2044 නොවැම්බර් 24 දින රාත්‍රී අටට විකාශනය වූ රූපවාහිනී පුවත්
තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කළ වීරෝදාර ජන නායකයාගේ මුනුබුරු ජනාධිපති නෙතුෂ රාජපක්ෂ මැතිදුන්ගේ 28 වන ජන්ම දිනය උදෙසා ලක් වාසීන්ගේ හරසර..
අද දින කොළඹ නගරයට නොකඩවා විදුලිය..
නොරොච්චෝලෛ බලාගාරය වැසුවේ විපක්ෂයයි.. සූර්යකෝෂ මාෆියාවත් හවුල්.. ජනපතිගෙන් විශේෂ හෙළිදරවුවක්..පෙට්‍රල් ඉවර වුණාට අපගේ අධ්‍යාත්මික බලය ඉවර වන්නේ නෑ..
බුදු දහමට නිගා කරන ඇමෙරිකානු ස්නායුශල්‍ය පර්යේෂණ ලංකාවේ පල කරන්න දෙන්න එපා.. මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..
ප්‍රසිද්ධ ස්ථානයක කිවිසුම් ඇරිය විසි දෙහැවිරිදි දැරියට කසපහර දෙසිය විස්සක්.. වීඩියෝ දර්ශන ප්රවෘත්ති විකාශයෙන් අනතුරුව..
දැන් විදෙස් පුවත් :සඳ මත පිහිටවූ ඉන්දියානු ජනාවාසයේ පළමු දරු ප්‍රසූතිය අසාර්ථකයි.. දරුවා මිය ගියේ රාහු හුජ්ජ වීමෙන්..
ප්‍රවීණ ජෝතිෂඥ උපුල් සිරිපාල මහතාගෙන් විග්‍රහයක්..චීනයේ නවතම බෝසෝන බලාගාරය බෙයිජින්ග් හි බෞද්ධ විහාරයක් අසල ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විරෝධය..
විරෝධය නොතකා බලාගාරය ඉදි වෙයි..ඇමෙරිකානු ජනගහනයෙන් 20%ක් දුකෙන්.. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි..