මගෙත් පරිගනකයට පොඩි ප්රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. ඒ අතින් උඹේ පිටකොන්දක් තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඒකට ගරු කරනවා. ලොකුම දේ තමයි මචන් ජ්‍යොතිෂ කියන විශය හා බුදු දහම කියන දෙකම අථක්කාවචර විශයන් දෙකක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම බුදු දහම හා ජ්‍යොතිෂ සම්පූර්නයෙන් වෙනස් විශයන් දෙකක්. දෙකේම කර්මය ගැන කථා කරන එක නිසා මේ දෙක ගොඩ දෙනා එකට සංයෝග කරන්න හදනවා. නමුත් ඒකත් හරියට බුදුදහම විද්‍යාව තුලින් ඔප්පු කරන්න යනවා වගේ වැඩක්. මම දන්න තරමින් හා මම කියවලා තියන පොතපතේ හැටියට හේතුවාදය කියන්නේ මේ දෙකටම වඩා වෙනස් මේ දෙකත් එක්කම එකඟ නොවන වෙනමම තර්කනයක්. ගොඩ දෙනාට වෙලා තියන්නේ පොරත්වය සඳහා තමා හේතුවාදියෙක් කියලා ප්‍රකාෂ කලාට බෞද්ධයෙක් නෙමෙයි කියන්න කොන්ද පන නෑ. ඒ නිසා හේතු වාදි බෞද්ධ කියලා කියනවා. හරියට මම කතෝලික බෞද්ධයෙක් කියලා කියන්නා වගේ. මම දන්න නියම හේතුවාදින් නම් කියන්නේ ඔවුන් මේ ලොව ඇති කිසිම ආගමක් පිලිගන්නේ නෑ කියලා කොටින්ම බුදු දහමවත්. ඒකට හේතුව බුදු දහමේ මූලික සංකල්පය වන නිවන ඔවුන් පිලි නොගැනීම.



