හදවත රත්තරන් ජෝති!
අද, බොහොම සුවිශේෂී දවසක්. ඔව්! 7 වැනි මාසයේ 7 වැනිදා! ඒ විතරද? අද, අපේ රටේ එතෙක් මෙතෙක් බිහි වුණු ගායකයන් අතර අසහායම, සොඳුරුතම ගායකයාගේ ඒ කියන්නේ මම, ඔබ හොඳින් ම දන්න එච්.ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මණය.
1987-07-07 වැනිදා එච්.ආර් ජෝතිපාල නම් සොඳුරු ගායකයා ඔහුට ළබැඳි ශ්රී ලාංකේය ජෝතිමත් රසික හදවත් අතර සදාකාලික කඳුළකුත්, කිසිදා බිඳ දමන්නට නොහැකි ගී සෑයකුත් ගොඬ නඟලා භෞතිකව නික්ම ගිහින් වසර 26ක් ගත වෙලා. අදටත් බොහෝ දෙනෙක් කියන කියමනක් තිබෙනවා.
"ජෝති මැරුණෙ නෑ"