තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා..
ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී..
පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