බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    851
    1
    1,712
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අවසන් ගමන් ගිය දහම්නෙත්!... 😯

    මකුළුදූව ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී අද (27) පෙරවරුවේදී දුරකථන කණුවක ගැටි එක් අයෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි.

    අනතුරින් මියගොස් ඇත්තේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 11වන වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසල දහම් නෙත් හෙට්ටිආරච්චි නැමැති සිසුවාය.
    අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩී වෙන් වී ඇතැයි පොලීසිය පවසයි.

    මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බවත් එහි වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක එයාර් පිල්ටරයක් සවිකර තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.
    මේ අතර මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    බරපතළ තුවාල ලද පසුපැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ නොසිටි ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පසුපැදිකරු සුවසැරියේ ගිලන් රථයෙන් කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
    පැදිකරු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වෙයි.



    විදේශ ගතව සිටින පියාට පෙරැත්තකිරීම හේතුවෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම යතුරුපැදිය රුපියල් 40000/= මුදලකට සිසුවාට මිලදීගෙන තිබේ.

    මව රැකියාවට ගිය අතරවාරයේදී නැගණිය පමණක් නිවසේ සිට ඇති අතර මියගිය දරුවා යතුරුපැදිය රැගෙන ඒ ආසන්නයේ නිවසක පදිංචි එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරෙකු සමග මකුළුදූව සිට ඇරැව්වල දෙසට යමින් සිටියදී එම දිසාවට ගමන් ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටයාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

    මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතය.
    සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    සේරම හරි කියමු
    වෙන බයික් එකක එයා පිල්ටරයක් හයි කරාම බයික් එකේ ස්පීඩ් එක වැඩි වෙන්නෙ කොහොමද

    මගේ කාර් එකට ලැම්බොගිනි හරි ෆෙරාරියක හරි එයා පිල්ටරයක් හයි කරාම ඒ වගේ ස්පීඩ් වෙනවද
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    851
    1
    1,712
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    සේරම හරි කියමු
    වෙන බයික් එකක එයා පිල්ටරයක් හයි කරාම බයික් එකේ ස්පීඩ් එක වැඩි වෙන්නෙ කොහොමද

    මගේ කාර් එකට ලැම්බොගිනි හරි ෆෙරාරියක හරි එයා පිල්ටරයක් හයි කරාම ඒ වගේ ස්පීඩ් වෙනවද

    එයා ෆිල්ටරෙන් විතරක් බෑ, Carburetorත් ටියුන් කරල ඇති. (Carburetor jetting)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,569
    113
    Colombo
    සේරම හරි කියමු
    වෙන බයික් එකක එයා පිල්ටරයක් හයි කරාම බයික් එකේ ස්පීඩ් එක වැඩි වෙන්නෙ කොහොමද

    මගේ කාර් එකට ලැම්බොගිනි හරි ෆෙරාරියක හරි එයා පිල්ටරයක් හයි කරාම ඒ වගේ ස්පීඩ් වෙනවද

    අග්‍අහරු වල ගඩොල් හම්බ උනා වගේ සීන් එකක්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,856
    23,686
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කියන තරඟ වේගෙන් ආව බවක් පෙන්නේ නැහැ. වන්ගුවේ හරකා වගේ රොන්සයිඩ් ආවා ලයිට් කණුවක වැදුනා :(
    ඔව් උගෙ වේගෙ නෙමේ අවුල මෝඩය වගේ ස්ලෝ කරන්නෙ නැතිව ඕව්‍රටේක් කරානෙ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    851
    1
    1,712
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අඩෝ ඌ එච්චර වේගෙන් ආවෙත් නැහැ නෙ. හෙල්මට් නැතිව හිටි නිසා කණුවේ ඔලුව එහෙම වදින්න ඇති නේද.

    කියන තරඟ වේගෙන් ආව බවක් පෙන්නේ නැහැ. වන්ගුවේ හරකා වගේ රොන්සයිඩ් ආවා ලයිට් කණුවක වැදුනා :(

    ඔව් උගෙ වේගෙ නෙමේ අවුල මෝඩය වගේ ස්ලෝ කරන්නෙ නැතිව ඕව්‍රටේක් කරානෙ.

    brake na wage neda
    හෙමිට ඕවර්ටේක් කරද්දි ඉස්සරහින් ආව බයික් එක දැක්ක ගමන් බය උන පාර ඇක්සලරේට් කරනව වගේ පේන්නෙ. එක පාරට බයික් එක පිකප් වෙලා ගිහින් වදිනවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    843
    1,393
    93
    සේරම හරි කියමු
    වෙන බයික් එකක එයා පිල්ටරයක් හයි කරාම බයික් එකේ ස්පීඩ් එක වැඩි වෙන්නෙ කොහොමද

    මගේ කාර් එකට ලැම්බොගිනි හරි ෆෙරාරියක හරි එයා පිල්ටරයක් හයි කරාම ඒ වගේ ස්පීඩ් වෙනවද
    fuel injection eka uparima arala eka thana pickup wena eken kiyanna puluwan
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    710
    1,077
    93
    Morgan Freeman Applause GIF by The Academy Awards