[Free] Starlink Rental Kit පොදු ප්‍රශ්න

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    3,071
    3,231
    113
    Birmingham
    ngjyBFl.png


    Starlink Rental Kit එක ගැන හැමදෙනාටම ආපු පොදු ප්‍රශ්න ටික අහලා දාපු support ticket එකට call කරලම විස්තර කරල දුන්නා තිබ්බ ප්‍රශ්න වලට.

    1. Starlink Mini එකට Rental එක ගන්න පුලුවන්ද?

    පිළිතුර: බෑ, මේක ගන්න පුළුවන් Standard Kit එකට විතරයි. ඒකත් Starlink site එකෙන් ගන්න ඕනෙ.

    2. Starlink Kit එක ලැබුණට පස්සේ කොච්චර කාලෙකින් සර්විස් එක Activate කරගන්න ඕනෙද?

    පිළිතුර: Starlink Kit එක අතට ලැබිලා දවස් 7ක් ඇතුළත Activate කරගන්න ඕනේ. එහෙම නොකළොත්, 7 වෙනි දවසේ ඉඳන් ඉබේම මාසික බිල් එක වැටෙන්න පටන් ගන්නවා.

    3. මේක අවම මාස 12ක කාලයක් පාවිච්චි කරන්නම ඕනෙද? එපා වුණොත් කොහොමද ආපහු භාර දෙන්නේ?

    පිළිතුර: සර්විස් එක Cancel කරන්න කලින් මෙච්චර කාලයක් පාවිච්චි කරන්නම ඕනේ කියලා නීතියක් නෑ. හැබැයි Cancel කළාට පස්සේ, සර්විස් එක ඉවර වෙන දවසේ ඉඳන් දවස් 30ක් ඇතුළත රෙන්ට් එකට ගත්ත Starlink Kit එක ආපහු භාර දෙන්න ඕනේ. නැත්නම් Kit එකේ සම්පූර්ණ වටිනාකම අය කරනවා. ඒ වගේම, සර්විස් එක පටන් ගන්නත් කලින් මේක එපා කියලා හිතුණොත්, Starlink Kit එක ලැබිලා දවස් 7ක් ඇතුළත කිසිම හානියක් නැතුව ආපහු භාර දෙන්න පුළුවන්.

    4. සර්විස් එක Cancel කරන්නේ සහ Starlink Kit එක ආපහු යවන්නේ කොහොමද?

    පිළිතුර: ඔයාගේ starlink.com account එකට ලොග් වෙලා ලේසියෙන්ම Cancel කරන්න පුළුවන්. එතකොට සර්විස් එක නවතින දවසයි, Starlink Kit එක ආපහු යවන විදිහයි, return label එකකුයි දාලා ඔයාට email එකක් එයි. ඒ සඳහන් කරලා තියෙන අවසන් දවසේ ඉඳන් දවස් 30ක් ඇතුළත අදාළ කුරියර් ආයතනයට (carrier) Starlink Kit එක භාර දෙන්න ඕනේ.

    5. මාස 12ක් එක දිගට පාවිච්චි කළාම මේ Starlink Kit එක අපිටම අයිති වෙනවද?

    පිළිතුර: නෑ. මාස 12ක් රෙන්ට් එකට පාවිච්චි කළා කියලා Standard Kit එකේ අයිතිය ඔයාට ලැබෙන්නේ නෑ. ඒ වගේම එතකල් රෙන්ට් එක විදිහට ගෙවපු සල්ලි Kit එකේ මිලෙන් අඩු වෙන්නෙත් නෑ.

    6. එහෙමනම් මේ Starlink Kit එක සම්පූර්ණයෙන්ම මගේ කරගන්න (Buyout කරන්න) පුළුවන් කොහොමද? ඒකට කීයක් යනවද?
    පිළිතුර: Starlink Kit එක ඔයාගෙම කරගන්න නම්, ඒකේ සම්පූර්ණ වටිනාකම (replacement cost) ගෙවලා buyout කරන්න ඕනේ. සල්ලි කැපෙන්න කලින් ඒ ගාණ කීයද කියලා ඔයාගේ account එකෙන් පෙන්නලා ඔයාගෙන් confirm කරගන්නවා. මේකට නිශ්චිත ස්ථිර ගාණක් ප්‍රකාශයට පත් කරලා නැති නිසා හරියටම කීයද කියලා කලින් කියන්න බෑ.

    7. මාස 12කට පස්සේ මේකේ අයිතිය තහවුරු කරන ලියවිල්ලක් (Ownership letter) ලැබෙනවද?

    පිළිතුර: අයිතිය ඉබේම පැවරෙන්නේ නැති නිසා, මාස 12කට පස්සේ එහෙම ලියවිල්ලක් ලැබෙන්නේ නෑ. ඔයා සම්පූර්ණ ගාණ ගෙවලා buyout කළාට පස්සෙයි නීත්‍යානුකූලව ඒකේ අයිතිකාරයා වෙන්නේ.

    8. පස්සේ දවසක Residential Lite පැකේජ් එකට මාරු වෙන්න පුළුවන්ද?

    පිළිතුර: බැහැ, Starlink Rental scheme එක යටතේ ගත්තු Kit එක හරහා Resedential Lite භාවිතා කිරීමට හැකියාවක් නෑ. එසේ භාවිතා කරන්න අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම Kit එක buyout කරන්න වෙනවා.

    සාරංශය:

    Delivery එකෙන් පස්සෙ දවස් 7ක් ඇතුලත active කරගන්න ඕනේ. අවම මාස 12ක්ම පාවිච්චි කරන්න ඕනේ නෑ, මාසයක් දෙකක් උනත් පාවිච්චි කරලා cancel කරන්න පුළුවන්. එහෙම cancel කරලා දවස් 30ක් ඇතුලත පියවර අංක තුනේ තියෙන විදිහට කටයුතු කරන්න ඕනේ. මාස 12න් පස්සෙ Kit එක අයිති වෙන්නේ නෑ. අයිතිය ඕනේ නම් buyout කරන්නම ඕනේ. එහෙමත් නැත්තම් cancel කරලා Kit එක නොයවා හිටියොත් account එකට Kit එකේ වටිනාකමක් add වෙනවා. Kit එක buyout නොකර Residential Lite එකට මාරු වෙන්න බෑ.

    Ticket එක open කරනකොට Phone call is most preffered කියලා දැම්මොත් ඔයාට Phone call එකකින්ම contact කරගන්න පුලුවන්. හැබැයි කතා කරේ USA Customer Service එකෙන්.

    Disclaimer: මෙහි සඳහන් සියළු කරුණු Starlink Support - US සමඟ support ticket අංක TIK-DF-13161282-21907-72ට අදාලව පැවති දුරකතන සංවාදයේදී Starlink Customer Support team එක විසින් ප්‍රකාශ කරන ලද දෑ මත පදනම්ව පිළියෙල කරන ලදී.

    Source:
    Code:
    https://www.facebook.com/share/p/1VADQQH9D9/
     
    • Like
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,071
    3,231
    113
    Birmingham
    Aiyoo eka call Ekai Shen aiyat dipan
    mun wate yanawane agent kenek mehe iddi

    TeHkJOj.png

    ඇත්තටම සමාවෙන්න :( ඒජන්ත මහත්තයව අමතක උනා.

    යුනිට් එක අපේලු.. :yes: මට විස්වාස Customer care එක නෙමේ. අපේ ඒජන්ත මහත්තයාව.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,719
    21,482
    113
    හස්තිශෛලපුර
    සර්විස් එක Cancel කරන්නේ සහ Starlink Kit එක ආපහු යවන්නේ කොහොමද?


    rilaw penala kit eka kadala giyot mokada wenne? starlink ewun kiwot parana kit ekata salli gewanna kiyala, salli nogewa hitiyot mokada wenne?
     
    • Wow
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,045
    4,065
    113
    18
    Bohitiya
    සර්විස් එක Cancel කරන්නේ සහ Starlink Kit එක ආපහු යවන්නේ කොහොමද?


    rilaw penala kit eka kadala giyot mokada wenne? starlink ewun kiwot parana kit ekata salli gewanna kiyala, salli nogewa hitiyot mokada wenne?

    ehema case ekak na ban api laga oya dialog routers ,satellite connections kochchara thiyenawada ewath apita aithi na. owa un aye gan na.

    use karaddi dish eka nathi unot aluth ekak dei, upgrade ekak awoth replace karanna puluwan.

    starlink kit eka ewanne local agent kenek, return karanna onima unoth un shipping lable eka ewanawa. courier ekath lagatama ewai.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,472
    12,998
    113
    38
    ehema case ekak na ban api laga oya dialog routers ,satellite connections kochchara thiyenawada ewath apita aithi na. owa un aye gan na.

    use karaddi dish eka nathi unot aluth ekak dei, upgrade ekak awoth replace karanna puluwan.

    starlink kit eka ewanne local agent kenek, return karanna onima unoth un shipping lable eka ewanawa. courier ekath lagatama ewai.
    Dialog උන් දුන්නත් පිටරට උන් එහෙම දෙන එකක් නැහැ පිටරට හැමදේම ලංකාවේ වගේ නෑ උන් නීතියට පිටින් වැඩ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,045
    4,065
    113
    18
    Bohitiya
    Dialog උන් දුන්නත් පිටරට උන් එහෙම දෙන එකක් නැහැ පිටරට හැමදේම ලංකාවේ වගේ නෑ උන් නීතියට පිටින් වැඩ නෑ

    pita rata koheda yaku starlink sri lanka eken owa handle karanne. uba hithuwada device eka aye US walata yawanawa kiyala.

    dialog ekath local company ekak newe.
     
    • Haha
    Reactions: SomiBoyz and DASH88

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,045
    4,065
    113
    18
    Bohitiya
    dannawa wage kollonta boru widinne nathuwa pala ponnyo yanna :ROFLMAO:

    Starlink Lanka (Private) Limited (Company No. PV00263249) is the licensed satellite broadband provider operating Starlink in Sri Lanka, authorized by the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) under Licence No. LM/TS/001/2024
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,148
    1,586
    113
    සේන් අයියා නේද ලංකාවේ එජයන්ත, එයා කියන දෙයක් තමයි ඉතින්.
    එයා කියනවා නම් මාස 12 ට පස්සේ අපිට අයිති වෙනවා කියලා එච්චර තමයි.
    කස්ටමර් කෙයා එකේ ඉන්න කෙල්ලොත් පදිරි අපේ සේන් අයියට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,670
    69,316
    113
    mqdefault.jpg



    Starlink kit ekath ekka unge return address eka sticker ekak ewanawa. eka alawala return karanna thiyenne.
    ------ Post added on Nov 20, 2026 at 4:01 PM
    owalankawe wenawanan bariye. :baffled: after 12 months godak unge unit malakada kala,card change karalath athi
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,729
    10,934
    113
    Galaha
    owalankawe wenawanan bariye. :baffled: after 12 months godak unge unit malakada kala,card change karalath athi
    okata power eka godak yanawa signal adinna. light bilath wadiwenawa. onna karanawanam uba wadak thiyenawa. owata podi power pack ekak sola wlin gahala social media wala promore karanam me dawaswala hoda sale kekak karanna tibba.
     
    • Like
    Reactions: weere_singhe