මාළු මිල

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,806
    5,379
    113
    වාරකන් කාලේ නිසා මාළු කොහොමත් ගණන්. මේ පාර ගිය අවුරුදු වලටත් වඩා ගණන්. තෙල් මිලත් වැඩි නිසා. තව මාසෙකින් ගණන් නෝමල් වේවි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    What ?
    Koheda bn uba inne ?
    Sirilak eke nam Lokuma issoth maxmium yanne 2000k wage, Podi ma un nma 1300-1500 kilo eka
    Thawa mokakda amuthu hena size isso jaathiyak samahara welawata tiyenawa 2300-2500 wage jumbo size, ewa nam tikak dakkahamath appiriyay wage :P
    ඕව ඕම තමයි. අද ඉශ්ශො කිලෝ දෙකක් හදල කෑව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,806
    5,379
    113
    ගිරව් කිලෝ 2ක් විතර දෙන්න කිව්වා.
    ගිරවා කියන්නේ ගල් මාළු ජාතියක්. දැන් අල්ලන්න තහනම්. අහු උනොත් බර දඩ..
    ගිරා මාළු ගොඩක් වෙලාවට ඉන්නේ පර කිට්ටුව. ගිරා මාළුවාගේ ඔලු දෙක තුනක් හොදට සුප්පු කරල කෑවම පට්ට මත් විල්ලක් මත් වෙනවා. ඉස්සර අපිට ඔලුව දෙන්නේ නෑ ලොකු අය කනව ඔලුව.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    ලංකාවේ දහදාටත් වත් හොද ඉස්සො ගන්න බෑ.

    ඒවා ගන්න නම් ඉතිං කනෙක්ෂන් ඔනේ.

    හොද ඉස්සො පපුව දෙපැත්ත සමාන එක 10 000 ඉදලා 25 000 වෙනකම් යනවා.

    මේවා කන්න ඉතිං පහල හොද කනෙක්ෂන් ඔනේ. මේවා ගොඩක්ම දෙන්නෙ ටොප් ලෙවල් ටුවරිස්ම් කරන අයටයි අල්ලන්න අයගෙ ලිස්ට් එකේ ඉන්න හොදම කකුල් වලට විතරයි .

    එහෙම ගන්න අමාරුයි මොකද දවසට හොද සත්තු ගොඩක් අල්ලන බෑ.
    පොඩ්ඩක් විස්තර කරන්න මේ ඉස්සෝ එක ගැන. විකුණන තැනකුත් එක්ක කියන්න.
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    296
    249
    43
    මාලු අල්ලන්ඩ ගියාට මාලු නෑ.අගෝස්තු සීසන් එක වෙලත් මාලු නෑ.පහු ගිය දිට්වා සුලි කුණාටුවත් එක්ක වෙච්චි වෙනස් කමක් කියලා තමයි කියන්නේ.මීගමුවේ අලුත්ම මාලු පට්ට ගණන්.ඉස්සරහට කේස් එක තවත් ප්‍රශ්නයක් වෙයි කියලා කියන්නේ.මාලු අල්ලන මිනිස්සු බෝට්ටු ණය වෙලා තෙල් ගහන් මාලු අල්ලන්ඩ යන්නේ.අන්තිමට මාලු නෑ තෙල් වියදම කවර් කරගන්ඩවත්.ඒ හින්ද ගොඩක් බෝට්ටු පාක් කරලා තියෙන්නේ යන්ඩ සල්ලි නැතුව.

    පෑලියගොඩ ඉස්සර මාලු තිබ්බා .දැන් ගිහින් බලන්ඩ වෙනස තේරෙයි.ඒකේ වෙළෙන්දොත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මෙහෙම ගියොත් උන්ටත් ජීවත් වෙන්ඩ බැරි වෙයි කියලා.මම ගන්නේ පෑලියගොඩින් පාන්දර 3ට විතර ගිහින්.දවස් 25කට විතර අරන් සුද්ද කරලා ෆ්‍රීස් කරගන්නවා.එහෙම ගත්තොත් ලාබයි.90%ක්ම මාලු විකුණන අය ගන්නේ පෑලියගොඩින්.ගෙනිහින් ගාන ඩබල් කරලා විකුණන එක තමයි කරන්නේ.කොහොමත් දවස් 25ට මාලු ගන්ඩ මට රුපියල් 7000-8500ක් අතර මුදලක් යනවා.දවස ගානේ ගන්ඩ ගියොත් පිටින් රු 15000ක් විතර යනවා.මේ විදිහට මාලු ෆ්‍රීස් කරගන්නවා නම් මාලු කොලිටි නොම්බර 1න්ම විතරක් ගන්ඩ.කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ.
    kohomada machan ehema hoyaganne... godak malu thalila parana una evva tama mama dakke paliyagoda
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    kohomada machan ehema hoyaganne... godak malu thalila parana una evva tama mama dakke paliyagoda
    ඔයගනන් වලට තියෙන්නෙ ටිකක් පරණ මාලු බන්. නැත්නම් ටෝලර් වලින් අල්ලල මාස ගනන් පරන මාලු. ගොඩක් අය ෆ්‍රෙශ් කියල කන්නෙ ඕව. සමහර මාලු ෆීසර් ඉදල තියෙනව මුහුදෙ හිටියට වැඩිය. දවසෙ යන බෝට්ටු මාලු තමා හොදම. හැබැ‍යි පට්ට ගනන්. දැල් හෝ කොකු මාලු. මෙවයෙත් කොකු මාලුව ගනන්. අනික ලාබෙට කෙලවල්ලො ගත්ත කියන සමහර උන් අලගුඩුවො, ඇටවල්ලො, බලයො කන්නෙ කෙලවල්ල කියල හිතන්. හුරුල්ලො සාලයත් එහෙමයි. තෝරටත් අන්ජිලාවො කන්නෙ.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    604
    440
    63
    මීගමු ගිහින් මාලු ගෙනාවනම් ලාබයි වගේ. කාටද පුලුවන් ගනන් අඩු මාලු ඉස්සො ඉන්න තැන් ටිකක් දාගෙන යන්න?
    paliyagoda adui ban but therumak na ochchara eka sare genalla
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,719
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    patta ganan ban bala malu kali 1300 k 500g
    දොඩන්දුව මාලු මාකට් එකේ එවෙලෙ වැල්ලට බාපු බල මාලු කිලො එකම 1300 බන්. අපෙ උන් කන්නෙ නෑ උන්ට ඕනෙ කෙලවල්ලා. කෙලවල්ල 1600 වෙනව කිලො එක.

    මීගමු ගිහින් මාලු ගෙනාවනම් ලාබයි වගේ. කාටද පුලුවන් ගනන් අඩු මාලු ඉස්සො ඉන්න තැන් ටිකක් දාගෙන යන්න?
    ගාල්ලට ලගයි නම් දොඩන්දුව මාලු මාකට එක හරි හවසට ගාල්ලෙ මාලු වැල්ල පැත්තට යන්න
    ------ Post added on Aug 5, 2026 at 4:23 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    දොඩන්දුව මාලු මාකට් එකේ එවෙලෙ වැල්ලට බාපු බල මාලු කිලො එකම 1300 බන්. අපෙ උන් කන්නෙ නෑ උන්ට ඕනෙ කෙලවල්ලා. කෙලවල්ල 1600 වෙනව කිලො එක.


