අපිත් ඉතින් ගියාලු මට මනමාලී යෙක් බලන්න! මගේ වයස 24ක් විතර ඇති ඒ දවස්වල. අම්මයි නංගියි දෙන්නා කිව්වා දවසක් "අනුරාධ... අර ගමේ කෙනෙක් කියලා තියෙනවා මරේ මරේ බම්බුවක් වගේ කෙල්ලෙක්. ඉන්නවා, නිතරම යන්නේ බයිසිකලේ නැගලා කියලා.
මම ඉතින් තෙල් ටිකක් ගහගෙන, කොන්ඩෙට ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ටිකක් ගාගෙන (මූණ සුදු වෙයි කියලා), ටක්කෙට සරමක් ඇඳගෙන, පරණ කූල් ටී-ෂර්ට් එකත් දාගෙන සෙට්වුණා. නංගි පස්සෙන් නැග්ගා බයිසිකලේ. අම්මා බස් එකේ එන්නම් කිව්වා අපිට වඩා ඉස්සෙල්ලා ගිහින් කතාබස් කරගන්න.
ගෙදරට ගියාම... අම්මටසිරි! ගෙදරට ගොඩවැදුණා විතරයි, බල්ලෙක් බුරන්න ගත්තා මාව දැකලා (මූණේ පාටට බය වුණාද දන්නේ නැහැ). ගෙදර අම්මා කෙනෙක් ඇවිත් පිළිගත්තා "ආ... එන්න එන්න මහත්තයා" කියලා.
ටික වේලාවකින් මනමාලී තේ කෝප්පයක් ගෙනාවා. අර අම්මලා කියපු විදිහට නම් 'දිව්ය ලෝකෙන් බැස්ස අප්සරාවක්'. මට පෙනුණේ කෝප්පයයි මගේ අත් දෙකයි. තේ එක දෙද්දී අර කෝප්පය ගැහෙන්න ගත්තා මං දිහා බලලා හිනාවෙද්දී! මට මතක් වුණේ ඊයේ රෑ කෑව කොස් ඇට ව්යංජනේ.
මනමාලී හිමින් සීරුවේ ඇහුවා:
- "මහත්තයා මොකද කරන්නේ?"
මම කිව්වා:
- "මම ඉතින්... ෆ්රී ලාන්ස් බයිසිකල් රෙපෙයාර් ඇන්ඩ් ලයිෆ් ෆිලෝසොෆි කරනවා (ඒ කිව්වේ ගෙදරට වෙලා නිකන් ඉන්නවා)."
ගෙදර මනුස්සයා (තාත්තා කාරයා) ඇහුවා ඉඩකඩම් ගැන. මම කිව්වා අපේ අම්මට තියෙනවා පොල් ගස් තුනක්, ඒකෙන් දෙකක් අල්ලපු වත්තට නැමිලා තියෙන්නේ, ඒ නිසා අස්වැන්න බෙදාහදාගෙන තමයි යන්නේ කියලා.
අන්තිමට මනමාලීගේ අම්මා ඇහුවා:
- "කොල්ලා උයාගන්න දන්නවද ?"
මම කිව්වා:
- "මම උයන්නේ නැහැ අම්මේ... නූඩ්ල්ස් උතුරන්න තියලා අමතක වෙලා බෝට්ටු ගියේ නැහැ තාම, ඒත් මැගි පැකට් එකක් නම් කඩාගන්න පුළුවන් ."
නංගි මගේ කකුලට පයින් ගැහුවා පස්සෙන් ඉඳන් "කට වහගෙන ඉන්දු මෝඩයා" කියන්න වගේ.
අන්තිමට තේ බීලා එන්න හදනකොට මනමාලී මට හිමින් බිස්කට් එකක් දික් කළා. මම ඒක කටේ දාගත්තා විතරයි, උගුරේ හිරවුණා පැකට් එකේ ඉතිරි සීනි කුඩුත් එක්ක! කැස්සක් පැන්නා අම්මෝ... ගෙදර බල්ලා ආයෙත් බුරන්න පටන් ගත්තා.
එනකොට බයිසිකලේ චේන් එකත් පැන්නා පාර මැද්දේ. නංගි බැහැලා මට බැන්නා මුළු පාර දිගටම.
අම්මා පස්සෙන් ඇවිත් කිව්වා: "තෝනම් මළ පෙරේතයෙක් පුතේ... මනමාලී බය වෙලා ගියා ඌරු මස් කන කතාව ඇහිලා නෙවෙයි, තොගේ කැස්සට!"
එදායින් පස්සේ මම තීරණය කළා මංගල යෝජනා වලට වඩා බයිසිකල් චේන් දමන එක ලේසියි කියලා.