1. වර්ෂ 1984 නොවැම්බර් 30 මුලතිව් හි ඩොලර්ෆාම් , කෙනට්ෆාම් ගම්මාන වටකොට වෙඩි තබා ගම්වැසියන්ගේ අත් පා ගැට ගසා 49 දෙනෙකු මරා දමා ඔවුන් සතු සියලු දේපල පැහැර ගැනීම.
2. වර්ෂ 1985 මැයි 14 ශ්‍රී මහා බෝධියට පහර දී , පාසැල් දරුවන් ඇතුළු සිවිල් වැසියන් 150 ක් ඝාතනයකොට 285 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම.
3. වර්ෂ 1985 මැයි 14 විල්පත්තුවෙහි සිංහල වැසියන් 18 ක් ඝාතනය කිරීම
4. වර්ෂ 1987 අප්‍රේල් 17 හබරණ බස් බෝම්බයෙන් සිවිල් වැසියන් 96 ක් , හමුදා සෙබළුන් 31 ඝාතනයකොට 295 කට තුවාල සිදු කිරීම
5. වර්ෂ 1987 ජුනි 02 අරන්තලාවේ හිමිවරු 41 නමක් ලෙයින් තෙත්කොට 31 නමක් හා සිවිල් වැසියන් 4 ක් ඝාතනය කිරීම .
6. වර්ෂ 1988 ඔක්තෝබර් 10 මහකෝන්ගස්කඩ ගම්වැසියන් 44 ක් ඝාතනයකොට 17 ක් තුවාලකොට නිවාස 11 ක් ගිනි තැබීම.
7. 1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම්පොළ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 110 ක් ඝාතනයකොට 298 කට තුවාල සිදු කිරීම.
8. 1985 යාල්දේවී දුම්රියට පහර දී සිවිල් වැසියන් 34 ක් ඝාතනය කිරීම.
9. 1990 පැය හතලිස් අටක් ඇතුළත සියලු මුස්ලිම් වැසියන්ට යාපනයෙන් පිටවන ලෙස නියෝග කිරීම
10. 1990 අගෝස්තු 03 කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට පහර දී බැතිමතුන් 150 ක් ඝාතනය.
11. 1991 මැයි 21 ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය
12. 1992 අගෝස්තු 08 ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව , බ්‍රිගේඩියර් විජය විමලරත්න , අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු යුද නාවික බලකණු 10 ක් කයිට්ස් හි අරාලි තුඩුවේදී ඝාතනය කිරීම.
13. 1992 නොවැම්බර් 16 නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඇතුළු නාවික නිලධාරීන් 05 ක් ඝාතනය කිරීම.
14. 1993 අප්‍රේල් 23 ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ඝාතනය.
15. 1993 මැයි 01 ජනපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය
16. 1994 ඔක්තෝබර් 24 අමාත්‍ය ගාමිණී දිසානායක ඝාතනය
17. 1996 ජනවාරි 01 මහබැංකුවට පහර දීම.
18. 1996 ජුනි 11 මඩකලපුව නිරායුධ පොලිස් නිලධාරීන් 600 ක් සහ අම්පාර නිරායුධ පොලිස් නිලධාරීන් 300 ක් ඝාතනය.
19. 1998 ජනවාරි 25 දළදා මැදුරට පහර දී සිවිල් වැසියන් 17 ක් ඝාතනය කිරීම.
20. 2001 ජූලි 24 කටුනායක ගුවන් තොටුපොළට පහර දීම. ( 8 military aircraft , including K fir jets , 2 MI_17 helicopters , 1 Mig_27 fighter , 3 Chinese K_ 8 trainer aircraft, 6 airbus passenger aircraft )
21. 2005 අගෝස්තු 12 විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය.
22. 2006 ජුනි 15 කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් සිවිල් වැසියන් 60 ක් ඝාතනය කිරීම.
23. 2008 පෙබරවාරි 30 කොටුව දුම්රියපොළ බෝම්බයෙන් සිවිල් වැසියන් 4 ක් හා පාසල් සිසුන් 8 ක් ඝාතනයකොට 100 ක් තුවාල කිරීම.