‍ඩෙංගු නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි!

monson

Well-known member
  • May 7, 2007
    26,013
    29,614
    113
    ඒකත් fail :lol: 🤌
    ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.

    ඊයේ (06) දිනයේ සිට සති දෙකක කාලයක් සඳහා එම විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

    මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝග වැළදී ඇති ඇතැම් සිසුන් එම විභාග සඳහා සහභාගි වී ඇති බව ද වාර්තා වේ.

    ඒ හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

    කෙසේවෙතත් එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරන බවය.

    ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමුනු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතය.

    - https://sinhala.adaderana.lk/news/228199
     
    Last edited: