ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධකම් නිසා එකිනෙකා ගැන විශ්වාසයක් ඇති වෙනවා කියලත් කියනවා, ඉස්කෝලේ කියන්නේ කෙනෙක්ගේ අධ්‍යාපනයයි හැදියාවයි පෙන්නන දෙයක් කියලා සමහර දෙමව්පියන් හිතාගෙන ඉන්නවා. හැබැයි අද කාලේ සමහරක් තරුණ අය බලන්නේ රස්සාව, ආදායම, පුද්ගලයාගේ චරිතය සහා ගතිගුණ දිහා. බොහොමයක් ආදර විවාහවලදී මේ දේ සැලකිල්ලට අරන් තියෙනවා. ප්‍රසිද්ධ පාසැල්වලට නොගිය අය අතරත් ජීවිතේ ජය ගත්තු අය ඕනෑ තරම් ඉන්න නිසා අද කාලේ ඉන්න නූතන යුගයේ දෙමාපියනුත් පාසැලේ නම වැදගත් නැහැ කියන කරුණ දැන් පිළිගන්නවා.
Last edited:
