Questions හිත හොඳනම් වරෙල්ලා, අපේ උන්ට ඩස්පියෝ කරන බලු වැඩක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,008
    5,307
    113
    තොටිල්ලේ
    කිරියනි, මේ දැන් call එකක් ඉවර වෙලා, දැනගන්න ලැබුණ දේවල් නිසා මේක ලියන්නේ අදම දාන්න ඕන කියලා හිතුණ නිසා. කතාව මෙහෙමයි.

    Dubai වල Indian travel ඒජන්සියක් තියෙනවා. එයාලා වීසා renew කරන්න කියලා සල්ලි ගන්නවා. අපේ උන් සල්ලි දෙනවා. ඊට පස්සේ උන්ව Oman එක්කගෙන යනවා. (UAE වල inside country visa extension පුළුවන් උපරිම මාසයයි. ඒ නිසා රටින් එළියට ගිහින් අලුත් වීසා එකකින් ආපහු UAE entry වෙන්න ඕන.)

    එතනින් පස්සේ තමයි කතාව හැරෙන්නේ. Phone එකට answer නෑලු. Messages වලට reply නෑලු. ආපහු UAE එන්න වීසා apply කරන්නේ නෑ. අපේ උන් එහෙ හිරවෙලා.

    දැන් කතා කරපු යාලුවා එහෙ හිරවෙලා දවස් 9ක් ඉඳලා ඊයේ තමයි ඇවිත් තියෙන්නේ. එයා කිව්වා මේ agency එකෙන් ගිය අපේ තව 17 දෙනෙක් මේ වෙනකොටත් එහෙ ඉන්නවාලු, වීසා එනකන්. සමහර අය 10 දවසකට වඩාලු. (අනික් agency වලින් දාපු සමහර අය එදාම යනවාලු or උපරිම දවසක් වගේ ඉන්නවාලු.)

    තව දෙයක්, ඕමාන් වීසා එක දවස් 10යි. ඊට වැඩියෙන් ඉන්න උනොත්, ඉන්න හැම දවසකටම 100 AED ගානේ දඩ ගෙවන්න වෙනවා. (1 AED = රු. 90ක් වගේ)

    මීට අමතරව, එහෙ ඉන්න දවස්වලට දවසකට 40 AED ගෙවන්න ඕනලු ඉන්න තැනට. මේ තැන isolated area එකක තියෙන නිසා කෑම බීම එහෙමත් එතනින්ම ගන්න වෙන්නේ, ඒවා double price.

    දැන් මේ කම්පනියට වීසා දෙන්න බෑ කියලා දැනටමත් black list කරලා තියෙනවා. ඒත් දැන් එයාලා 3rd party එකක් හරහා වීසා දෙනවා. ඒකත් සමහර අයට විතරයි. Google map එකේයි fb එකේයි තියෙන හොඳ රිවීව්ස් (mostly fake) දැකලා අපේ මිනිස්සු රැවටෙනවා.

    කතාව මෙච්චරයි කිරියනි. මට නම් හිතෙනවා මේ ගැන අපි මොකක්හරි කරන්න ඕන කියලා. උන්ගේ reviews වලට ලොකු ඉම්පැක්ට් එකක් කරන්න නම් reviews බර ගානක් ඕන වෙයි. කොහොමටත් මම උන්ගේ Google Maps, FB pages පහළ දාන්නම්.

    අපිට වෙන මොකද කරන්න පුළුවන්?
    අපේ උන් (හෝ වෙන කවුරු උනත්) රැවටෙන එක නවත්තන්න ඕන. 🙏

    UAE
    https://maps.app.goo.gl/hbPJuZGE4tpFiJvm7?g_st=ic
    https://www.facebook.com/amanitoursUAE

    India
    https://maps.app.goo.gl/h5cYFxLgX44Kq3YP8?g_st=ic
    https://www.facebook.com/amanitourism

    *********************************************************

    සාරාංශය:

    ඩුබායිහි ඉන්දියන් ට්‍රැවල් ඒජන්සියක් ශ්‍රී ලාංකිකයන්ට වීසා රිනිවල් කරන බව කියා මුදල් අය කර, ඔවුන් ඕමාන් වෙත රැගෙන ගොස් එහි හිර කර තබයි. ආපසු UAE එන්න වීසා ලබා නොදෙන අතර, දුරකථන ඇමතුම්වලට හෝ පණිවිඩවලට පිළිතුරු දෙන්නේ නැත.

    - ඔබේ මිතුරෙකු දින 9ක් එහි සිරවී සිට ඊයේ පමණක් ආපසු පැමිණ ඇත.
    - තවත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙක් මේ වන විටත් එහි සිරවී සිටිති.
    - ඕමාන් වීසා දින 10ක් පමණි. ඊට වැඩි දිනවලට දිනකට AED 100 (රු. 9,000ක් පමණ) දඩ නියම වේ.
    - නවාතැන් සඳහා දිනකට AED 40ක් පමණ ගෙවිය යුතු අතර, හුදකලා ප්‍රදේශයක බැවින් ආහාර පාන ද මිල අධිකය.
    - මෙම සමාගම දැනටමත් වීසා නිකුත් කිරීමෙන් තහනම් කර ඇති නමුත්, තෙවන පාර්ශවයක් හරහා වීසා නිකුත් කරයි.
    - Google Maps සහ Facebook හි බොරු ප්‍රතිචාර නිසා ජනතාව රැවටේ.

    අවශ්‍යතාව: මෙම ඒජන්සිය පිළිබඳව අනතුරු ඇඟවීම් පතුරුවා, අනෙකුත් අය රැවටීම වැළැක්වීම.

    ------ Post added on Sep 14, 2026 at 2:17 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and waca