SPA කියා කිරිබත්ගොඩ හොරෙන් කරපු ගණිකා නිවාස දෙකක් පොලිසියට හසුවෙයි | සේවා සැපැයූ ළඳුන් 10ක් සේවාලාභී පිරිමි 05ක් කොටුවෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,225
    113


    සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටළා කාන්තාවන් 10 දෙනෙකු හා පිරිමින් 05 දෙනෙකු සමඟ ඒවායේ කළමනාකාරිනියන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය මඟින් පෙරේදා (05 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත මේ වැටලීම සිදුකර තිබේ.

    මෙහිදී එක් සම්බාහන මධ්‍යස්ථානයකින් කළමනාකාරිනියක ඇතුළු කාන්තාවන් පස්දෙනෙකු හා සේවා ලබාගැනීමට පැමිණි පිරිමින් දෙදෙනෙකු ද, අනෙක් සම්බාහන මධ්‍යස්ථානයෙන් කළමනාකාරියක ඇතුළු කාන්තාවන් පස්දෙනෙකු හා සේවා ලබාගැනීමට පැමිණි සිටි පිරිමින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ කාන්තාවෝ අනුරාධපුරය, මහනුවර, කන්තලේ, වාද්දුව, පොල්ගහවෙල හා නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 35ත් අතර වියේ පසුවන අය බව පැවැසේ.

    කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ඇයි මචන් සේවා ලබාගැනීමට පැමිණි සිටි පිරිමින් අත්අඩංගුවට ගන්නෙ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    ඇයි මචන් සේවා ලබාගැනීමට පැමිණි සිටි පිරිමින් අත්අඩංගුවට ගන්නෙ (2)?