සීනි ලෝකෙම අල්ලපු හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    "සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.

    හිතන්න, 1850 කාලේ ලෝකයේ සාමාන්‍ය මනුස්සයෙක් අවුරුද්දකටම කෑවේ සීනි කිලෝ 1.8 යි. හැබැයි 2017 වෙද්දී ඇමෙරිකාවේ සාමාන්‍ය මනුස්සයෙක් ඒ සීනි කිලෝ 1.8 කනවා දවස් 11 කින්! මේක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩියි.

    හැබැයි අද අපි කඩෙන් රුපියල් සීය දෙසීයට ගන්න මේ සීනි, මීට අවුරුදු 500 කට කලින් "රත්තරන්" තරම් වටිනා දෙයක් වුණා කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ අහිංසක පෙනුමක් තියෙන සුදු පාට සීනි කැටය පිටිපස්සේ හැංගිලා තියෙන්නේ ලෝක ඉතිහාසයේ දරුණුම වහල් වෙළඳාම, නූතන ධනවාදයේ ආරම්භය සහ අද ලෝකයම මුහුණ දෙන තරබාරුකමේ වසංගතය. අද අපි යන්නේ මේ සීනි කොහොමද ලෝකයම තමන්ගේ වහලෙක් කරගත්තේ කියන අඳුරු කතාව හොයාගෙන. 🍚⛓️🌍

    මිනිස්සු ඈත අතීතයේ ඉඳන්ම කෑම පැණිරස කරගන්න පාවිච්චි කළේ මීපැණි, රටඉඳි වගේ දේවල්. හැබැයි උක් ගසෙන් ගන්න සීනි කියන්නේ ඊට වඩා වෙනස්, ඕනෑම දේකට පාවිච්චි කරන්න පුළුවන්, කවදාවත් නරක් වෙන්නේ නැති අපූරු දෙයක්. 👑🌾

    මේ උක් ගහ මුලින්ම හොයාගත්තේ නිව් ගිනියාවෙන්. එතනින් ඉන්දියාවට ආපු මේ උක් යුෂ, ඝන සීනි කැට බවට පත් කරන තාක්ෂණය ඉන්දියානුවන් හොයාගත්තා. "Sugar" කියන වචනය හැදුණෙත් "සක්කර" (Sakara) කියන සංස්කෘත වචනයෙන්.

    පස්සේ මේක අරාබියට සහ යුරෝපයට ගියාම, යුරෝපයේ රජවරු මේකට පිස්සු වැටුණා. කොච්චරද කිව්වොත් මේවා පාවිච්චි කළේ ලෙඩ රෝග වලට බෙහෙතක් විදිහට. මේ කාලේ සීනි කොච්චර ගණන්ද කිව්වොත්, 1226 දී එංගලන්තයේ රජතුමා කයිරෝ වල ඉන්න වෙළෙන්දෙක්ගෙන් සීනි රාත්තල් 3 ක් ඉල්ලලා යැව්වේ "ඔය තරම් ලොකු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් නම් විතරක් එවන්න" කියලා අහලා!

    කාලයත් එක්ක යුරෝපයට ගොඩක් සීනි ඕන වුණා. ස්පාඤ්ඤය සහ පෘතුගාලය මේකට අලුත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි "වතු වගාව". වෙනත් රටක් අල්ලගෙන, එතන තියෙන කැලෑ කපලා මුළු ඉඩමේම උක් හිටවලා සල්ලි හොයන එක. ⛓️🚢

    මේ මහා වතු වල වැඩ කරන්න යුරෝපයේ අයට ඕන වුණේ නෑ. ඒ නිසා එයාලා කළේ අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් මිනිස්සුන්ව අල්ලගෙන ඇවිත් මේ වතු වල වහලුන් විදිහට වැඩ කරවපු එක! අප්‍රිකාවෙන් මිලියන 12.5 ක වහලුන් ගෙනාවා. ඒකෙන් බාගෙකට වඩා ගෙනාවේ මේ උක් වතු වල වැඩ කරන්න.

    අල වවනවා වගේ නෙවෙයි උක් වවන එක මාරම අමාරු, භයානක වැඩක්. උක් ගස් කපලා දවස් දෙකක් ඇතුළත ඒවා යන්ත්‍ර වලට දාලා යුෂ ගන්න ඕනේ. ගොඩක් වහලුන්ගේ අත් මේ යන්ත්‍ර වලට අහුවෙලා පොඩිවෙලා ගියා. ඒ අත් කපලා දාන්න කඩුවක් සෙබළු ළඟින්ම තියාගෙන හිටියා. ඊටපස්සේ ඒ යුෂ රත් කරද්දී ඇඟට වැටිලා මිනිස්සු පිච්චිලා මැරුණා. මේ උදුන් හැඳින්නුවෙ "අපායේ ගිනි" කියලා.

    වහලුන්ගේ ලේ සහ දහඩිය මතින් හැදුන සීනි යුරෝපයට ගොඩක් ලාභෙට ආවා. මේ නිසා සාමාන්‍ය මිනිස්සුත් තේ සහ කෝපි බොන්න පටන් ගත්තා. එංගලන්තයේ තේ බීම පාවිච්චිය 400 ගුණයකින් වැඩි වුණා! ☕🏭

    කාර්මික විප්ලවය ආවාම කර්මාන්තශාලා වල වැඩ කරන කම්කරුවන්ට උයන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා එයාලා කළේ ඉක්මන් ශක්තියක් ගන්න සීනි දාපු තේ එකකුයි, ජෑම් ගාපු පාන් කෑල්ලකුයි කාපු එක. මුළු කාර්මික විප්ලවයම දිව්වේ කොලනි වලින් ආපු මේ සීනි වල ශක්තියෙන්!

    මේ කාලෙදි එංගලන්තයේ මිනිස්සු ප්‍රංශයට වඩා ගොඩක් සීනි කෑවා. සමහර ඉතිහාසඥයෝ අහනවා "එංගලන්තයේ කෑම ඒ තරම්ම රහ නැති නිසාද එයාලට මෙච්චර සීනි ඕන වුණේ?" කියලා! 😅

    සීනි වලින් වෙන මේ අපරාධය දැකලා සමහර ආගමික කණ්ඩායම් මේකට විරුද්ධව නැගී හිටියා. එයාලා පොතක් ලිව්වා "දුප්පතුන් වෙනුවෙන් ආයාචනයක්" කියලා. ඒකෙ තිබුණේ "ඔබ කන හැම සීනි කැටයකම මනුස්ස ලේ තියෙනවා. මේක කනවා කියන්නේ මිනීමස් කනවා වගේ වැඩක්!" කියලා. 🚫✊

    මේක ඒ කාලේ අද වගේම වයිරල් වුණා. මිනිස්සු වහලුන් හදපු සීනි කන එක නැවැත්තුවා. මේ විරෝධතා සහ හයිටි වගේ රටවල වහලුන්ගේ කැරලි හින්දා අන්තිමේදී වහල් වෙළඳාම තහනම් කරන්න බ්‍රිතාන්‍යයට සිද්ධ වුණා.

    හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර වුණේ නෑ. වහලුන් වෙනුවට එයාලා ආසියාවෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන් සහ චීනයෙන් කම්කරුවන්ව ගෙනල්ලා වහලුන් වගේම වැඩ ගත්තා. කියුබාවේ වැඩට ගිය චීන කම්කරුවන්ගෙන් බාගයක්ම තමන්ගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙන්න කලින් මැරිලා ගියා.

    1800 ගණන් වල නැපෝලියන් යුරෝපයට උක් සීනි ගේන එක තහනම් කළාම, යුරෝපයේ අය බීට් වලින් සීනි හදන්න පටන් ගත්තා. මේකෙන් වුණේ ලෝකයේ සීනි නිෂ්පාදනය දෙගුණ තෙගුණ වුන එක. සීනි ගොඩගැහෙන්න පටන් ගත්තාම කොම්පැණි කාරයෝ බය වුණා. 🥤🏭

    එයාලා කළේ මේ අතිරික්ත සීනි ටික විකුණගන්න මිනිස්සුන්ව සීනි වලට ඇබ්බැහි කරපු එක.

    හමුදාවට: ලෝක යුද්ධ දෙකේදිම සෙබළුන්ගේ කෑම වලට අනිවාර්යයෙන්ම සීනි දැම්මා.

    පවුලට: උදේට කන කෝන්ෆ්ලේක්ස් (Breakfast cereals) වලට 70% ක්ම සීනි දැම්මා!

    සෝඩා සහ බීම: කොකා කෝලා වගේ බීම ජාති ලෝකෙට ආවා. මේවා කොච්චර බිව්වත් බඩ පිරෙන්නේ නෑ.

    සීනි කොම්පැණි මේක ළමයින්ගේ ඔළුවටම දැම්මා. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක් වුණා. අන්තිමේදී 1999 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ තරබාරුකම ගෝලීය වසංගතයක් කියලා නම් කරන්න සිද්ධ වුණා. දියවැඩියාව, හෘද රෝග ලෝකය පුරාම පැතිරුණා.

    මේ තරම් ලෙඩ හැදෙද්දී ඇයි මිනිස්සු සීනි වලට බැන්නෙ නැත්තේ? ඒකට හේතුව තමයි 50 සහ 60 දශක වලදී සීනි කොම්පැණි සල්ලි දීලා විද්‍යාඥයින් ලවා බොරු පරීක්ෂණ කරවපු එක! 🤥🚫

    එයාලා කිව්වේ මේ හැම ලෙඩකටම හේතුව "මේදය" කියලා. ඊටපස්සේ කොම්පැණි වලින් "Light" සහ "Low-fat" කියලා කෑම ජාති ලෝකෙට ගෙනාවා. හැබැයි මේවගේ රස ගන්න මේදය වෙනුවට අඩුවක් නැතුව සීනි දැම්මා! මිනිස්සු රවටගෙන මේ සීනි කොම්පැණි ලෝකයම පාලනය කළා.

    ඇත්තටම සීනි කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරි ප්‍රමාණයට කෑවොත් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අද වෙද්දී කඩෙන් ගන්න හැම කෑමකම, සෝස් එකකම, බීමකම සීනි පිරිලා. අපිත් නොදැනීම අපි මේකට ඇබ්බැහි වෙලා. මේක තමයි ලෝක ධනවාදයේ ඇත්තම මුහුණුවර. අඩුවට බඩු හදන්න ලෝකයේ කොහේ හරි ඉන්න අහිංසක මිනිස්සුන්ව සහ පරිසරය විනාශ කරන එක. 🌍🛒

    මේක නවත්වන්න අපිට කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා.

    සිහියෙන් කන්න : කඩෙන් බීමක්, කෑමක් ගනිද්දී ඒකේ පිටිපස්සේ තියෙන ලේබලය කියවලා බලන්න ඒකේ කොච්චර සීනි තියෙනවාද කියලා.

    ✍shashi rajitha follow 🇱🇰🇱🇰

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    අැමරිකාවේ මිනිස්සුන්ට නම් දැන් තේරිලා ලංකාවේ උන් තමයි තාම සීනි, පිටි ගිලින්නේ..

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,916
    13,359
    113
    35
    Spain
    අපේ දත් නාකි වෙන්නත් කලින් හැලිලා ගෙවිලා කැඩිලා යන්නෙත් මේ සීනි නිසා. ඉස්සර කාලේ උන්ගේ දත් එහෙම නැහැ. පරණ ඉස්කබල් ගොඩ අරන් බැලුවම පෙනෙනවා අවුරුදු දාහක් ගියත් අවුලක් නැතිව තියෙන දත්. උන්ට ඒ කාලේ තිබ්බේ පිටි රළු නිසා දත් ගෙවීම. අපිට තියෙන්නේ සීනි පාවිච්චිය වැඩි නිසා දත් හැලීම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    mamath seeni kANAWA wedi
    නවත්තපන්. ඕක නොකා ඉන්න පුරුදු උනාම මරු

    Lankawe 4 members family ekak maseta sini kilo 5-6 th athara kanawalu.

    Me raw sugar only.

    Thawa cake, biscuits, pudding anan manan ekathu unama, badu banis.
    ලංකාවේ උන් නන් දවසට කිලෝ එකක් විතර සිනීම ගිලිනවා ඇති. තේ වඩි එකට බිස්කට් කේක් පාන් වරදින්නෙම නෑනේ.
    ------ Post added on Aug 7, 2026 at 2:08 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    නවත්තපන්. ඕක නොකා ඉන්න පුරුදු උනාම මරු


    ලංකාවේ උන් නන් දවසට කිලෝ එකක් විතර සිනීම ගිලිනවා ඇති. තේ වඩි එකට බිස්කට් කේක් පාන් වරදින්නෙම නෑනේ.
    ------ Post added on Aug 7, 2026 at 2:08 PM
    ඇගවල් , ලෙඩවලින් පේනවනේ කන හැටි අපේ උන්. පවුලක එකෙක් හරි කීපයක් කීලීනික් යනවා එක්කො බෙහෙත් බොනවා. අනික බෙහෙත් බොන එකත් කැරිම මේනියාවක් ලංකාවේ . හොස්පිටල් වල නවතින එක තව ආතල් එකක් ඉන්ශුවරන්ස් වලින් .
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,052
    113
    Galaha
    2000ට කලින් හිටපු මිනිස්සුන්ගෙ පින්තූර ටෙලි ඩ්‍රාම එහෙම බැලුඔත් ඒ මිනිස්සු හෙන කෙට්ටු ඇඟවල් තිබුන මිනිස්සු. ඒකට දැන් බලහන්කෝ පිම්බිලා ඉන්න හැටි. පිටි සීනි තෙල් තමයි නේද හේතුව.

