මෙන්න අම්මටයි දුවටයි නිධානයක් පහල වෙලා..😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,949
    48,934
    113
    අද හවස කොටිකාවත්ත දුම් පරීක්ෂා කරන ස්තානයේ තිබෙන HNB ATM එකෙන් අප්පච්චිගෙ Bank card එකෙන් class fees ගෙවන්න සල්ලි අරන් එද්දි මගේ අතින් card එක වැටිලා . එතැන් පටන් මේ කාන්තාවො දෙදෙනා Kotikawaththa Lovers එකෙන් Rs. 7000ක දේවල් හා P&S එකෙන් Rs.2000ක කෑම අරගෙන නැවත Lovers එකෙන් Rs.9000ක බඩු ගන්න try කරල තියෙනවා . අප්පච්චිට massages ගිය නිසා එයා card එක decline කරලා තිබ්බා . නැවත මේ වගේ දේවල් කාන්තාවක් විදියට කරන්න එපා. ඒ card එකෙන් තමන්ගේ වගෙ වියදම් කරන්න තරම් පහත් වෙන්නෙපා . මගේත් වැරද්දක් තිබ්බ card එක පරිස්සම් නොකෙරුව එක , ඒත් අරම තමන්ගෙ වගෙ හැසිරෙන එක මාරම නරකයි. මන් පලවෙනි වතාවට අප්පච්චිගෙන් card එක ඉල්ලන් ඇවිත් සල්ලි දෙන්න හැදුවෙ. ගෑනු ලමයෙක්ම ගෑනු ලමයෙක්ට මෙහෙම කරනවා කියන්නෙ තව මොන කතාද. මට දුක තියෙන්නෙ අප්පච්චි කියලමයි card එක දුන්නෙ "දෝනි සල්ලි වැඩිය නෑ , ඒත් class fees නේ කමක් නෑ "කියලා.මන් කියන්නෙ අනුන්ගෙ දේවල් එහෙම සතුටෙන් තමන්ගෙ වගෙ පාවිච්චි කරන්න එපා. කවදා හරී දරුවන්ට හරි පලදෙයී. 🥲



    840135849_1122534196890892_7767971977160754195_n.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    අනුන්ගෙ කාඩ් එකක් අහුලගත්තම ඒක බැංකුවට හරි පොලීසියට හරි භාරදෙන්න තිබුණා, මෙහෙම තමන්ගෙ වගේ වියදම් කරන එක හරිම කැත වැඩක්. තාත්තයි දුවයි ගැන ඇත්තටම දුකයි, මේකට ඉක්මනට සාධාරණයක් ලැබෙන්න ඕන.