බන්ගලා වහලවල් තියන, පරන විදියට හදපු තනි තට්ටුවෙ ගෙවල් වල ජීවත් වෙද්දී අළුතෙන් හදන පෙට්ටි වලට වඩා මාර සනීපයි. හැබැයි රෙපෙයාර් එකක් ආවොත් පට්ට අමාරුයි.
පරම්පරාවෙන් හම්බුන ගෙදර 1940ස් ගණන් අන්තිමේ හදලා තියෙන්නේ. හුණු ගල් බිත්ති තියෙන්නේ. සොල්දර දෙකක් තිබුණා. දෙකෙන් දැන් එකයි තියෙන්නේ. එකක් සාලෙ තිබිලා අයින් කළා. පරණ සිවිලිම දැන් අවුරුදු 15කට කලින් සම්පූර්ණෙන්ම ගලවලා හැදුවා. දැන් ආයේ හදනවා. පරණ විදියම තියාගන්න ඕන නිසා වියදම්. සාලේ විතරක් පරණ ඇස්බැස්ටස් සිවිලිමම ගහලා කාමර වලට නම් අයි පැනල් ගැහුවා.
හුණුගල් බිත්ති නිසා ඇණයක්වත් ගහන්න බෑ අමාරුයි. ප්රධාන බිත්ති කණු වල පොඩි කැටයමක් තියනවා. අපේ ගෙද්ර තියන එකට කියන්නේ මූදු රැලි කියලා. නිකන්ම කොටු බිත්තියක් නෙවෙයි. ඒ නිසා රෙපෙයාර් එකක් ආවොත් ඒවත් ආයෙ තිබුණ විදියට හදන්න පුළුවන් බාස් කෙනෙක් හොයාගන්න ඕන.
ඉස්තෝප්පුවේ පිත්තල බට ගහපු පියලි දොරකුයි, ජනේලෙකුයි තියනවා. අවුරුදු දෙකකට පාරක් ඕවා පිරිසිදු කරලා පොලිෂ් කරනව. පට්ට වදයක් ඉතින්. පරණ කනප්පු ඇඳන්, ඇඳි පුටු එහෙම අයින් කරලා ගොඩ ගහලා තියෙන්නේ.
සමහර දේවල් තාත්තා, සීයා වෙනස් කරපුව තියනව. ඒකත් එක්ක දැන් ඔරිජිනල් පරණ ලුක් එක නෑ. ලඟදි රෙපෙයාර් එකකට ආපු බාස්ම කිව්වා ඕනවට වඩා වියදම් කරන්න එපා වෙන ගෙයක් හදන්න කියලා.
තව දෙයක්. ටයිල් කරද්දී පොලව ලෙවල් නෑ. ඉස්සර හදපු ගෙවල් වල පොලව පොඩි ඇලයක් තියලලු හදන්නේ ගෙදර හේදුවම වතුර බහින්න. ඒක කිව්වේ ටයිල් බාස්.
ලඟදි හොඳ කට්ටක් කෑව වතුර ලීක් එකක් නිසා. බිත්ති අතරින් ලීක් එකක්. බිල වැඩි නිසා සැක කරලා බලද්දි තමා අහුවුනේ. පරණ බට ලයින් එහෙම් පිටින්ම අයින් කරලා අළුතෙන් බට ලයින් එකක් ඇද්දා. 1970 ගණන් වල කරන්ට් දෙද්දි තිබුණ වයරින් එකටම තමයි අළුතින් කාලෙන් කාලෙට බ්රේකර් දාලා වයරින් කරලා තිබුණේ. ඒකත් මීට ටික කාලෙකට කලින් සම්පූර්ණෙන්ම ගහලව මුල ඉඳන් කලා. ඒක කරද්දි බිත්ති කඩද්දි තමයි එපාම වුණේ.
දැන් හදන ගෙවල් වල ඉන්නවට වඩා හුලඟ එලිය ඇතුව ඉන්න පුළුවන්. හැබැයි කාමර නම් ටිකක් පොඩියි.