සහකම්පනය තියෙන්න ඕනෙද නැද්ද?
ඩෝන්ට් කෙයා. සහකම්පනය කියන්නේ පුද්ගලික කන්ටෙක්ස්ට් එකකට අදාළ හැගීමක්. ඒ හැගීම සහ පොදු අවකාශය එක්ක සම්බන්ධයක් තියෙනවාද?
ෆේස්බුක් එකේ මොකක් හරි කතාවක් ගියාම ඒකට හිනාවෙන ජෝක් කරන උන්ට "සහකම්පනය නෑ" කියල කියවෙනවා මම දැකල තියෙනවා. හැබැයි මම හිතන්නේ ඒ වගේ උන්ව පුද්ගලිකව ආශ්‍රය කරාම ඇත්තටම උන් සහකම්පනය තියෙන මිනිස්සු වෙන්න පුළුවන්. උන්ට නැත්තේ සහකම්පනය නෙමෙයි මැනර්ස්. සිරිත් විරිත්. ඔන්ලයින් අවකාශවලට අදාලව සිරිත් විරිත් නැති සීන් එකක් තියෙන්නේ.
ඇත්ත ජීවිතෙ අපි දේශපාලනිකව අකමැති උන මනුස්සයෙක්ගෙ මරණෙකට ගිහින් ආඩපාලි කියන්නෙ නෑ. මේ දන්න කාලෙක ඉඳල එන මැනර්ස්.
ඇහට කනට පේන නිලියක් හමුවෙ එයාගෙ ලිංගික ජීවිතය, නිදි වදින මිනිස්සු ගැන දූසමාන තොරතුරු කතා කරන්නෙ නෑ. මේ මැනර්ස්.
ප්‍රියයෙක් ගෙ වියෝව ගැන දුක්වෙන මිනිස්සු අතරට ගිහින් උගෙ ඇටකටු වලින් සුප් හදන් බොමු කියන්නෙ නෑ. ඒ මැනර්ස්.
ඕකට සහකම්පනයේ සම්බන්ධයක් නෑ. කොහේ හෝ කෙල්ලෙක්ගෙ සීන් එකක් ලීක් වුනාම ඒක ෆේස්බුක්වල, මැසෙන්ජර්වල, වට්සැප් ගෘප් වල ශෙයා කරන්නේ නැතුව ඉන්න අවශ්‍ය වෙන්නේ කෙල්ල ගැන සහකම්පනයක් නෙමෙයි, මැනර්ස්. මිලෙනියල් සහ ජෙන්සී උන්ට ඔන්ලයින් අවකාශ වල නැති වෙලා තියෙන්නෙ මේක.
සහකම්පනය, කරුණාව ලේසියෙන් ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒවත් තියෙනවනම් මල් මිටක්. ඊට කලින් සරළ දේවල් අනුගමනය කරල පුරුද්දක් තියෙන්න අවශ්‍යයි. මේ කඩාගන්නෙ ශිෂ්ටත්වයෙ අවම ෆන්ඩමෙන්ටල්ස්.

Last edited:
pawul walinma ow hadila enna one...