ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    I think I was like 2 or 3. ඒ කාලෙ ගෙදරකට වාලම්පුරියක් කොහෙන්ද ඇවිල්ල කියල ඒක බලන්න එක්කගෙන ගිහින් තියනව අම්මල. මට මතක මාව වඩාගෙන මිනිස්සු අස්සෙන් යන සීන් එකක්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    දනගානකොට ආච්චි මාව බිම පැදුරක තියාගන හිටියා මතකි. ආචිච් මගේ අම්මව පෙන්වනවා මේ අම්මා කියලා. එතකොට අම්මව උසට වගේ දැක්කා මතකයි.

    දනගානකොට තව මතක අවස්ථා කීපයක් මතකයි. මම උදේ දනගාගන යනකොට නැන්දා පාඩම් කර කර හිටියා මතකයි.

    තව අම්මා වඩාගන, තාත්තා වැඩ ඇරිලා එනවා මතකයි. මම හිතන්නේ මට වයස අවුරුද්දක් හෝ ඊට අඩුයි.
     
    • Love
    Reactions: Yudewwa

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    808
    292
    63
    Sri lanka
    චම්පා කල්හාරි ජනප්‍රිය වෙන්න කලින් (අවු 16දි විතර) concert එකක් කලා 1992,1993 වගේ. අපිට ඒකේ front row seat වගේ හම්බුනා. මම එතකොට අවුරුදු 3ක් 4ක් වගේ ඇති. මම ගාව ඩෙල්ටා ටොපි වගයක් තිබ්බා. මට කොහොම හරි ඔය ටොපියක් චම්පා කල්හාරිට දෙන්න ඕනකම තිබුනා. එයා ඉඳගෙන හිටපු තැනින් නැගිටල ගිය වෙලාවේ stage එකට දුවලා ගිහින් ටොපියක් තියලා ආවා. පස්සේ show එක ඉවර වෙලා චම්පා කල්හාරි හොයන් ආවා ටොපියක් දීපු පුංචි පුතා කෝ කියලා.
     
    • Love
    Reactions: Yudewwa

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,688
    1,205
    113
    Mars
    mata mathakai man podi kale window ekata oluwa hirakaragena kattiya mava beraganna dagalanava
    mata awrudu 03 ai lu etha kota,

    1990 මහනුවර පල්ලෙකැලේ ගම්උදාව ප්‍රදර්ශන භූමිය. අධික තෙරපීමකට ලක්වුනා
    ubata mathakada oke thibuna diver kenekge scene ekak, wathura asse edala tata kiyanava.
    thawa ship ekak hari wage ekak thibuna.
    thwa electric car padinna scene ekak thibuna..
    ------ Post added on Jun 24, 2026 at 9:26 PM
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    අවු 2-3 අතර වගේ . සීයාගේ මල ගෙදර තිබ්බ මතකයි .. තිබ්බේ අල්ලපු වත්තේ මහප්පාගේ ගෙදර . හැබැයි මාව එක්කන් ගියේ නෑ කියලා මතකයි . පෙරහරේ එක්ක ගියෙත් නෑ . මම හිතුවේ ඒක නැට්ටුවෝ , සේසත් ගෙනියන එකක් කියලා . එක්කෝ මොකෙක් හරි එහෙම කියලා රවට්ටන්න ඇති .

    තව අපේ ඉස්සර ගෙදර ඉස්සරහ මොන්ටිසොරිය එක්ක ප්‍රයිමරියක් තිබ්බ . අපේ ගෙදර හිටපු උන් දෙන්න ගියෙත් එකට . මම ඉතින් එකෙ interval එක වෙලාවට ඒ පැත්තට තිබ්බ කුරු තියන ජනේලේක නැගල කකුල් දෙක එලියට දාගෙන සෙල්ලම් කරන උන් දිහා බලන් ඉන්නව නැත්නම් ගෙදර උන් දෙන්න හොයනවා ළමයි අතරින් ..
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,897
    5,466
    113
    මට මතකයි පොඩි කාලේ මගේ ඉනට බැදල තිබ්බ උන පදුරකුත් ඇදගෙන අපේ අම්මල වැඩ කරන කුබුරට ගියා..
    හම්මට නන්දිමිත්‍ර. දැක්ක කල්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,246
    1
    31,893
    113
    - උඩරට -
    කලුසුදු ටීවී එකේ ඔෂීන් බලනවා මතකයි පොඩි අදුරු ලයිට් එකක් දාගන. මට මතකයි කවුරුහරි (අම්මා හෝ ලොකු අම්මා) කියනවා අඩන්න එපා ...... එනවා කියලා(තිත් පේලිය දාල තියෙන්නෙ එනවා කිව්වෙ කවුද කියලා මතක නැති නිසා) . ජීප් එකක් හෝ දෙකක් යනවා එනවා ඇහුනා මතකයි.. දැන් හොයලා බලනකොට ඒ 1989දි. මට අවුරුදු දෙකේදි. වාහනේ ජීප් කියලා කියන්නෙ මට ඒ හඩ අදටත් මතක නිසා. පරණ 4DR5 ජීප්. මම හිතන්නෙ ඔය කලබල කාලෙ ගිය පොලිස් හෝ හමුදා වාහන වෙන්න ඕන..
    ඔශීන් ටමා .. ඒ දවස් වල තිබ්බා ටීවී එකක් ගෙදර කලු සුදු.. බ්‍රෑන්ඩ් එක පැන්ඩා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,796
    34,120
    113
    ubata mathakada oke thibuna diver kenekge scene ekak, wathura asse edala tata kiyanava.
    thawa ship ekak hari wage ekak thibuna.
    thwa electric car padinna scene ekak thibuna..
    උඹ කීවට පස්සේ තමයි ඒක මතක් වුනේ. ඩයිවර් කෙනෙක් ටැංකියක් ඇතුලේ වගේ දාලා හිටපු සීන් එකක් තිබුණා තමයි. මට ලාවට වගේ මතක.
     
    • Like
    Reactions: OpenSpace

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,897
    5,466
    113
    ඔශීන් ටමා .. ඒ දවස් වල තිබ්බා ටීවී එකක් ගෙදර කලු සුදු.. බ්‍රෑන්ඩ් එක පැන්ඩා
    අපේ තිබ්බ එක ඩේට්රෝන්. පස්සෙ අනූ ගණන් මුල සන්යෝ කලර් එකකට මාරු උනා
     
    • Love
    Reactions: charitha2011

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,500
    72,547
    113
    සුපිරි ත්‍රෙඩ් එකක්, මට 3 ඉඳ සමහර සිද්දි තාම ලාවට වගේ මතකයි, ආච්චි/සීයා දෙන්නම ඉන්න කාලේ තමා ඒ. montisori කාලේ වෙච්ච ගොඩක් දෙවල් මතකයි, ඒකට යන්න කලින් පොඩි පොඩි ඒවා මතකයි.