    Lankawe 4 members family ekak maseta sini kilo 5-6 th athara kanawalu.

    Me raw sugar only.

    Thawa cake, biscuits, pudding anan manan ekathu unama, badu banis.
    අපේ ගෙදරට මාසෙටම 500g ගේන්නෙ. මම තනියම ඉන්න කාලේ 300g ගේන්නෙ මාසෙටම. බැඳට පස්සෙ 500g කරා. මගේ යාලුවෙක් ඉන්නව සීනි කන්නෙම නෑ ඒ වෙනුවට මී පැනි කන්නෙ. අපි බතුත් කන එක අඩු කරල ඉන්නෙ. ( අනුරටද ඡන්දෙ දුන්නෙ අහන්න එපා දැන් )
    ------ Post added on Aug 7, 2026 at 2:24 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    2000ට කලින් හිටපු මිනිස්සුන්ගෙ පින්තූර ටෙලි ඩ්‍රාම එහෙම බැලුඔත් ඒ මිනිස්සු හෙන කෙට්ටු ඇඟවල් තිබුන මිනිස්සු. ඒකට දැන් බලහන්කෝ පිම්බිලා ඉන්න හැටි. පිටි සීනි තෙල් තමයි නේද හේතුව.


    අපේ ගෙදරට මාසෙටම 500 ගේන්නෙ. මම තනියම ඉන්න කාලේ 300ග් ගේන්නෙ මාසෙටම. බැඳට පස්සෙ 500ක් කරා. මගේ යාලුවෙක් ඉන්නව සීනි කන්නෙම නෑ ඒ වෙනුවට මී පැනි කන්නෙ. අපි බතුත් කන එක අඩු කරල ඉන්නෙ. ( අනුරටද ඡන්දෙ දුන්නෙ අහන්න එපා දැන් )
    ------ Post added on Aug 7, 2026 at 2:24 PM
    මේක මරු. මේව trending කරලා ගන්න ඕනි. නිකං මිනිස්සු ලෙඩ වෙලා බෙහෙත් බොන්න ඕනි නෑ ඔය ජරාව නවත්තලා දැම්ම නං.

    ජනගහනය වැඩියි

    සීනී + පිශ්ටය කාපල්ලා 😎👍
    ඔය කිව්වට ගොඩක් උන්ට ඕක කරන්න බෑ. බය නැතුව හිටපං. පළවෙනි සති තුන සීනි නැතුව ඉන්නවා කියන්නේ කුඩු බොන එකෙක්ට කුඩු නැති උනා වගේ. මගින් ගොඩක් උන් අත ඇරලා දානවා.
    ------ Post added on Aug 7, 2026 at 2:27 PM

