පාලමට ඇතුල් වෙන්න කලින් මම එළියේ නතර වෙලා, එන වාහන ටිකට ඉඩ දුන්නා. පසුකරන ස්ථානයට (passing point) ඇවිත්, පාර පැහැදිලි වුණාම ඉස්සරහට ගියා.
ඒ අතරේ Magnite එකේ ඩ්‍රයිවර් පාලමට ඇතුල් වෙලා, මම කිහිප වතාවක්ම ලයිට් ෆ්ලෑෂ් කරලා දුන්නත් ඒවා ගණන් නොගෙන පාර වහලා නතර වුණා. ඊට පස්සේ කාර් එකෙන් බැහැලා, අනිත් හැමෝම තමන් වෙනුවෙන් රිවර්ස් කරන්න ඕන කියලා බල කළා.
එයාගේ පිටිපස්සේ එක වාහනයක්වත් තිබුණේ නැහැ. මගේ පිටිපස්සේ නම් වාහන කිහිපයක්ම තිබුණා.
අන්තිම ප්‍රතිඵලය? එක මනුස්සයෙකුගේ අහංකාරය පාලමටත් වඩා පළල් වුණු නිසා වාහන 5ක්ම රිවර්ස් කරන්න වුණා.
රිවර්ස් කරන එක තමයි ප්‍රශ්නය නම්, ඒක කෙළින්ම කිව්වා නම් ඉවරයි. එයා වෙනුවෙන් රිවර්ස් කරන්න පුළුවන් කෙනෙක් අපි සතුටින්ම හොයා දෙනවා.
මොළේ පුකේ තියෙන Magnite ඩ්‍රයිවර්: "දැන් දෙන්නෙක් යන්න ඉඩක් නෑනේ, ඔයා රිවර්ස් කරන්න." — එහෙනම් පාලමට පැනලා ආවේ ඇයි?
