සාමය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    1. වර්ෂ 1984 නොවැම්බර් 30 මුලතිව් හි ඩොලර්ෆාම් , කෙනට්ෆාම් ගම්මාන වටකොට වෙඩි තබා ගම්වැසියන්ගේ අත් පා ගැට ගසා 49 දෙනෙකු මරා දමා ඔවුන් සතු සියලු දේපල පැහැර ගැනීම.​

    2. වර්ෂ 1985 මැයි 14 ශ්‍රී මහා බෝධියට පහර දී , පාසැල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් 150 ක් ඝාතනයකොට 285 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම.​

    3. වර්ෂ 1985 මැයි 14 විල්පත්තුවෙහි සිංහල වැසියන් 18 ක් ඝාතනය කිරීම​

    4. වර්ෂ 1987 අප්‍රේල් 17 හබරණ බස් බෝම්බයෙන් සිවිල් වැසියන් 96 ක් , හමුදා සෙබළුන් 31 ඝාතනයකොට 295 කට තුවාල සිදු කිරීම​

    5. වර්ෂ 1987 ජුනි 02 අරන්තලාවේ හිමිවරු 41 නමක් ලෙයින් තෙත්කොට 31 නමක් හා සිවිල් වැසියන් 4 ක් ඝාතනය කිරීම .​

    6. වර්ෂ 1988 ඔක්තෝබර් 10 මහකෝන්ගස්කඩ ගම්වැසියන් 44 ක් ඝාතනයකොට 17 ක් තුවාලකොට නිවාස 11 ක් ගිනි තැබීම.​

    7. 1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම්පොළ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 110 ක් ඝාතනයකොට 298 කට තුවාල සිදු කිරීම.​

    8. 1985 යාල්දේවී දුම්රියට පහර දී සිවිල් වැසියන් 34 ක් ඝාතනය කිරීම.​

    9. 1990 පැය හතලිස් අටක් ඇතුළත සියලු මුස්ලිම් වැසියන්ට යාපනයෙන් පිටවන ලෙස නියෝග කිරීම​

    10. 1990 අගෝස්තු 03 කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට පහර දී බැතිමතුන් 150 ක් ඝාතනය.​

    11. 1991 මැයි 21 ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය​

    12. 1992 අගෝස්තු 08 ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව , බ්‍රිගේඩියර් විජය විමලරත්න , අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු යුද නාවික බලකණු 10 ක් කයිට්ස් හි අරාලි තුඩුවේදී ඝාතනය කිරීම.​

    13. 1992 නොවැම්බර් 16 නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඇතුළු නාවික නිලධාරීන් 05 ක් ඝාතනය කිරීම.​

    14. 1993 අප්‍රේල් 23 ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ඝාතනය.​

    15. 1993 මැයි 01 ජනපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය​

    16. 1994 ඔක්තෝබර් 24 අමාත්‍ය ගාමිණී දිසානායක ඝාතනය​

    17. 1996 ජනවාරි 01 මහබැංකුවට පහර දීම.​

    18. 1996 ජුනි 11 මඩකලපුව නිරායුධ පොලිස් නිලධාරීන් 600 ක් සහ අම්පාර නිරායුධ පොලිස් නිලධාරීන් 300 ක් ඝාතනය.​

    19. 1998 ජනවාරි 25 දළදා මැදුරට පහර දී සිවිල් වැසියන් 17 ක් ඝාතනය කිරීම.​

    20. 2001 ජූලි 24 කටුනායක ගුවන් තොටුපොළට පහර දීම. ( 8 military aircraft , including K fir jets , 2 MI_17 helicopters , 1 Mig_27 fighter , 3 Chinese K_ 8 trainer aircraft, 6 airbus passenger aircraft )​

    21. 2005 අගෝස්තු 12 විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය.​

    22. 2006 ජුනි 15 කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් සිවිල් වැසියන් 60 ක් ඝාතනය කිරීම.​

    23. 2008 පෙබරවාරි 30 කොටුව දුම්රියපොළ බෝම්බයෙන් සිවිල් වැසියන් 4 ක් හා පාසල් සිසුන් 8 ක් ඝාතනයකොට 100 ක් තුවාල කිරීම.​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,370
    113
    මැදමහනුවර
    7. 1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම්පොළ බෝම්බ ප්‍රහාරයෙන්
    මේකෙදි අපේ උන්ගෙ බඩු කොල්ලකාලා තියෙන්නේ අපේ උන්මයි.

    රංජන් විජේරත්නව මැරුවෙ නැත්තං කොටින්ව ඉවරකරන්නෙ ඌ

    p.s. කෝ බං 96 මුලතිව් කෑම්ප් එකට ගහපු එක?