"තිලීපන්", එහෙමත් නැත්නම් රාසයියා පාර්තිපන් LTTE ත්රාසවාදීන් එක්ක එකතූ උනේ ඔහු යාපනය හින්දු විද්යාලයේ ඉගන ගන්න කාලෙ.
ඒ කියන්නෙ පාසල් ශිෂ්යෙක් හැටියට!
උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා යාපනය වෛද්ය විද්යාලට තේරුණත් තමන් ඇතුලෙ ටිකෙන් ටික පෝෂණය උනු ජාතිවාදියාගෙ ලේ පිපාසාව සන්තර්පණය කරන්න, තිලීපන් 83 කළු ජූලියට මාස කීපයකට කලින් LTTE පූර්ණ කාලීන සාමාජිකයෙක් බවට පත් වෙනව.
ඒ විදියට LTTE එකට බැඳුනු තිලීපන්, එවකට යාපනය ප්රදේශයෙ LTTE නායකයා උනු පන්ඩිතර් යටතෙ ආයුධ පුහුණුව ලබනව.
මෙතනිනුත් නවතින්නැතුව, තමන් ගිය මිනීමරු මාවතේම යවන්න තවත් තරුණයින්ව බඳවා ගන්නත් තිලීපන් කටයුතු කරනව.
1983 ඉඳන් 1987 මැයි මාසය වනතුරු තිලීපන් කියන්නෙ, වර්ථමානයෙ ඔය දකුණෙ ඊනියා මානවවාදීන් හඳුන්වන විදියෙ අවිහිංසාවාදී මතවාදයක් දරපු, කාටවත් හිංසාවක් නොවුනු අරගලයක් කරපු එකෙක් නෙමේ
ඒව මේ මෝඩ දායක සභා තෙත් කිරීම පිණිසම ලියපු "පොයි"
තිලීපන් අවුරුදු හතරකට ආසන්න කාලයක් LTTE එකේ ඉදිරිපෙළ සටන්කරුවෙක් හැටියට කටයුතු කළා.
පස්සෙ 1987 මැයි වල වඩමාරච්චි මෙහෙයුම අතරතුරදි උදරයට ෂෙල් වෙඩි කැබලි වැදිල තුවාල ලැබීමත් එක්ක සල්ලං උනු මේ so called අවිහිංසාවාදීය, සටන් පෙරමුණෙන් ඉවත් වෙලා එතෙක් part time කරපු ඊලාම් නිජබිම් ප්රොපගැන්ඩ එක full time කරන්න පටන් ගන්නව.
තිලීපන් කියන්නෙ උතුරු නැගනහිර හිටපු සිංහල ජනතාව වහාම ඒ ප්රදේශ වලින් ඉවත් විය යුතුයි කියන මතයෙ ඉතාම තදින් උන්නු මිනිහෙක්.
1984 LTTE එක සිද්ද කරපු පළමු මායිම් ගම්මාන සංහාර වන,
ඩොලර් ෆාම්
කෙන්ට් ෆාම්
කෝකිලායි ධීවර ගම්මානය
නයාරු ධීවර ගම්මානය
සංහාර වලට තිලීපන්ගෙ දැඩි "ඊළාම් නිජබිම්" ප්රොපගැන්ඩා එක දරුණුවිදියට බලපාන්න ඇති කියල කියන්න පුලුවන්.
වඩමාරච්චි මෙහෙයුමෙන් තුවාල ලබල සල්ලං උනාට පස්සෙ තවදුරටත් ආයුධ වලින් සිංහල සිවිල් වැසියන් මත තමන්ගෙ වෛරය පතුරුවන්න බැරි උනු මේ පාදඩය, මානසිකව ලොකු කඩා වැටීමකට අක් වෙනව.
ඉන් මාස 4කට විතර පස්සෙ තිලීපන්, 1984 සැප්තැම්බර් 12 නල්ලූර් කන්දසාමි කෝවිල අසල ආහාර සහ ජලයෙන් වැලකෙමින් ආරම්භ කරන උපවාසය අවසන් වෙන්නෙ දින් දොළහකට පසු ඔහුගෙ මරණයෙන්.
