මම අවුරුදු 13කට වඩා insurance companies කිහිපයකට accident claims handle කරපු lawyer කෙනෙක් විදිහට මගේ අදහස නම් මේ වගේ LOD එකක් ලැබීම ඉතාම සාමාන්‍ය දෙයක්. Accident එකකින් තුවාල වුණු කෙනෙක් තමන්ට වෙච්ච හානිය වෙනුවෙන් විශාල මුදලක් claim කරන එක අලුත් දෙයක් නෙවෙයි. ඕක හැමදාම වගේ වෙච්ච දෙයක්. LOD එකේ ලියලා තියෙන ගාන කියන්නේ ඉල්ලන ගාන විතරයි, අනිවාර්යයෙන්ම ලැබෙන ගාන නෙවෙයි.
මුලින්ම කරන්න ඕනේ ඒ ලියුම insurance company එකට භාර දෙන එක. ඔයාගේ මාමාට අඩුම ගානේ third party motor insurance එකක්වත් තිබිලා ඇති කියලා හිතනවා. Insurance එකක් නොතිබුණොත් නම් ප්‍රශ්නය ටිකක් බරපතළ වෙන්න පුළුවන්.
Insurance cover එක තිබුණොත් බය වෙන්න දෙයක් නෑ. LOD එකට reply කළත් නැතත්, ඒකට නීතියෙන් reply කරන්නම ඕනේ කියලා එකක් නෑ. බලාගෙන ඉන්න ඕනේ injured party ඇත්තටම District Court එකේ case එක file කරනකම්.
සාමාන්‍යයෙන් case එකක් file කරනකොට වාහනයේ driver, vehicle owner සහ insurance company එකත් defendants විදිහට දානවා. එතනින් පස්සේ insurance company එක matter එක take over කරනවා.
Plaint එක ලැබුණු ගමන් insurance company එකට දීලා, එයාලා appoint කරන lawyersලා හම්බෙලා proxy sign කරන්න. ඊට පස්සේ case එකේ වැඩ ටික insurance company එක සහ එයාලාගේ lawyersලා බලාගනී.
Accident එකට අනිත් පාර්ශවයෙන් වැරැද්දක් තිබුණා නම් (contributory negligence) ඒකත් raise කරලා case එක defend කරනවා. Settlement එකකට යනවා නම් ඉල්ලපු ගානට වඩා ගොඩක් අඩු ගානකට settle කරගන්න insurance company එක උපරිම උත්සාහ කරනවා.
ඔයාගේ මාමාට සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ insurance company එකට සහයෝගය දෙන එක විතරයි. Court යන්න වෙන්නෙත් අත්‍යවශ්‍ය වෙලාවල විතරයි. Civil cases වල සමහර වෙලාවට මාස 3-4කට සැරයක්වත් court appearance එකක් නැති වෙන්න පුළුවන්.
මගේ උපදෙස් නම්:
- Injured party එක්ක කතා කරන්න එපා.
- පෞද්ගලිකව සල්ලි දෙන්න එපා.
- Insurance cover එක තිබෙනවා නම් තමන්ගේ pocket එකෙන් lawyersලාට ගෙවන්න එපා.
- Insurance company එකට matter එක භාර දීලා එයාලට වැඩේ කරන්න දෙන්න.
Insurance එක තියෙනවා නම් ඔයාගේ මාමා premium ගෙව්වේ මේ වගේ දේවල් වලට තමයි. ඒ නිසා කලබල නොවී insurance company එකට matter එක hand over කරලා ඉන්න.