වාහනයක් කියන්නේ ඉතිං යන්ත්රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.