කරුමෙ බං.. මං බොසාගෙ යාලුවෙක් හම්බවෙන්න ගියා.. සල්ලි වගයක් අරන් එන්න.. ඒ එන ගමන් කෑම එකක් ගන්න කොන්ක්‍රීට් පාරකට රිවස් එක ගැහුවා.. කඩේ පහුවෙච්චි නිසා.. මහා කාණුවක ගියා බං වාහනේ.. ගත්තා කොහොම හරි.. ඒත් බං පල්ල තැලිලා..

මම පට්ටටෙ බය වුණා බං.. මඤ්ඤං වෙලා හිටියෙ තනිකරම.. ඒත් බොසා නම් වචනයක් කිව්වෙ නෑ.. පොර කිව්වා අවුලක් නෑ කියලා.. ඒත් බං කෝටි ගාණක වාහනයක්නේ.. මගේ වැරැද්දත් එක්ක.. බොසා මට මොකුත් කියන්නෑ.. ඒත් මගේ හිතට හරි නෑ බං.. මොනා හරි හුයන්නක් කරන්නම වෙනවා..