තිලීපන්ගෙ ගුණ වයපු කවුරුත් කියල නෑනෙ පොර ආයුධ අතෑරල ජීවත් උනේ මාස හතරයි කියල
එහෙම උනොත් හදවත් තෙත් කරන "පොයි" අවුල් යනවනෙ මචං
තිලීපන් කොච්චර දැඩිව උතුරු - නැගනහිර අයිති දමිළ ජනතාවට විතරයි කියන එක විශ්වාස කලාද කිව්වොත් ඔහු ඔහුගෙ මරණය පවා යොදාගත්තෙ තමන්ගෙ ජාතිවාදී මතය ජාතිවාදි නොවන දමිළ ජන සමාජය මත විසුරුවා හරින්න.
අවසානයේ තිලීපන්ගෙ මිනිය, LTTE නායක ප්රභාකරන් යාපනය නගරය පුරාම අරගන ගියා.
මොකටද?
තමන්ගෙ මිනීමරු සංවිධානයෙ ජාතිවාදී මතය උතුරෙ මිනිස්සුන්ගෙ ඔලුවලට දාන්න.
83 යාපනේදි LTTE ප්රහාරෙකින් මැරුනු ශ්රී ලාංකික සෙබලු 13 දෙනාගෙ මෘත දේහ කොළඹට ගෙනාපු එක විවේචනය කරන/කරපු කවුරුත් 87දි තිලීපන්ගෙ මිනිය යාපනේ වීථි පුරා ගෙනිච්ච එක රටේ සාමයට හානියක් කරේ කියන එක ගැන කතා කලේ නෑ.
අන්න ඒකට කියන්නෙ මචං සිලෙක්ටිව් එම්පති සහ ඩබ්ල් ස්ටෑන්ඩඩ්ස් කියල.
තිලීපන්ගෙ මේ උතුර නැගනහිර දමිළ පමණයි කියන දැඩි ජාතිවාදී ප්රොපගැන්ඩාව නිසා, LTTEය 1984 - 2008 කාලය අතරතුර නිරායුධ සිංහල සිවිල් වැසියන් ඉලක්ක කරල සිද්ධ කරපු මායිම් ගම්මාන සංහාර වලින් කීපයක් සහ ඒවායින් මිය ගිය ප්රමාණය මේ තියෙන්නෙ.
කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනය (මුලතිව්) - 1984 - මියගිය සංඛ්යාව: 62
කොකිලායි සහ නයාරු ධීවර ගම්මාන ප්රහාර - 1984 - මියගිය සංඛ්යාව: 11
අනුරාධපුර ශ්රී මහා බෝධි ප්රහාරය - 1985 - මියගිය සංඛ්යාව: 146+
කිතුල්උත්ත බස් ප්රහාරය (හබරණ) - 1987 - මියගිය සංඛ්යාව: 127
අරුන්තලාව භික්ෂූන් වහන්සේලා ඝාතනය (අම්පාර) - 1987 - මියගිය සංඛ්යාව: 33
මහගොඩයාය ගම්මාන ප්රහාරය (බුත්තල) - 1988 - මියගිය සංඛ්යාව: 26
මහඔය ගම්මාන ප්රහාරය - 1989 - මියගිය සංඛ්යාව: 25
දෙනියාය සංහාරය (පොළොන්නරුව) - 1991 - මියගිය සංඛ්යාව: 25
ගෝනගල ගම්මාන ඝාතනය (අම්පාර) - 1999 - මියගිය සංඛ්යාව: 54
කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්රහාරය - 2006 - මියගිය සංඛ්යාව: 64
බුත්තල - යාල බස් ප්රහාරය - 2008 - මියගිය සංඛ්යාව: 27
මේ ම්ලේච්ඡ සමූලඝාතන වලට LTTE එක වැඩි හරියක් පාවිච්ච් ගිනි අවි නෙමේ.
මන්න, පිහි කඩු වගේ කැපෙන ආයුධ.
මොකද තිලීපන්ගෙ තෙල කාල නිරායුධ සිව්ල් වැසියො මරන්න ආපු කොටි දැනන් හිටිය බැරිවෙලාවත් ගිනි අවි පාවිච්ච් කරල ඒ සද්දෙ රජයේ හමුදාවලට ඇහුනොත් ලොඳ යන්න කන්න වෙන විත්තිය.