    ගාල්ලට ලගයි නම් දොඩන්දුව මාලු මාකට එක හරි හවසට ගාල්ලෙ මාලු වැල්ල පැත්තට යන්න
    ------ Post added on Aug 5, 2026 at 4:23 PM
    පුළුවන් නම් දොඩන්දුවේ නෙමෙයි නාරං දුවේ ගිහිල්ල හරි මුන්ට මාළු ටිකක් ගෙනත් දෙන්න ෆ්‍රෙන්ඩ්ස්..... :cool:
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,719
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    e koheda machan ?
    ගල්ල ටවුම ඉදලා මාතර පැත්තට පයින් යද්දි පටන් ගන්නව මචන් මාලු විකුනන ඒරියා එකක් වැල්ලෙ. මීටර් 100ක් වගේ තියෙන්නෙ. එතන හවසට තමා බිස්නස් පටන් ගන්නෙ. හොද මාලු ගන්න පුළුවන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    ගල්ල ටවුම ඉදලා මාතර පැත්තට පයින් යද්දි පටන් ගන්නව මචන් මාලු විකුනන ඒරියා එකක් වැල්ලෙ. මීටර් 100ක් වගේ තියෙන්නෙ. එතන හවසට තමා බිස්නස් පටන් ගන්නෙ. හොද මාලු ගන්න පුළුවන්
    city centre eka issaraha neda ?
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    මොන රටවලට සාපේකශවද ලංකාවෙ මාලු ගනං කියලා මුලින්ම කියලා හිටපන්කෝ

    සාපේකශවල ලංකාවෙ මාලු ගනං අඩුයි
    මාලු ගනන් ලංකාවෙම වගේ ගොඩක් east asian රටවල, Vietnam, Thailand වගේ රටවල.
    ඉන්දියාව මාලදිවයින වගේ රටවලත් ගනං අඩු ඇති මම ගිහින් නෑ ඒව

    අනෙක් රටවල නං මාලු ගනං විශේශයෙන් Tuna, Prawns, Shrimp, Crab, Squid/Calamari වගේ ඒව කැරි ගනං
    ඔය රටවල ප්‍රසිද්ධ සැමන් වගේ ඒවා එක කෑල්ලක් ගන්න සල්ලි වලින් ලංකාවෙ තඩි බලයෙක් පිටින්ම ගන්න පුලුවන්

    එකම අවුල ලංකාවට ආක්ටික් පැත්තෙ තියන සමහර ප්‍රසිද්ධ මාලු නැහැ Salmon, Cod වගේ ඒවා. ඒව ලංකාවෙ අපි නිතරම කන මාලු වලට වඩා රසයි. සමහරවිට ලංකාවෙ මාලුම කාල ඒව කෑවම දැනෙන එකක්ද දන්නෙ නැහැ
     
    • Wow
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    උඹ ඉන්න පැත්ත අනුව, ගන්න තැන ඉඳන් බෝට්ටුවට දුර අනුව වෙනස් වෙනවා ලංකාවෙ. උදා: වරායෙන් ගත්තොත් බල කිලෝ එකක් 1200යි කියපන්කො, හැබැයි කූරියම ගන්න ඕනා. ඒත් ගෙවල් ගාවට එනකොට කපපු මාලු 500 1200ක් වගේ කියනවා.

    රට මැදට ගියොත් තව ගනන් යනවා.
    වරායෙන් මාලුවම ගන්නවා නං කෙලවල්ලො ගන්න පුලුවන් 1200ට (මිරිස්ස වරායෙන්, එකම අවුල උදේ පාන්දර යන්න ඕන 5ට විතර)
    බලයො 800-1000ට සුපිරි ඒව ගන්න පුලුවන්

    දැල්ලො එහෙම අඩුම කාලෙට 600 වගේ ගනං කාලෙට 1200ට වගේ යනවා

    මේ පැත්තෙ මාලු කඩ වලින් ගත්තත් බලයා නං 1000-1100 ක් වගේ වෙන්නෙ මාලුවම ගන්නවා නං (වැලිගම/මිරිස්සෙ)

    පොඩි මාලු ගන්නවා නං උදේට හවසට එවලෙ අල්ලපු පන ගැහෙන ඒව ගන්න පුලුවන් ගාලු පාර අයිනෙ තියන් විකුනනවා මිරිස්සෙ සහ වැලිගම අවට. සමහර කාල වලට බෝල්ලො පැටවු එහෙම එවලෙ අල්ලපුවා කිලෝ එක 300-400ට පවා ගන්න පුලුවන්