර්ඩන් එකක්
     
    • Like
    Reactions: NRTG