ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?