    ඇගවල් , ලෙඩවලින් පේනවනේ කන හැටි අපේ උන්. පවුලක එකෙක් හරි කීපයක් කීලීනික් යනවා එක්කො බෙහෙත් බොනවා. අනික බෙහෙත් බොන එකත් කැරිම මේනියාවක් ලංකාවේ . හොස්පිටල් වල නවතින එක තව ආතල් එකක් ඉන්ශුවරන්ස් වලින් .
    මේ සීනි කතාව කියන්නේම නෑනේ. කොලෙස්ටරෝල් තිබ්බ ගමන් කියන්නේ තෙල් කෑම කන්න එපා මස් කන්න එපා කියලානේ. ඉතිං ආයේ ගෙදර ගිහින් පෙති බිබී කලින්ටත් වඩා බත් ගොඩක් ගිලිනවා. දැන් දැන් FB එකේ ගොඩක් Doctors nurses ල මේ ගැන කියන වීඩියෝ නිතරම දානවා.
    ------ Post added on Aug 7, 2026 at 2:29 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,052
    113
    Galaha
    මේක මරු. මේව trending කරලා ගන්න ඕනි. නිකං මිනිස්සු ලෙඩ වෙලා බෙහෙත් බොන්න ඕනි නෑ ඔය ජරාව නවත්තලා දැම්ම නං.
    සීනියි මීපැනී වල ලොකු වෙනසක් නෑ කියල තමයි internet එකේ තියෙන්නෙ. හොඳම වැඩේ තමයි තමුන් කන දේවල් ට්‍රැක් කරන එක. මටනම් ඒක හොඳටම පුරුද්දක් වෙලා තියෙන්නෙ ගොඩක් කල් ඉඳල කරන දෙයක් නිසා. අනිවාරෙන් කෑමක් බීමක් ගත්තාම එකේ nutrients value අනිවාරෙන්ම බැලවෙනව මට. සමහර පොඩි උන්ගෙ කෑම වර්ග එහෙම ගත්තාම ඇස් උඩ යනව එකෙවගෙ තියෙන සීනි ප්‍රමාන එහෙම දැක්කාම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    සීනියි මීපැනී වල ලොකු වෙනසක් නෑ කියල තමයි internet එකේ තියෙන්නෙ. හොඳම වැඩේ තමයි තමුන් කන දේවල් ට්‍රැක් කරන එක. මටනම් ඒක හොඳටම පුරුද්දක් වෙලා තියෙන්නෙ ගොඩක් කල් ඉඳල කරන දෙයක් නිසා. අනිවාරෙන් කෑමක් බීමක් ගත්තාම එකේ nutrients value අනිවාරෙන්ම බැලවෙනව මට. සමහර පොඩි උන්ගෙ කෑම වර්ග එහෙම ගත්තාම ඇස් උඩ යනව එකෙවගෙ තියෙන සීනි ප්‍රමාන එහෙම දැක්කාම.
    ඒ අනික් ඒවගේ case එක තියෙන්නේ ඒව සුලබ නැති නිසා අපිට නිතර පාවිච්චි කරන්න වෙන්නේ නෑ ඉතින් ඕනිම දේකට විතරයි ඕක ගන්නේ. කොහොමත් දැන් නන් ඒවත් සිනිම දාලා හදනවා ඇත්තේ වැඩි හරියක්. ඔය මම දැක්ක මීමැස්සන්ට සීනි දීලා පැණි ගන්න එකක් ගැනත් වීඩියෝ එකක්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අැමරිකාවේ මිනිස්සුන්ට නම් දැන් තේරිලා ලංකාවේ උන් තමයි තාම සීනි, පිටි ගිලින්නේ..



    තේරිලා නෙවෙයි.සල්ලි නැති නිසා
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,208
    8,575
    113
    අැමරිකාවේ මිනිස්සුන්ට නම් දැන් තේරිලා ලංකාවේ උන් තමයි තාම සීනි, පිටි ගිලින්නේ..


    e unata thama USA kiyanne loke wadima තරබාරු බව(obese) thiyena ratawal walin ekak.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    930
    1,413
    93
    ජනගහනය වැඩියි

    සීනී + පිශ්ටය කාපල්ලා 😎👍

    Mutta karagahanne, kuburu kotanne Nathnan, carb wadak ne.

    Max bath 200 grams athi dawasatama.
    Anika Wel 3k onath ne, 2 enough.

    Lunch and light dinner.

    Eth mehe ewun welakata witharak 400g bath kanawa. Ekay ketha mechchara.

    තේරිලා නෙවෙයි.සල්ලි නැති නිසා
    Oka boru kathawak.
    Elawalu wadiyen kanna salli ona na ban.

    Protein ganna nan ona.
    ------ Post added on Aug 7, 2026 at 3:01 PM

    සීනියි මීපැනී වල ලොකු වෙනසක් නෑ කියල තමයි internet එකේ තියෙන්නෙ. හොඳම වැඩේ තමයි තමුන් කන දේවල් ට්‍රැක් කරන එක. මටනම් ඒක හොඳටම පුරුද්දක් වෙලා තියෙන්නෙ ගොඩක් කල් ඉඳල කරන දෙයක් නිසා. අනිවාරෙන් කෑමක් බීමක් ගත්තාම එකේ nutrients value අනිවාරෙන්ම බැලවෙනව මට. සමහර පොඩි උන්ගෙ කෑම වර්ග එහෙම ගත්තාම ඇස් උඩ යනව එකෙවගෙ තියෙන සීනි ප්‍රමාන එහෙම දැක්කාම.

    Chocolate biscuits podi package eke thiyanawa dawasatama uparima ganna puluwan sini tika.

    Palathurak arenna wena kisi deyak lamayint denna hoda ne
    ------ Post added on Aug 7, 2026 at 3:02 PM

    මීමැස්සන්ට සීනි දීලා පැණි ගන්න එකක් ගැනත් වීඩියෝ එකක්.
    Meka atta
    Mass scale ewungen ganna hodama ne

    Podiyata, hobby ekata karana ewun gawa
    Genuinely honey bottle eka 6000 wenawa Dan.
    ------ Post added on Aug 7, 2026 at 3:04 PM