බොලිවුඩ් ජනප්රිය නළු ටයිගර් ෂ්රොෆ් ගමන් ගත් මෝටර් රථයට ඊයේ (18) සවස මුම්බායි හි ජුහු ප්රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබා තිබෙනවා.
පාපන්දු ක්රීඩා කර එම ස්ථානයෙන් පිටත්ව යමින් සිටියදී පුෂ්පා නර්සි උද්යානය අසලදී තුවක්කුකරුවන් ඔහුගේ රථයට වෙඩි ප්රහාරයක් එල්ල කර පලාගොස් ඇති බවයි ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ.
වෙඩි ප්රහාරයෙන් ටයිගර් ෂ්රොෆ්ට කිසිදු හානියක් සිදුවී නැහැ. නමුත් ඔහුගේ රියැදුරු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ප්රහාරය එල්ල කළ සැකකරුවන් සොයා මුම්බායි පොලිසිය විශේෂ කණ්ඩායම් 15ක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ලෝරන්ස් බිෂ්නෝයි පාතාල කල්ලිය ප්රහාරයේ වගකීම භාරගත් බවට වාර්තා වුවද පොලිසිය තවමත් එය තහවුරු කර නැහැ.
මේ අතර මහාරාෂ්ඨ නියෝජ්ය ප්රධාන අමාත්ය ඒක්නාත් ෂින්ඩේ ඊයේ රාත්රියේ ටයිගර් ෂ්රොෆ්ගේ නිවසට ගොස් පවුලේ අය හමුවී, රජයෙන් පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවට සහතික වී තිබෙනවා.
වීඩියෝව