bump
පත් ඉරු අවුරුදු 30කටවත් බලපං..., අඩු කුලේ උන් වටපිටාවේ ඉන්නවද කියලත් බලපං
නීතිඥයෙක් ලවා පැතිරු ඔප්පු පිටපත් අලපල පරීක්ෂා කරලා බලපන්. ඉඩමට නඩු තියද බලපන්.
ස්වභාවික වතුර බැස්ම නම් කරන්න දෙයක් නැහැ. එත් හොඳ හිත තියාගන්න ඕන නිසා කානු තාප්ප දාගෙන ඉන්න එක නම් හොඳයි.
------ Post added on Sep 13, 2026 at 8:49 AM
මේ ටිකයි, තව බලපන් මෙන්න මේ ටික
ඔප්පුව නිරවුල්ද? ගන්නවානම් පොඩි හරි බැංකු ලෝන් එකක් දාපන්. උන් ඔප්පුව උගස් කරන් ඔක්කොම චෙක් කරන්වා,
ගෙදරට CoC - Certificate of Comformity තියෙනවද බලපන්, නැත්තන් ණයක් ගන්න කොට ලෙඩක් සහ නීතිය යටතේ ඒවගේ ගෙවල් වල ජීවත් වෙන්න තහනම් පොඩි දඩයක් ගහනවා. ආණ්ඩුවෙ උන් ආදායම් වැඩි කරගන්න ඕක වැඩි කලොත් විනාසයි.
පාරකට මායිම් නම්, විශේශයෙන් ලොකු පාරක් බලපන් ගෙදර හදලා තියෙන්නෙ වීදිරේඛා වලට ඉඩ තියලද කියලා, නැත්තන් පාර පලල් කරන්න ගියාම උඹට වන්දි හම්බෙන්නෙ නෑ කඩන ටිකට.
Blindwall තියෙනවානම් මග ඇරපන්, පට්ට කරුමයක් ඔවල බිත්ති බේරන් ඉන්න එක. එහා පැත්තෙ උන් එක්ක ඔට්ටු වෙන්න වෙනවා
box type ගෙවල් maintenance වැඩි. ලස්සන උනාට වැස්සට ලීක් වෙන්න ගන්නවා
කුනු එහෙම dispose කරන්නෙ කොහොමද බලපන්.
ගෙදර වතුර (වැහි, කුනු) බස්සන්නෙ කොහොමද බලපන්,
අලුත් ගෙයක් නම් plumbing බලපන්, සමහර ගෙවල් වල hot water වලට වෙනම ලයින් එකක් නෑ, එහෙම උනාම ඉතින් උඹට hotwater shower එකක් තමා ගහන්න වෙන්නෙ, පට්ට ලයිට් බිලක් එනවා.
වතුර සප්ලයි එක බලපන්, ලිං නැත්තන් අඩුම ලීටර් 2000ක් වත් තියන්න පුලුවන් ටැංකියක් ඕන වෙනවා.
තට්ටු 2කේ ගෙයක්නම් පඩි වල තත්වෙ බලපන්, අඟල් 10ක්වත් තියෙන්න ඕන, පහල කාමරයක් වොශ් රූම් තියෙන්වද බලපන්. වයසට ගියාම අනිවා උඩට නගින්න බෑ ඉතින්.
ඔප්පු පිරිසිදුයිද බලන්න
වටපිටාවෙ ඉන්න මිනිස්සු කොහොමද
ගෙදරට යන පාරෙ තියෙන ගෙවල්වල මිනිස්සු කොහොමද
ගෙදර හදල ඉවර වුනාට පස්සෙ ඒක අනුමත වෙලා තියෙනවද
කෝකටත් බැංකුවකින් ලෝන් එකක් දැම්ම නම් ඔප්පුවයි ගෙදරයි නීත්‍යානුකූල ගැටලු තියෙනවද කියල බලාගන්න පුළුවන්
එළකිරි