මටනම් කෙල්ලෙක්ට ලව් කරලා තාම අද්දැකීමක් නෑ ඒක නිසා මටනම් ඔය බූට් වල තියන රහ දැනිලා නෑ.. එක වෙලාවකට ඒ කිව්වේ ඉඳලා හිටලා හිතෙනවා කෙල්ලෙක් ඉන්න එක හොඳයි කියලා ඒත් ගොඩාක් වෙලාවට හිතෙනවා නැති එක හොඳයි කියලා..
එල එල ගෙදර ඉන්නත් එපැයි. වැඩිය නිදි නොමරන එකනම් හොඳයි අෆ්ෆා.. අනිවා පැය හයක්වත් නිදන්න ඕනා..බිස්නස් ටික ගොඩනම් එච්චරයි.. කොහොම හරි අර තියනවයි කිව්ව නය ටික ගෙවලා ඔලුව නිදහස් කර ගන්න..
මම මේ දවස් වල ගරජ් එකක වැඩ කරනවා. ඒ කිව්වේ වැඩ පුරුදු වෙනවා. දැන් මාස කිහිපයක් වෙනවා. පඩිනම් මුකුත් නෑ.. ඒ වුනාට සල්ලි වලට වඩා සෑහෙන්න දෙයක් මම එතනින් ඉගෙන ගන්නවා.. ජර්මන් ටෙක් එකට යන එක තමා බලාපොරොත්තුව.. තව ඩිප්ලෝමාවක් කරනවා වීක් එන්ඩ් එකේ ඕවා තමා මගේ විස්තර
