මුලින්ම මම මතක් කරන්න ඕනේ මේ post එක දාන්නේ උඹලගේ වීරයාව කොන් කරන්න නෙවෙයි හරිතේ..... මම පොඩ්ඩක් වෙනස් විදිහට ලෝකය දෙස හිතන්න ආස එකෙක්. එම නිසා මා එක්ක Thunder Cats lover's ල මරාගන්න එහෙම එනවා නොවෙයි. මමත් 80s Retro cartoons වල පට්ට fan කෙනෙක්. ඉතින් මම මේ කරන්න මට හිතුනු fan thiyory එකක් බොලාලා එක්ක බෙදා ගන්න එක.
අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ThunderCats කාටූන් එක මතකද? සිංහයෙක් වගේ කෙස් තිබ්බ Lion-O, අර දිලිසෙන Sword of Omens කඩුවෙන් "Thunder, Thunder, Thunder Cats, Hooo......" ගාද්දී අපිට දැනුනේ පුදුම වීරත්වයක්. හැබැයි මම ලොකු වෙලා සඳ බොඳ වෙලා ලෝක දේශපාලනය සහ ඉතිහාසය කියවද්දී තමයි තේරෙන්නේ මේ කාටූන් එක පිටිපස්සේ තිබිලා තියෙන්නේ ඇමරිකානු "සූක්ෂ්ම ආක්‍රමණශීලී චින්තනය" (Colonial Mentality) වීරත්වයට හරවලා අපේ ඔළුවලට දාපු අපූරු ගේම් එකක් කියලා!
පොඩ්ඩක් කතාව අපේ පැත්තෙන් නැතුව "දුෂ්ටයාගේ" පැත්තෙන් බලමුද?
1. Thundera කියන තමන්ගේ ලෝකය විනාශ වුණාට පස්සේ Thunder Cats ලා අනාථයෝ වගේ අභ්‍යවකාශ යානයකින් එන්නේ "Third Earth" (තුන්වන පෘථිවිය) කියන වෙනත් ග්‍රහලෝකයකට.
2. ඒ ලෝකයට පය ගහපු ගමන් මුන් කරන්නේ මොකක්ද? ඒකේ අයිතිකාරයෝ වගේ තමන්ගේ සුපිරි තාක්ෂණය පාවිච්චි කරලා, අඩි සිය ගණනක් උස, සිංහ මූණක් තියෙන (අපේ සීගිරියත් copy කරලා) දැවැන්ත යුද බලකොටුවක් (Cats Lair) එක හදනවා.
3. දැන් මේ ලෝකයේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ජීවත් වුණු, ඒකේ මුල් පදිංචිකරුවෙක් වෙන Mumm-Ra ගේ පැත්තෙන් බලන්න.? කොහේදෝ ඉඳන් ආපු පිටසක්වළ සත්තු වගයක් (Alien Invaders) තමන්ගේ මව්බිමට කඩා වැදිලා, බලකොටු බැඳගෙන, රටේ බලය අල්ලන්න හදනවා.
4. එතකොට Mumm-Ra කරන්නේ ඇත්තටම "දුෂ්ටකමක්ද"? මගේ පැත්තෙන් නම් නැහැ, එයා කරන්නේ පිටස්තර ආක්‍රමණිකයන්ගෙන් තමන්ගේ මව්බිම බේරගන්න කරන "දේශප්‍රේමී නිදහස් සටනක්"!. Mumm - Ra නම් ඒ ලෝකේ පාලකයා කොහෙවත් ඉදන් ආපු පඩත්තලයින් ටිකක් තමන්ගෙන් අවසරයක් වත් නැතුව හදන මූලස්ථානයකට අවසරය දේවිද.?
Mumm - Ra යනු සංකෘතියත් රැකගෙන සොබාදහමත් ආරක්ශා කරගෙන ඒ ලෝකේ සිටින පැරණිතම මුල් පුරවැසියෙක්. අපි වුනත් එක පාරට අපේ වැයික්කියට කොහේවත් ඉන්න එකෙක් කඩාගෙන වැදිලා බලහත් කාරයෙන් පදිංචි වෙන්න ගත්තොත් ගේම අදිනවා නේත ළමයි... අන්න ඒ දේම තමයි උ කරෙත්.
මේක තමයි ඇමරිකානු කූට උපක්‍රමය.? ඇමරිකාව ඉතිහාසය පුරාම කළේ ඕකයි. රතු ඉන්දියානුවන්ගේ රට (ඇමරිකාව) අල්ලගන්න කොටත්, වියට්නාමයට, ඉරාකයට, ලිබියාවට කඩා වදින කොටත් ඔවුන් ලෝකෙට පෙන්නුවේ තමන් ආවේ ඒ රටවල් "බේරගන්න" ආපු වීරයෝ වගේ. තමන්ගේ ආක්‍රමණය සාධාරණීකරණය කරන්න ඔවුන් මුලින්ම කරන්නේ ඒ රටවල ඉන්න නායකයන්ව ලෝකෙටම "මහා ම්ලේච්ඡ දුෂ්ටයෝ" (Villains) විදිහට චිත්‍රණය කරන එකයි.
Mumm-Ra ව මමියක් වගේ කැත, බියකරු එකෙක් කරලා, Thunder Cats ලාව ලස්සන, වීර පෙනුමක් තියෙන අය කළේ ඒකයි. අපේ ඔළුවලට පොඩි කාලෙම දැම්මා "පිටින් ඇවිත් රටවල් අල්ලන සුදු මහත්තුරු තමයි වීරයෝ, ඒකට විරුද්ධ වෙන රටේ එකා දුෂ්ටයා" කියලා.
සිනමාව සහ කාටූන් කියන්නේ නිකම්ම විනෝදාස්වාදය විතරක් නෙවෙයි, අධිරාජ්‍යවාදී කපටිකම් සියුම්ව සාධාරණීකරණය කරන මහා බලගතු මෙවලමක්! ඉතින්... ඇත්තටම කවුද දුෂ්ටයා? Mumm-Ra ද? Thunder Cats ලාද?
හැබැයි මොකා කොහොම කිව්වත් ඉස්සර 80s Retro Cartoon වල තිබුණු concepts සහ art වල තිබ්බ quality එක, Intro එක පටන් ගද්දි ඒ theme song එකත් එක්ක ඇඟට දැනෙන හිරිකටු පිපෙන vibe එක දැන් Cartoons වල නෑ
මේ ඒක නෙමේ ඔන්න Thunder Cats movie එක එනවලු!

Warner Bros. Officially Rebooting 41-Year-Old Fantasy Classic With New Movie
මේ ගැන උඹලගේ අදහසුත් කියපල්ලා බලන්න
Last edited: