සල්ලිවලට පොලු තියලා

Kiddo7

Active member
  • Jan 31, 2022
    226
    189
    43
    මගේ යාලුවෙක්, ඩුබායි ඉන්න එකෙක්ට රස්සාවක් සොයාදෙන්න කියලා මුදල් දීලා, දැන් ඌ සල්ලිවලට පොලු තියලා. යාලුවෙක්ගේ මාර්ගයෙන් අඳුරගත්ත කෙනෙක් හින්දා මූ අරුගේ ID එකේ ෆොටෝ එකක්වත් අරගෙන නැහැ. දැන් සල්ලි අද දෙන්නම් හෙට දෙන්නම් කියල මග අරිනවා. මූව හොයාගන්න තියෙන එක දේ ඇවිල්ලා සල්ලි දාන්න කියලා සම්පත් බැන්කුවේ එකවුන්ට් නම්බර් එකක් දීලා තියෙනවා. යාළුවා ඒකට සල්ලි දාලා තියෙන්නේ. මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද? පොලීසි ගිහින් වැඩක් වේවිද?