“ආදරණීය නාමල්, දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු..!” හිටපු ජනපති මහින්ද, නාමල්ට ලියයි. 😭😢

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,215
    2
    5,644
    113


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සිය පුතු වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ අමතා ලිපියක් ලියා තිබේ.
    එම ලිපිය අපි පහත උපුටා දක්වමු.
    ආදරණීය නාමල්!
    ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
    මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
    දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
    මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.
    මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
    ඔබට තෙරුවන් සරණයි!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,751
    7,817
    113
    ඔරකන් කරද්දි හිතන්න නැතුව ඇති ජෙප්පොන්ට ආන්ඩුවක් හම්බෙයි කියල ඒකනෙ...
     
    • Like
    Reactions: alian25

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,549
    21,279
    113
    හස්තිශෛලපුර
    පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.

    images
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    401
    580
    93
    බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නෙ බලු මැක්කො එක්ක කියනවනෙ. මහින්දටයි රනිල්ටයි දෙන්නටම වෙලා තියෙන්නෙ ඒක. චන්ද්‍රිකා දේශපාලනේ නැති නිසා බේරිලා ඉන්නව.
     
    • Like
    Reactions: SK29

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,264
    24,141
    113
    ඔය නවලෝකෙ lobby එකේ ඔක්කොම විධායක ජනාධිපතිලගෙ ෆොටෝ පේලියට ගහල තියෙනව. අනුර කුමාරගෙ එක එවිතරක් ගහල නෑ.
     
    • Like
    Reactions: Z e u s

    planner123

    Well-known member
  • May 22, 2018
    9,719
    16,662
    113
    ඔය නවලෝකෙ lobby එකේ ඔක්කොම විධායක ජනාධිපතිලගෙ ෆොටෝ පේලියට ගහල තියෙනව. අනුර කුමාරගෙ එක එවිතරක් ගහල නෑ.
    First count ekenma more than 50 percent gaththa ayage witharai gahala aththe.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,121
    17,323
    113
    අඩෝ නාකි මයිනට ගොඩක් දුක හිතිල වගේ. දුකට ඉක්මනට මැරෙයිද? 😍