දැන් ෆිල්ම් ටීවි සීරිස් බලන්න කම්මැලි බන්

Paws

Active member
  • Sep 26, 2026
    121
    159
    43
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,634
    3,938
    113
    43
    Wakanda
    නාකි වෙනකොට එහෙමයි මටත් ඕක තියෙනව. PC එකේ Games 3ක් විතර තියෙනව play කරන්න කම්මැලී. ඉස්සර මැරීගෙන නොකා නොබී games ගැහුවෙ. ඉස්සර හිතුව ජොබක් කරල හොඳ pc එකක් හදල games ගහනව කියල දැන් pc එක තියෙනව games ගහන්න කම්මැලී.
    ඕක මට දෙන්න
     
    • Haha
    Reactions: Psiko

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,291
    828
    113
    ada welawa thiwilath game ekak play kare naa ban. mole wenas wela.
    anika dan hadana tv series movies hadanne focus ekak nathuwa balanna puluwan wenna phones scroll karana gaman.
    issara tharam kohomath honda naa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,432
    12,707
    113
    Piliyandala
    චීප් ඩොපමින් තමා, එක දිගට බලන් ඉන්න පුරුදු කරලා නෑ තප්පර 10න් වෙන ටොපික්ස් ඉල්ලනව මොලේ ඇඩික්ට් කරලා තියෙන්නේ ඔක්කොටම.

    ඒ තියා යූටියුබ් වීඩියෝ වත් බලන්නේ නෑ..

    ෆොකස් බැහැල තියෙන්නෙ... reels බැලිල්ල නවත්තල දැන්මම නෝමල් වෙයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,350
    113
    චිත්‍රපටි බැලිල්ල සහ පොත් කියවීම වයසට යද්දි එපා වෙනව. ඕකට හේතුව වෙලාවක් අවේලාවක් නැතුව එකපාර බලන්න පටන් ගන්න එක.

    රූටීන් එකක් විදිහට කරන්න අදාල වෙලාවට. මම සෙනසුරාදා පාන්දර ෆිල්ම් එකකින් පටන් ගන්න පුරුදු වෙලා ඉන්නෙ. ගොඩක් වෙලාවට පරණ ක්ලැසික් එකක්. ෆිල්ම් එක ඉවර වෙද්දි ගෙදර අය නැගිටින වෙලාව. දවල් වරුවෙ තව එකක් බලනව. රෑට තව ෆිල්ම් එකක් හෝ ටිවී. අතර මැද කියවීම. වයිෆ් සෙනසුරාද මට දීල තියෙන්නෙ, ගෙදර වැඩ ලොකුවට පටවන්නෑ. ඒව ඉරිදට.

    ආපහු සතිය මැද්දෙ දවසක් සහ සිකුරාදා රෑට බලනව. මේ අනිවාර්‍ය දවස්. ඒ අතර මැද බැලෙනව නම් බෝනස්. වයිෆ් එක්ක බලන සීරිස් එකක් තියාගන්නව.

    හැමදාම අදාල රීඩින් ටික සම්පූර්ණ කරන්න ඕනෙ, ඒකට ඕෆ් ඩේ නෑ.

    මේව චාරිත්‍ර වගේ කරන්න හිත හදාගෙන ඉන්නෙ. නැත්තන් අත ඇරෙනව.