මුලින්ම ඔයාව දැක්කාම කොහෙදෝ තියෙන ලෙන්ගතුකමකින් හද වෙලා ගත්තා. දැනුනේ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් ගානටයි. ඒත් අපිටවත් නොදැනි අපි ලංවුන හැටි, හොද යාලුවො වුන හැටි, ආදරේ කරපු හැටි අද මට විතරමයි මතක. ඒ හැමදේම අතීතයට එක්කරලා කිසිම දෙයක් මතක නැති හැටියට ඔයා දුරස්වෙලා ඉන්න විදිහෙන්ම මේවට සාක්ෂි දෙනවා. ඔයාට කියව ගන්න බැරිවුන මේ හද දැන් බොඳවේගන යනවා. ජීවිතය නිසොල්මන්ව ගමන් කරන හැටියට මට මං ගැනම දැන් දුක හිතෙනවා. ඒ මොන දේ වුනත් ඔයාට තියන ආදරේ නම් දවසින් දවස දළුලනවා අඩුවක් නම් වෙන්නේ නෑ එක මොහොතකටවත්. හද ගැහෙන වාරයක් වාරයක් ගානේ ඔයා විතරයි මතකෙට එන්නේ. ඒ හැම මොහොතකටම ඔයාගේ වචන සවන්පත් දෙවනත් කරනවා. කොච්චර දුරස් වෙන්න අමතක කරන්න හිතුවත් මගේ මතකයේ ඔයා ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ කළුවර යාමයේ තනිකම සීතලෙන් ගුලි කරන් නෙතු පියන්නට මා පොර බඳිනවා. අනේ ඒත් මේ අකීකරු දෑස නිදිවරාන ඔයාව දකින්න පොර බදිනවා. ඔයා අයෙත් එන්නේ නෑ කියලා හිතුවත් කිවුවත් මේ හිත, දෑස් පිළිගන්නේ නෑ. දකින්න හිතන්න පතන්නේ ඔයා ගැනම විතරයි.