තිලීපන්ගෙ "අවිහිංසාවාදී" ප්රොපගැන්ඩාව නිසා අගතියට පත් උනේ සිංහල මිනිස්සු විතරක් නෙමේ.
මේ තියෙන්නෙ LTTE එක උතුරු නැගනහිර උන්නු මුස්ලිම් ජනතාවට කරපු අපරාධ!
කත්තන්කුඩි මුස්ලිම් පල්ලි ප්රහාරය (මඩකලපුව) - 1990 අගෝස්තු 3 - මියගිය සංඛ්යාව: 147 (මීරා ජුම්මා සහ හුසේනියා පල්ලිවල සලාතයේ යෙදී සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකරන ලදී)
එරාවූර් මුස්ලිම් ගම්මාන සංහාරය (මඩකලපුව) - 1990 අගෝස්තු 11 - මියගිය සංඛ්යාව: 121 (එරාවූර් හි හුසේනියා නගරය ඇතුළු ප්රදේශ කිහිපයක නිවෙස්වල සිටි සිවිල් වැසියන් ඉලක්ක විය.
පල්ලියගොඩැල්ල ගම්මාන ප්රහාරය (පොළොන්නරුව) - 1992 ඔක්තෝබර් 15 - මියගිය සංඛ්යාව: 109 (පල්ලියගොඩැල්ල, අක්බාරාපුර සහ අහමඩ්පුර යන මුස්ලිම් ගම්මාන ඉලක්ක කරගනිමින් සිදුකරන ලදී)
අලින්චිපොතාන ප්රහාරය (පොළොන්නරුව) - 1992 අප්රේල් 29 - මියගිය සංඛ්යාව: 56
කල්මුණේ සහ අක්කරෙයිපත්තුව ප්රහාර - 1990 ජූලි - මියගිය සංඛ්යාව: 60+
සමන්තුරේ ප්රහාරය (අම්පාර) - 1990 ජූනි 20 - මියගිය සංඛ්යාව: 14
කාතන්කුඩි සහ තම්බිලුවිල් අතර මාර්ගයේදී සිදුවූ ඝාතන - 1990 ජූලි 15 - මියගිය සංඛ්යාව: 168 (කුරුක්කල්මඩම් ප්රදේශයේදී ගමන් කරමින් සිටි මුස්ලිම් වැසියන් පිරිසක් පැහැරගෙන ගොස් සිදුකළ ඝාතනයක් ලෙස වාර්තා වේ)
එච්චරද??
අපෝ......... නෑ.
දෙමළ මිනිස්සුන්ට නිජබිමක් උරුම කරන්න කියල තිලීපන්ල වගේ උන්ගෙ ප්රොපගැන්ඩ වලින් දුවපු ltte එක තමන්ට විරුද්ධ උනු තමන්ගෙම මිනිස්සුන්වත් සෑ.........හෙන නිරපරාදේ මරා දැම්ම.
කෙටියෙන්ම මෙහෙම තේරුම් කරන්නංකො!
අර්වින් ගොබෙල්ස් , ඇඩොල්ප් හිට්ලර්ට වැදගත් වූයේ කෙසේද, ප්රභාකරන්ට තිලීපන් වැදගත් වූයේත් එසේමය.
ඉතින් 2027 අවුරුද්දෙ සැප්තැම්බර්වල ආයම පාරක් උතුරෙ ඉතුරුවෙලා ඉන්න ජාතිවාදීන් සහ දකුණෙ ඉන්න ඊනියා මානවවාදීන්, ලේ පිපාසිත ප්රොපගැන්ඩ කාරයෙක් උනු, තමන්ගෙ මරණයත් තම්න්ගෙ නොවන වර්ගයක මිනිස්සුන්ව සංහාරය කරන්න යොදාගත්ත්තු "තිලීපන්" වගේ ලේ පිපාසිත ගෝතයෙක්ව සමරන්න ගත්තම එයාලගෙන් අහන්න,
ඔයාල ඔය සමරන මා.....ර අවිහිංසාවාදියගෙ, මිනීමරු ප්රොපගැන්ඩ එක නිසා, නිරායුධ, සිංහල මුස්ලිම් දෙමළ කී දාහක් මේ මහ පොළවෙ අවසන් ගමන් ගියාද කියල
යන්නා...................ං